Must Read

Thursday, April 7, 2016

අවුරුදු බිස්නස්


මේ අවුරුදු කාළේ හැමෝම හරි බිසි කාළයක්නේ. හැමෝම වගේ මාත් ටිකක් බිසි මේ දවස් වල.ඒ නිසාමදෝ ටිකක් වෙනදා තරන්ම ලියන්නත් අතපසු වුනා.කොහම වුනත් දැන් මේ ලියන්න යන්නේ නම් කවියක්වත් නිසදැසක්වත් නෙමේ.. අවුරුදු කාළෙට සමහර පුදගලයින් මුදල් සොයන ක්‍රමයක් ගැන...

අවුරුදු කාලේ අපි කවුරු කවුරුත් හරි ඉහළින් අවුරුදු උත්සව තියනවානේ. ඉතින් අවුරුදු උත්සවයක් තියද්දි සන්විදාන කටයුතු සිදුකරන්නේ ගම්වල ඉන්න තරුණ පිරිස. ඔවුන් ගම පුරා ගිහින් මුදල් එකතු කරගෙන හරි අපූරුවට එය සන්විදානය කරනවා. හැබැයි ඒ අතරේ අවුරුදු උත්සව තියන මුවාවෙන් ගම් බිම් වලට ඇවිත් සල්ලු එකතු කර හිමින් සැරේ මාරුවෙන පිරිසකුත් ඉන්නවා. මොවුන් බොහෝ විට පැමිණෙන්නේ ගමේ ත්‍රී රෝද රථ සන්ගමයෙන් එහෙමත් නැත්නම් අහවල් තරුණ සන්විදානයෙන් එහෙමත් නැත්නම් අපි මේ තරුණ සන්විදානෙන් මේ පැත්තට එන පිරිස ඔය විදියේ විවිදාකාර හැදුනුම් වලින් ඔවුන් පෙනි සිටිනවා. ඒ වගේම මොවුන් හරිම මිත්‍ර ශීලියි. බොහෝ කළක සිට හදුනන පුදගලයින් ලෙසයි කතාවට එන්ටර් වෙන්නේ. ඒ වගේම ගැහැණු කෙනෙක් වගේ නම් ගෙදර ඉස්සරහට ආවේ කාතා කරද්දි ඉස්සරහට ඉස්සරහට ටිකෙන් ටික පැමිනෙනවා. මොකද ගැහැණු අය ටිකක් කලබල වෙනවනේ එතකොට. ඒ වගේම ඉක්මනින් යවාගන්න ඕනේ කමට කීයක් හරි ඉක්මනින්ම දීලා දානවා. ඉතින් ඔවුන්ගේ වැඩේ හරි නිසා ඉක්මනටම මාරු වෙනවා. ඒ වගේම මොවුන් පැමිණෙන්නෙත් බොහෝ විට වාහනයක... බොහෝ විට ත්‍රී රෝද රිය තමයි. ටිකක් ගමේ චන්ඩී පෙණුමකුත් මොවුන්ට තියනවා. බොහෝ අයට. නමුත් සමහර අයනම් දෙකට ගණින්න බැරි ගානටයි ඉන්නේ..

ඒ සේරමත් හරි මොවුන් සල්ලි එකතු කරද්දි හරි අපූරුවට ලිපි ලේඛනත් සාදා ගනනේ එන්නේ.. එයාලා ගාව එකතු වූ අදාර මුදල් ලියන පොතක් තියනවා. නිකන් නෙමේ ආදාර මුදල ගන්නේ නම ලිපිනය වගේම අත්සනත් අරගෙන. ඒ වගේම අවුරුදු උත්සවයට එන්න කියලත් ආරාදනා කරනවා.හොදම වැඩේ කියන්නේ මේ අත්සන් පොතේ තියම මුදල් සේරෝම දාහෙන් එහා පැත්ත... ඉතින් ලැජ්ජාවටත් එක්ක කවුරුත් පොඩි ගාණක් දෙන් නෑනෙ. ඉතින් අපිත් අඩුම රුපියල් පන්සීයක්වත් ලියනවා.. ඉතින් කොහොමද බිස්නස් එක. එකතු කරගන්න ගාණෙන් අවුරුදු උත්සව දෙකක් තිබ්බෑකි. ඒ වගේම මෙයාලගේ තවත් සෙල්ලමක් තමයි අවුරුදු උත්සවේ ප්‍රදාන තෑගි බාර කරන එක. එවා සේරම අශ්ව ගණන්. එයාලානම් කියන්නේ වැඩිම ගණන් තියන දෙකම බාර අරන් තියෙන්නේ.. අනේ මිස් එහෙම නැත්නම් අනේ මහත්තයා මේ අන්තිම එක බාර අරන් අපිට සප් එකක් දෙන්න කියලා. ඒ තෑග්ග දෙන එකත් ඔයාලම කරන්න කියනවා. ඉතින් පොඩ්ඩක් ස්ටේජ් එකට නැගලා තෑග්ග දෙන්න ආසවටත් සමහරු මේවා බාරගන්නවා.. අන්තිමට ස්ටේජ් ගෞරවයත් නෑ. අතේ මුදලත් නෑ. ගිය අවුරුදු සමයේ මගේ හිතවතෙකුට ඔහොම දෙයක් වුණා. ඔයමන් කියන විදියේ පිරිසක් ඇවිත් ප්‍රදාන තෑග්ගයි කියලා එකකට මුදල් එකතු කරන් ගිහින්. මෙයත් ඉතින් ස්ටේජ් එකෙ නැගලා තෑග්ග දෙන්න ආසාවටයි ඒ වගේම එයා පොඩි බිස්නස් එකක් කරනවා ඒක ප්‍රමෝට් කරගන්නයි හිතන් රුපියල් තුන්දාහක් දීලා ඔය තෑග්ග බාර අරන්. අන්තිමට කිව්ව දවසේ කිව්ව තැනට ගිහින් බලද්දි එහෙම අවුරුදු උත්සවයක් තියා එතන මිනිස් පුළුටක් වත් ඉදලා නෑ. පස්සේ තමයි තේරිලා තියෙන්නේ තමන් හොද ලණුවක් ගිල අවසන් බව...

ගොඩක් වෙලාවට මේ අය එන්නේ පොඩ්ඩක් අත මිට සරුයි කියලා හිතෙන තැන් වලට විතරයි. එක පැත්තකින් ගෙවල් තුන හතරකට තමයි යන්නේ. ගැහැනු අය විතරක් ගෙවල් වල ඉන්න ටයිම් තමයි ගොඩක්ම ටාර්ගට් කරන්නේ. ඒ වගේම වැඩේ කරගත්තට පසු ඉගිල්ලී යන වේගයකුත් මොවුන්ට හිමි.. අවුරුදු දෙක තුනක් සරුවට කන්න මොවුන් සල්ලි හම්බ කරගන්නවා මේ වගේ ක්‍රම මගින් ඉතින් මේ අවුරුද්දෙත් ඔය කට්ටිය දැනටමත් වැඩ ආරම්භ කරලා ඇති. ඒ නිසා ටිකක් කල්පනාවෙන් ඉන්න.. 

නැවත ඊළග ලිපියෙන් හමුවෙමු එහෙනම්.

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved