ලෙමන් කුකීස් - lemon cookies
මේ අලුත් අවුරුද්දේ අපි හැමෝම එක එක රසකැවිලි හදනවානේ ඉතින්.. කොන්ඩ කැවුම් , ආස්මි , අතිරහ , කොකිස් වගේ ගොඩක් රස කැවිලි හදනවනේ.. ඒ වගේම දැන් නම් මාස්මෙලෝ , කේක් , ජුජුබ්ස් වගේම චෝකොලට් එහෙමත් අවුරුදු රස කැවිලි බවට පත් වෙලා. තවත් නොකී මෙකි විවිධ ආහාර වර්ග අපි අවුරුදු මේසෙන් තියනවා. ඒ වගේම බිස්කටුත් දැන් අවුරුදු කෑම මෙසේ නැතිවම බැරි ආහාරයක් .. මෙදා පාර කඩෙන් ගෙන බිස්කට් ටිකක් මේසෙන් තියන් නැතිව ට්‍රයි කරලා බලන්න ගෙදරදීම කුකීස් ටිකක් හදාගන්න. මන් අද කියන්න යන්නේ ලෙමන් කුකීස් හදා ගන්න විදිය. ලෙමන් පෆ් කන්න අපි හරි ආසයිනේ.. පුංචි අයත් හරිම ආසවෙයි අම්මා හදපු ලෙමන් රස කුකීස් කාලා බලන්න.මෙන්න එහෙනම් රෙසිපි එක...
අවශ්‍ය ද්‍රව්‍ය...
බටර් 360 g
අයිසින් සුගර් 180 g
ලෙමන් එසන්ස් බින්දු 10 ක් පමණ
ගසා ගත්ත බිත්තර 2ක්
පිටි 480 g
ලුණු තේ හැදී භාගයක් විතරයි
බේකින් සෝඩා තේ හැදී දෙකක් විතර
මුලින්ම බටර් ටිකයි බිත්තර දෙකයි අයිසින් සිනි ටිකයි එකට දාගෙන ක්‍රීම් එකක් වෙනකම් මේ ටික ගසාගන්න ඕනේ. ඊට පස්සේ මේකට ලෙමන් එසන්ස් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට පිටි සෝඩා ලුණු ටිකත් එකතු කරන් ගසා ගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ මේ ගසා ගත්ත මිශ්‍රනේ කේක් ට්‍රේ එකකට ලස්සනට බිස්කට් හැඩේට තැනින් තැනට දා ගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ මේක විනාඩි 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් බේක් කරගත්තාම හරි .. සුවද එනකොට පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනේ..
රසවත් ලෙමන් කුකීස් ඔයාලටම හදාගන්න පුළුවන්... ට්‍රයි කරලා බලන්න...
0 comments:
Post a Comment