Must Read

Thursday, April 7, 2016

කුඹි කරදරේ නවත්තමු

මැස්සෝ වගේම තමයි මේ කාලෙට කුඹි ඇවිත් ගෙවල් ආක්‍රමණය කරන එක. වැස්සත් කළු කුඹි, නයි කුඹි, ඇඹලයි, රතු කුඹි, තෙල් කුඹි තව හුලන් කුඹි ගෙදර තියෙන එක එක තැන් වලින් ඇතුලට එන්න ගන්නවා. ඇත්තම කිව්වොත් ගේ ඇතුලින් කෑම සුවඳ එලියට යන ඕනෙම හිලකින් මුන් ඇතුලට එනවා. ඉතින් අපිට මේ කුඹි නිසා අවුරුද්දට හදන කැවුම් කොකිස් ටික වගේම නෑගම් එන අය අරන් එන ටියාරා කේක් ඒගොල්ලන්ටම කපලා කවලා තව කෙනෙක් එනකම් පරිස්සම් කර ගන්න අපිට ලොකු කරදරයක් විදින්න වෙනවා. ගොඩක් අය කරන්නේ පිඟානකට වතුර දාලා ඒ උඩින් පරිස්සම් කර ගන්න ඕනේ දේවල් තියන එකයි. හැබැයි වතුර උඩිනුත් පීනලා යන කුඹි තමයි අද කාලේ ඉන්නේ.

හැබැයි මොක කරන්නත් කලින් කුඹි ගේ ඇතුලට එන මුලික හේතු නැති කරන්න වෙනවා. ඒ කියන්නේ අපි ගෙදර හොඳට අතුගාලා හේම තියා ගන්න ඕනේ. කුණු දිනපතා නිවසින් ඉවත් කරන්න. ඉවත් කරන්න බැරිනම් නිසි ලෙස අසුරන්න. ඒ වගේම බීම තෙත් වෙන්න දෙන්නත් එපා. තව කෑම ශීතකරණයක නොදා ඉන්න වෙලාවට හොඳට කවර කරලා වහලා තියන්න. ඒ වගේම කෑම කාලා නැත්තම් සංග්‍රහ කරලා ඉවරවුනාට පස්සෙ කෑම පිඟන් එහෙම්මම තියන්නත් එපා.

ඉතින් උඩ සඳහන් කරපු ටික හරියට කරනවානම් ගොඩක් දුරට කුඹි නවත්තගන්න පුළුවන්. හැබැයි ඒත් ඒ ඔක්කොම කලත් සමහර වෙලාවට කුඹි ඇතුලට එන්න පුළුවන්. ඉතින් අපිට මොනවාද කරන්න පුළුවන්.

බැරියර් හදමු



හුණු කූරු වල ඇති කැල්සියම් කාබනේට් නිසා කුඹි ඒවායින් ඈත් වෙලා ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් කුම්බින්ව ඈත් කරලා තියන්න ඕනේ තැන් වල හුණු කූරු වලින් ඉරි අඳින්න. නැත්තම් ඔයාලා දන්නවනම් කුඹි හරියටම ගේ ඇතුලට එන තැන හරි මිදුලේ ඉන්න තැන හරි හිතට හොඳයි කියලා හිතෙන විදියකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඉරි අඳින්න බැරිනම් හුණු කූරු කුඩු කරලා වුනත් පාවිච්චි කරහැකි. හුණු කුඩු වගේම අපිට පිටි, කහ, අඟුරු, පැඟිරි තෙල්, ගම්මිරිස්, මිරිස් කුඩු, වැස්ලින්, විනාකිරි වගේ ඒවත් කුඹින්ව එන එක නවත්තන්න පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමේ ආපු උන්ව එලවන්න ගැලපෙන්නේ නෑ. කුඹි එන එක නැවැත්තුවහැකි.

උගුල් අටවමු 



උගුල් අටවන එක මම එතරම්ම අනුමත කරන්නේ නැති වුනත් අපිට බැරිම අවස්තාවක ඒවත් පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. ලේසියෙන්ම අටවන්න පුළුවන් උගුල තමයි දෙපැත්ත ඇලවෙන ටේප් එකක් අරගෙන අපිට පරිස්සම් කර ගන්න ඕන කෑම වටේ අලවන එක. ඉතින් කෑම සුවඳට එන කුඹින්ගේ ගමන එතනින් නවතිනවා. තව ක්‍රමයක් තමයි බොරැක්ස් පාවිච්ච් කරන එක. ඔයාලට කරන්න තියෙන්නේ පරණ ප්ලාස්ටික් බෝතලයක් අරගෙන පතුලට සෙන්ටිමීටර් කිහිපයක් උඩට වෙන්න පැන්සලක විතර මහතට හිල් කිහිපයක් හදන එක. ඊට පස්සෙ 3:1 අනුපාතයට බොරැක්ස් කුඩු සමඟ සීනි කලවම් කරන්න. හිල් වලට සෙන්ටිමිටරයක් විතර ඉතුරු වෙනකම් ඇර කලවම් කරපු මිශ්‍රණය භාජනයට දාන්න. ඊට පස්සෙ සුප් වගේ උකුවට හිටින විදිහට වතුර දාලා කලවම් කර ගන්න. ඊට පස්සෙ බටර් ටිකකුත් එකතු කරන්න. ඊට පස්සෙ භාජනේ පියන වහලා කුඹි ගුල බැවින් තියන්න. උන් ඇතුලට පොරකකා ගියත් එලියට එන්නනම් පුළුවන් වෙන එකක් නෑ. තව උණු වතුරයි සේදුම් දියරයි එකට ජෑම් බෝතලයකට දාලා කුඹි ගුල ගාවින් තියන්නත් පුළුවන්. තව මේක කියවන සුපිරි දුෂ්ඨයෙක් වගේ වෙන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවනම් එයාලට පුළුවන් මල් පෝච්චියක් මුනින් අතට හරවලා කුඹි ගුල උඩින් තියලා වතුර යන්න තියෙන පොඩි හිලෙන් ඇතුලට උණු වතුර වත් කරන්න. හැබැයි ඉතින් කෙලින්ම සමූල ගාතනයක් වෙනවා.

ස්ප්‍රේ එකක් හදා ගමු 


කුඹි විනාකිරි සුවඳටත් කැමතිම නෑ. ඉතින් ඔයාලට පුළුවන් වතුරත් එක්ක විනාකිරි කලවම් කරලා ස්ප්‍රේ බෝතලයකට දාලා කුඹි එන තැන් වල මතුපිටට ස්ප්‍රේ කරන්න. හොඳ ප්‍රතිපල ගන්නනම් දවසට කිහිප සැරයක් කරන්න වෙනවා. තව අපිට දෙහි වතුරත් එක්ක කලවම් කරන්නත් පුළුවන්. නැත්තම් දෙහි හරි දොඩම් හරි ලෙලි බ්‍රෙන්ඩර් කරලා පාවිච්චි කරන්නත් පුළුවන්.

කුඹි සහ හුණු කූරු 


0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved