Must Read

Monday, April 11, 2016

ජාතික කොඩිය - Sri Lanka National Flag

මේ ලිපිය ලියන්න අදහස් කළේ ඇත්තටම ජාතික කොඩිය පිළිබද අපි කොතෙක් දුරට දන්නවා වුවත් නොදන්නා කරුණු රැසක් ඇති පොත් පිංචයක් හමුවූ නිසා.ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සකස් කර ඇති ජාතික කොඩිය භාවිතය සම්බන්ධ නීති සංග්‍රහය කියලා පුංචි පොත් පිංචයක් තියනවා. එන්නේ එකේ ජාතික කොඩිය භාවිතා කල යුතු ආකාරය පිළිබද ඉතාම හොදින් දක්වා තියනවා. ඉතින් මේ ලිපියේ සදහන් වෙන්නේ අන්න ඒ පොතේ සදහන් කරුණු හා වෙනත් පොත පත ඇසුරින් මා සොයාගත් කරුණු වේ.... හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන නිසා බ්ලොග් සටහනක් ලෙස අන්තර්ජාලයට එකතු කරන්නට සිතුනා.



01.ජාතික කොඩියේ වැදගත්කම හා එහි පණිවිඩය

"ජාතික කොඩියට ගරු කරන්න. ඉන් ඔබේ ඔද වැඩි යනු ඇත"

ජාතික කොඩියේ මුලිකම පණිවිඩය මෙය වේ . මෙය සෑම ශ්‍රී ලාංකිකයෙක්ම වෙත පත්විය යුතු පණිවිඩයකි. ජාතික කොඩිය අප මව්බිමේ ද  අපගේ ස්වාධිනත්වයේද අප ජනතාවගේ එක්සත් බවේද සන්කෙතය වීම එයට හේතුවයි. එය ජාතියේ අනාගතය සදහා ඇති අපගේ බලාපොරොත්තුව හා පැතුම් පිලිබුමු කරන සංකේතයයි.

මිට කලින් අපගේ ජාතික කොඩිය වුයේ කන්ද උඩරට රාජධානියේ අන්තිම රජුගේ රාජකීය ධජයයි.


1948 හි නිදහස ලැබුණු දින එසවූයේ මෙම ජාතික කොඩියයි.වර්තමාන ජාතික කොඩිය 1978 සැත්තැම්බර් මස 7 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසකි.මිට කලින් තද රතු පැහැති පසුබිමේ තිබුණු කහ පැහැති සිංහ රුව එලෙසම තබා ඇත. මුළු සතරෙහි දක්වා තිබු කේතු සතර බෝපත් සතරක් බවට පත් කරන ලදී. තැබිලි හා කොළ පැහැති එකම ප්‍රමාණයේ තීරු 2ක් සුළු ජන කොටස් නියෝජනය සදහා අලුතින් එකතු කර ඇත. මෙම තීරු දෙක කොඩියේ ප්‍රමාණය හා බලන විට 1:1:5 අනුපාතයට තිබිය යුතුය. ඒ වගේම එහි විවිධ සංකේත වලින් විවිධ අදහස් නිරුපනය වන අන්දමට කොඩිය නිර්මාණය කර ඇත.

වර්තමාන ජාතික කොඩිය නිර්මාණය කිරීමෙහිලා ප්‍රධානත්වය දැරුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති වන ඩි එස් සේනානායක මැතිතුමාය.එතුමන් විසින් 1948.3.8 වන දින ජාතික කොඩිය නිර්මාණය කිරීම සදහා කමිටුවක් පත්කරන ලදී.එම කමිටුව ජනවාර්ගික නිජෝජිතයන්ගෙන් සමන්විත විත විය.එම කමිටුවේ තීරණය මත වර්තමාන ජාතික කොඩිය නිර්මාණය විය. කොඩිය නිර්මාණය කිරීමේ වගකීම පැවරුනේ එකල රජයේ කලායනාධිපති ජේ එස් ඒ ඩි පෙරේරා මහතා සහ එස් ජි චාර්ල්ස් යන මහත්වරුන්ටය.


  • එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා (සභාපති)



  • ශ්‍රීමත් ‍ජෝන් කොතලාචල මහතා

  • ජේ.ආර්. ජයචර්ධන මහතා


  • ආචාර්ය ලලිත් අභය රාජපක්‍ෂ මහතා



  • ටී.බී. ජයා මහතා 


  • සෙනට් සභික එස්. නඩේසන් මහතා


  • ආචාර්ය සෙනරත් පරණචිතාන මහතා (ලේකම්)


ජාතික කොඩියේ විවිධ වර්ණ හා සංකේත වලින් නිරුපනය වන අදහස්...

කහ පාට - බුද්ධිය, අවිහිංසාව, සාමය, සත්‍යය ධර්මය දැන ගැනීම.

රතු පාට - බුද්ධි ගෝචර, අවිහිංසා වාදී සමාජයක් ඇති බව හා සිංහල ජාතිය 

කොළ පැහැය - මුස්ලිම් ජාතිය 

තැබිලි පැහැය - දෙමල ජාතිය 

බෝ පත් - මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විවරණ 

    මෙත්තා - රට වැසියා ඒක මගකට යොමු කිරීම 
මුදිතා - දුකට පත් වුවන් දුකින් මුදවා ගැනීම 
කරුණා - සමාව , ඉවසීම , අනුන්ගේ යහපත සැලසීම 
උපේක්ඛා - නිහතමානිකම , දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව 

සිංහයා - සෙසු සතුන්ට වඩා සංවරය ආත්ම ශක්තියෙන් යුතුය .තමාට ගැලපෙන දේ පමණ කිරීම 

රූපයේ කහ පැහැය - එඩිතරබව හා උපන් ගති අනුව හැසිරේ.

කේසර මාලාව - බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් ගුණ කෙරේ විශ්වාශය තැබීම.

ශ්‍රීවය - පාලකයා ඍජු ශක්තිමත් අයෙක් බව 

අයාගත් මුව - රාජකීය හඩ නිර්භීතව ප්‍රකාශ කිරීමට හැකියාව ඇති බව 

නාසය - හරි වැරදි හදුනාගත හැකි බව 

දිව - පාලකයාගේ ප්‍රකාශ සත්‍ය වාදීවත් අවන්කවත් සිදු වන බව 

ඇස - ජනතා ඇස තුලින් ජනතා ප්‍රශ්න දෙස බැලීම 

මුඛය දෙසට නැමී ගිය දත් තුන - සිත කය වචනය යන තුන්දොර හික්මවා විවුර්තව ප්‍රකාශ කිරීම 

ඇස කඩුව දෙසට යොමුව තිබීම - පාලකයා නිසි ලෙස පාලනය සිදු කරන්නේ දැයි පාලිතයෝ බලා සිටින අතර ජනතාව නිතරම අවධියෙන් සිටින බව 

කේසර කැරලි 24 - ගිහි විනය

හිස හා වලිගය සම උසින් පිහිටීම - පාලකයා හා ජනතාව අතර ඇති සමානාත්මතාවය 

වලිගය ස්ථාන 2ක් නැමී තිබීම - ප්‍රථම නැමීම : ජනතාවගේ දැනුම කැපවීම පාලකයාට නොඅඩුව ලැබිය යුතු බව. දෙවන නැමීම : ජාතියේ තීරණාත්මක අවස්තාවලදී රටවැසියා හා පාලකය එකම මගක ගමන් කරන් බව 

වලිගයේ කේසර කැරලි සැමට සුදුසු මග ආර්ය අෂ්ටාංගික මාර්ගය බව ඉහලින් දැක්වේ.

කඩුව ගත් දකුණු අත - ආරක්ෂාව, ස්වාධීනත්වය හා නිදහස ආරක්ෂා කිරීම.

පාද - උට්ඨාන සම්පදා ආරක්ඛ සම්පදා කල්‍යාණ මිත්ත්‍යා සාමජිවිකතා යන සතර 

උඩට විහුදුවන නිය - ශද්ධා ශිල ත්‍යාග ප්‍රඥාව යන ධර්ම මෙලොව ජය ගැනීමට අවශ්‍ය බව

කහ පැහැති අසිපත - අසධාරණයකදී සටන් වැදීමත් එය ධර්මයට අනුව සිදුවීමත් දැක්වේ.

නැවුනු තුඩු තුන - අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්වයට රට ජාතිය ලක්වීම

අසිපත් මිටේ තුඩු හතර - රට වැසියා ගොඩ නැගී ඇත්තේ ආපෝ තේජෝ වායෝ පඨවි යන මහා භුතයන්ගෙනි

කඩුව අල්ලා ගත් ඇගිලි සතර - චතුරාර්ය සත්‍ය

අත් වැස්මේ අන්ත දෙක - රාජ්‍ය පාලනය පැත්තකට අන්තගාමි නොවීම

කෙලින් පිහිටි කඩු තලය - පාලකයා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන බව

කඩු තලය - පාලකයා පිලි පැදිය යුතු ධසරාජ ධර්ම

ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ යුතු අවස්ථා 

1.ජාතික දිනය හා රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ජාතික වශයෙන් වැදගත් එවැනි වෙනත් දිනයන්හි
2.සියලුම රාජ්‍ය උත්සව වලදී

එළිමහනේදී නම්....

ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන කවර අවස්තාවක් වුවත් එයට ඉහළම ගෞරවය ලබාදිය යුතුය. එය පැහැදිලිව පෙනෙන ස්ථානයක රැදවිය යුතුය.



විදෙස් කොඩියක් ප්‍රදර්ශනය කරන්නේ නම් ඒ හා සමාන උසකින් ජාතික කොඩියද ප්‍රදර්ශනය කළ යුතුය.



සෑම අවස්තාවකදීම ජාතික කොඩිය එසවීම හා පහත හෙලීම සෙමින් හා ගෞරවාන්විතව කළ යුතුය.



ජාතික කොඩිය ඔසවා තැබිය යුත්තේ එහි සිරස් තීරු දෙක කොඩි ගස දෙසින් සිටිනා පරිදිය.


රාත්‍රී කාලයක කොඩිය ඔසවා තබන්නේ නම් එය ඔසවා තැන තාක්කල් ආලෝකය ලබාදිය යුතුය.

ආගමික කොඩි ප්‍රදර්ශන කල යුත්තේ ජාතික කොඩිය හා සමාන උසකටය.

ප්‍රාදේශීය කොඩි පාසල් කොඩි සමිති කොඩි ආදිය සමග ජාතික කොඩිය එසවීමේදී  එසවිය යුත්තේ ජාතික කොඩිය හරි මැද සිටින සේ සියලුම කොඩි වලට ඉහලින්ය.


එකිනෙකට යාව පිහිටි කොඩි ගස් කිහිපයක කොඩි එල්ලනු ලබන විට පළමුව එසවිය යුත්තේ හා අවසානයෙදී පහත හෙලිය යුත්තේ ජාතික කොඩියයි.

ගොඩනැගිල්ලක ජනෙල් පැදියක හෝ සදලුතලයක හෝ ඉදිරිපසින් පිටතට නෙරා සිටින සේ ජාතික කොඩිය සවි කරන්නේ නම් කොඩිය කණුවේ මුදුනෙන්ම එල්ලිය යුතු අතර කනුව තිරස් අතට අංශක 45 ක කෝණයක් ඇති වන පරිදි සවි කල යුතුය.

විදියක මැද කොඩිය ප්‍රදර්ශනය කරන්නේ නම් සිංහයා නිසි පරිදි ඍජුව සිටින සේ තිරස් අතට කොඩිය එල්ලිය යුතුය.


ජාතික ශෝක දිනයකදී කොඩිය අඩකුබු කල යුතුය.


ජාතික කොඩිය පිළිබද විස්තර ඇතුලත් තවත් ලිපියක් ඉදිරියේදී ලියන්න බලාපොරොත්තු වෙනවා.එහෙනම් ඊලග ලිපියෙන් නැවත හමුවෙමු.. 






0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved