Must Read

Thursday, April 7, 2016

ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිදාකාරයි



ලෝකයේ කොයිතරම් නම් මිනිස්සු හමුවෙනවද... ඒ මිනිස්සු හැමෝමවම අපි හරියටම හදුනගන්නවාද.. අපිට හමුවෙන් හැම පුද්දගලයෙක්ගෙම පැතිකඩ දෙකක් තියනවා. ඒත් අවාසනාවට අපිට දැන ගන්න පුළුවන් හැම වෙලේම ඉන් එක පැත්තයි. අනිත් පැත්ත සමහර වෙළාවට උවමනාවෙන්ම වහගෙනයි ඉන්නේ. කොහොම උනත් අපිට කොයි තරම් ලග කෙනෙක්ට වුනත් අපි ඒ පැත්ත පෙන්නන් නෑ... ගොඩක් අය එහෙමයි. සමහර වෙළාවට ඒ සැගවුණු පැත්ත ඉදිරියට එන වෙළාවලුත් තියනවා. රබර් බෝලයක් කොයි තරම් වතුරේ යට ගැහුවත් උඩ ගහන්නේ නෑනේ. ඒ වගේ තමයි මිනිස් ගතිගුණත්. කොයි තරම් හැන්ගුවත් සැගවුණ ගතිගුන එලියට එනවා. ඒ වගේ ගතිගුණ එලියට මතුවෙන වෙලාවට තමයි අපිට හිතෙන්නේ අනේ ඒ මිනිස්සු අපි හිතුවට වඩා වෙනසනේ කියලා.
නමුත් කොයි තරම් උත්සහ කරත් අපිට අපි ඇසුරු කරන හැම පුද්ගලයාගෙම ගති ගුණ හරියටම හදුන ගන්න බෑ. මිනිසා තමයි හදුනාගත නොහැකි සතා කියාලා වැඩිහිටියෝ කියන්න ඇත්තේ කට කහනවාට නෙවෙයිනේ.
කොහිම වුනත සමහර වෙලාවට අපි මිනිස්සු ගැන වැරදි අවබෝධයන් ගන්න අවස්තාවලුත් තියනවා. අපි වෙනස් වෙලා කියලා හිතන අයට එහෙම වෙන්න ලොකූ හේතුවක් තියෙන්න පුළුවන්. ඒ වගේම මේ අවුරුදු කාළේ. නෑ හිත මිතුරන්ගේ ගෙවල් වල අපි හැමෝම යනවනේ. පහුගිය අවුරුදු වල නොවරදවාම ආපූ කෙනෙක් මේ පාර නොඑන්න පුළුවන්. ඒ කෙනා ටික කාළෙක ඉදන් වෙනස් වගේ කියලත් දැනෙන්න පුළුවන්.. මේ පාර ඒ කෙනා නාවට කමක් නෑ. ඔයාලා ගිහින් බලන්න. මොකද... ඒ කෙනාට ඔයාව නැතුවම බැරි අවස්තාවක වෙන්න පුළුවන් එයා ඉන්නේ. සමහර වෙලාවට අපේ ගෙවල් වල නිතර ආපු කෙනෙක් එන්නේ නැති උනාම අපිත් වැරදියට හිතනවා. එයාලට දැන් හරිගිහින් ඒකයි එන් නැත්තේ වගේ දේවල්... කොහොමෙන් කොහොමහරි අපි... මිනිස්සු ගැන වැරදියට හිතන වෙලාවල් නම් එමටව තියෙනවා. පසුව අපි වැරදි කියලා දැනගත්තාම ලොකු පසුතැවීමකුත් හිතට දැනෙන අවස්තා තියෙනවා.
ඒ වගේම අපි හොදයි කියලා පණ දෙන්නයි ඉන්නේ කියලා හිතන අය නොහිතන වෙලාවට අපිව අත ඇරලා දාන වෙලාවලුත් තියනවා. අපි මිනිස්සුන්ව ආශ්‍රය කරද්දි මුලිනම මතක තියාගන්න ඕනේ ප්‍රදානව දෙයක් තමයි කිසිම කෙනෙක් තමන්ට වඩා ඉස්සරහින් අනිත් අය ගැන හිතන් නෑ කියන එක. මේක වෙනස් වෙනවා නම් වෙන්නේ බෝසත් මිනිස්සුන්ට පමණයි.
කාව අශ්‍රේ කළත් කාව විශ්වාස කළත් නොකළත් මේ හැම දේ ගැනම බුද්දිමත්වය සිතා බලා කටයුතු කළොත් මන් හිතන්නේ මිනිස්සු හදුනා ගැනීම කෙසෙවෙතත් අඩුම තරමේ අපගේ ජාමය බේරා ගෙන ජීවත්වීම හෝ කළ හැකි වේවි. මොකද... ලෝකය ගෝලාකාර උනාට මිනිස්සු විවිදාකාරයිනේ...

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved