සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
සිරිල් සහ ලලිතා බොහොම අවoක ආගමට දහමට ලැදි යුවලක්. ඔවුන්ට පුoචි දුවෙක් සහ දගකාර පුoචි පුතෙක් හිටියා. පුoචි දුවට ආදරේට කිව්වේ සුදු හාමිනේ කියලා. පුතුට කිව්වේ සුදු මහත්තයා කියලා. තමන්ට පුළුවන් වෙරවීරිය යොදලා තම දරු දෙන්නාට හොද අද්‍යාපනයක් ලබා දෙන්න මේ යුවල බොහෝ උත්සහ ගත්තා. ඒ උත්සහය මල්ඵල ගන්වමින් දරු දෙදෙනාම බොහෝ ඉහළට ගියා. කාළය වේගයෙන් ගෙවි ගියා. පුoචි දුව දැන් හැඩකාර තරුණියක්.ඒත් අම්මාටයි තාත්තටයි නම් තාමත් ඇය සුදු හාමිනේ. කළ වයසත් හරිගිය නිසා බොහොම හොද පවුලකන් පුතෙකු බලා ඇය විවහ කර දීමට දෙමාපියො කටයුතු කරා. බොහොම ඉහළින් විවහා උත්සවයත් ගත්තා. අවුරුදු විසි පහක් පුරා ආදරයෙන් ඇහේ තියන් හදපු සුදු හාමිනේ දීග යන දිනයේ අම්මටයි තාත්තටයි නම් ලොකූ සතුටක් මෙන්ම ලොකූ දුකකුත් තිබුනා. මොනවා කරන්නද දුවෙක් හැදුවානම් ඒ දුව වෙන ගෙදරකට යනවා බලන් ඉන්නම ඕනේ.
ඒ යාතාර්තයත් සමගින් අමාරුවෙන් උනත් ඔවුන් හිත හදාගත්තා. දැන් ඔවුන්ගේ නිවසේ තුන් දෙනයි. සුදු හාමිනේ නැති අඩුව කාටත් හොද හැටි දැනුනා. කාළය ගෙවෙද්දි සුදු මහත්තයාගෙත් දීග වයස එල්ඹුනා. ලේලියක් කැන්දන් ආ විට සුදු හාමිනේ නැති අඩුවත් ටිකක් හෝ නැති වෙයි සිත් චේතනාවෙන් අම්මා තාත්තා හොද තැන් කිහිපයකින්ම දූ වරුන් බලා පුතු කැමති කෙනෙක්ම සමගින් ඔහුගේඑ විවහා උත්සවයද මහා ඉහළින් ගත්තා. ටික කාළෙකින් සුදු නෝනටයි සුදු මහත්තයාටයි දරුවනුත් ලැබුනා.ඔවුන් ඔවුන්ගේ පවුල් වල තනිවුණා.ඒ අතරේ සුදු මහත්තයාට ප්‍ර0ශයට යාමට අවස්තාවක් ලැබී බිරියත් දරුවනුත් සමගින් විදෙස් ගත් වුණා. දැන් මේ අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ. සුදු හාමිනෙත් එයාගේ කැදැල්ලේ. අසරණ අම්මා තාත්තා බලලා යන්නවත් වෙලාවක් නෑ ඔවුන්ට. දැන් සිරිල් ලලිතාත් බොහොම දුර්වලයි. වයසයි. අතේ වරුවක් නැතිව එහෙ මෙහෙ ඇවිදින්නෙත් සිරිල් බොහොම අමාරුවෙන්. මේ අහින්සක අම්මාට තමන්ගේ දරුවෝ දෙන්නා බොහොම මතක් වෙනවා. ඒත් ඔවුන් ඔවුන්ගේ වැඩ වල. මොනවා කරන්නද හූල්ලමින් ඈ දවස ගෙවනවා. දරුවන්ගේ තාත්තා ඉස්තෝප්පුවේ පුටුවක් තියන් පාර දිහා බලන් ඉන්නවා. හරියට නිකන් දරුවෝ දැන් එයි යැයි සිතමින් වගේ. ඒ දුටු විට අම්මාට තවත් දුකයි. මොනව කරන්නද මගේ මහත්තයෝ ඇය ඇයටම කියාගන්නවා. දෑස් පෙගි යන කදුලු බිදු ඈ කාටත් හොරා සාරි පොටෙන් පිස දා ගන්නවා.
ඇය කාමරයට ගොස් අල්මාරියේ පිළිවෙලින් අසුරා ඇති දරුවන්ගේ ඇදුම් වල සුවද බලනවා. ඇය මනසින් දරුවොත් සමග. ඇදුම් වල සුවදින් ඇය දරුවෝ එක්ක හිතෙන් සතුට වෙනවා.
ඒත් මේ අසරණ සිත දන්නවා දැන් ඇගෙත් ඇගේ මහත්තයාගෙත් අවසන් කාළේ ලග බව. ඇයට ඇති එකම බයනම් මියයන්නට කළින් දරුවන් දැක ගන්නට නොළැඹුනොත් කියායි.
ඇය මියයන්න බිය නෑ. ඒත් මියයාමට පෙර දරුවන් දැකීමට ඇය සිහින මවනවා.
වේ වැලුත් කැඩි ගිය පුන්චි පුටුවකට වී කොනදත් වක ගාසා ගෙන දෑස් කදුලින් පුරෝගෙන් ඇය සිතෙන් තමන්ටම මෙසේ මුමුණනවා...
"මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී
ලේකිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී."
සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ
උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන
කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන
දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී
මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී
ලේකිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී.
විශාරද නන්දා මාලිනි මහත්මිය විසින් ගායන කරන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචිත ගීතය ඇසුරිනි..
0 comments:
Post a Comment