ලෙමන් වොඩ්කා
ලෙමන් වොඩ්කා කොක්ටෙයිල් බීලා තියනවාද... ආසද බීලා බලන්න. මමත් බීලා නම් නෑ.ඇල්කොහොල් වලින් තොර නිසා මන් බොන්නේ නෑනේ. ඒක තමා වැඩේ. ඒත් රෙසිපි එකක් හම්බවුනා. කැමතිද ටෙස්ට් කරලා බලන්න.vodka අවුන්ස 10ක් (300g) පමණ
ලෙමන් ගෙඩි 2ක්
අයිස් කැට ඇති තරමට
Sparkling mineral water කප් දෙකක් විතර
ලෙමන් ජූස් හරි ලයිම් සෝඩා 500ml පමණ.
මුලින්ම ටිකක් ලොකු ජෝග්ගුවකට වොඩ්කා එක වක්කරගන්න ඕනේ. ඊට පස්සේ ලෙමන් ගෙඩි දෙකේ පොත්ත බොහොම පරිස්සමට ඉවත් කරගන්නවා.හැබැයි ඉතින් අර ලෙමන් ගෙඩිවල තියන සුදු පාට අමිහිරි රසක් තියන කොටසත් පොත්තෙන් ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ අර වොඩ්කා ජෝග්ගුවට ලෙමන් පොත්ත දාලා පැය දෙකක් පමණ පෙගෙන්න තියනවා.ඊට පස්සේ ඒකට අර කලින් සොයාගත්ත පිරිසිදු ජලය ප්‍රමණයයි ලෙමන් හෝ lime soda එකයි එක කරගෙන ඇති තරම් අයිස් යොදාගෙන රසවිදින්නයි තියෙන්නේ. උස කෝප්ප වලට දා පිලිගැන්නුවා නම් තවත් සිත්ගන්නා සුලු වේවි.
මේ රෙසිපි එක ඩ්‍රින්ක්ස් 6ක් හදාගන්න පුලුවන්...
රෙසිපි එක english වලින් ගන්න ඕනේනම් සහෝදර special taste 101 blogspot එකින් ගන්න පුලුවන්.
http://specialtaste101.blogspot.com/2016/03/lemon-vodka-cocktail.html?m=1
0 comments:
Post a Comment