ණය නැති පුතෙක්
මව්බිම වෙනුවෙනුයි ලේ වැගුරවමින්මව්බිම අම්මා ලෙසම සළකමින්
දහඩිය ලේ බිදු සමග මුසු වෙමින්
සැලුවෙමි මගේ මව දිවි කොට රකිමින්
මහ වැසි පෑයීලි මට නෑ කම්පා
අවුරුදු උත්සව මට නෑ සොමිපා
රස කර පිසු බත මට නෑ පෙමිපා
මට ඇති එක දෙය ලක්මව පණපා
මතකයි කිරිකැටි මුහුණ මගේ පුතු
දැන් ඇවිදිනවලු මගෙ පුන්චි පුතු
දකින්න ආසයි සුරතල් පොඩි පුතු
මතකද තාත්තා සුරතල් මගේ පුතු
මගේ පණ තමයි ලක්මව සිරි ලන්කා
රකිනෙමි ඔබව මගේ පණ සේ ලන්කා
ළය හරහායි ගියේ උණ්ඩය මගේ ලන්කා
ඔබේ තුරුලටම එන්නම් මම මයේ ලන්කා
වා තලයට මුසු කරනෙමි හුස්ම පොද
රැකගනු මැන මා පොඩි පුතු ලෙසින හද
යන්නෙමි මෙලස හැරදාලා සැවොම අද
ලක්මෑණියනි අවසර මට යන්න අද
0 comments:
Post a Comment