Home සිතුවිලි දහන ඇය..... ඇය..... ඇය නමින් හන්සිකා යැයි මම අමතන්නම්.. ඇය මට හමුවුණේ මගේ අමතර පන්තියට ඇගේ පුතුණුවන් පැමිණෙන නිසයි. පෙනුමින් මටත් වඩා ලාබාළ වූ බැවින් පළමුව මා සිතුවේ ඇය දරුවාගේ සහෝදරියක් වන්නට ඇතැයි කියාය. නමුත් ඇය දරුවාගේ මව බව පසුව දැන ගත්තෙමි. ටික දිනක් යනවිට ඇය මා හා බොහෝ කුලුපග විය. ඊට හේතුවන්නට ඇත්තේ ඇයත් මමත් අතර තිබුනේ බොහෝ අඩු වයස් පරතරයක් වීමද වීමට හැකිය. ඇය ඉගෙන ගෙන තිබුනේද දිවයිනේ යම් නමක් දරා සිටි කොළොම්පුරයේ පාසලකය. දිනක් ඇය මා හමුවේ ඇගේ අතීතය දිග හරින්නට විය. ඊට හේතු වූ සිදුවීමද අපූරුය. මීට සති දෙකකට තුනකට පමණ පෙර කුඩා දරුවෙකුට පාසල අහිමි වීමේ සිදුවීම මෙරට ජන සමාජයේ කතිකාවට බදුන් විය. අපද ඒ පිළිබද කතා කරේ බොහෝ චෝදනාමුඛයෙනි... දෙමව්පියන් කීපදෙනෙකුම මා සමග ඒ පිළිබද කාතාකරමින් සිටින අවස්තාවක ඇයද එයට හවුල් විය. එම සිදුවීමෙන් දින කීපයකට පමණ පසු ඇයට ඇගේ දරුවා ගැනිමට ඒමට ප්‍රමාද විය. අනිත් දරුවන් සියලු දෙනා ගියපසු පැමිනි ඇය මා සමග ටික වේලාවක් කතාකරමින් සිටියාය. ඒ අතරතුර ඇය පිලිබදවත් ඇය වටින් ගොඩින් කියන්නට විය. ඇය මේ පළාතට පැමිණ තිබුනේ බොහොම ලගකදීය. ඇයට මෙහි මිතුරියන් කිසිවක් නොවීය. ඇගේ සැමියා රට බව සැමට පැවැසුවත් එය එසේ නොවන බව ඇය මා හා පැවසීය. ඇය බොහෝ සුන්දර තරුණියකි. ගැහැණියක් වුවත් ඇයට තරුණියක් යැයි පැවැසීම බොහෝ පහසුය. පවුලේ එකම දරුවා වූ ඇයට මුදල් වලින් අඩුවක් පාඩුවක් කිසිදිනක දැනී නැත. ඒත් ආදරයේ අඩුවනම් තදින්ම දැනුනු බව ඈ මුලින්ම පැවසුවාය. ඇයගේ දෙමාපියන් දෙදෙනාම පොලීසියේ වැඩ කළ බැවින් ඇය ගැන නිතර සොයා බැලිමට ඔවුන්ට කාළය නොමැති විය. සමහර දිනවල අලුත් අවුරුද්දටද නිවසේ සිටියේ තමන් පමණක් බව ඇය කීවාය. අය නමය වසරේදී ඇයට ගණිතය කියා දීමට ගුරුවරයෙක් ගෙන්වයි. ඔහුට ඒ වන විට වයස විසි තුනක් පමණ වන්නට ඇතැයි ඇය පවසයි. නව යොවුන් වියේ සිටි ඇයටද තාරුණ්‍යයේ ලස්සනම කාලයේ සිටි ඔහුටද ඇය ගැන සිතක් පහල වන්නට ඇත. ඔවුන්ගේ ආදරය දලුලන්න ඇයගේ නිවසේ තිබූ පරිසරයද කදිම තෝතැන්නක් වූ බව ඇය පැවැසුවාය. ගණන් හදනවාට වඩා පෙම් බස් දොඩන්නට ඔවුන් කාළය ගතකළ බව ඇය පවසයි. පැය දෙකට අය කරන මුදලත් රැගෙන ඔහු ඇය සමග පෙමින් වෙළෙන්නට ඇත. ටික දිනක් යනවිට ඇයට ඔහුත් ඔහුට ඇයත් නොදැක ඉන්න බැරිතරමට පෙම දලු ලෑ බව ඇය පවසයි. ඒ අතරතුරේදී ඔහු ඇයට දුරකතනයක්ද තෑගි කරයි. බොහෝ විට ඒ නිවසේ දෙමපියන් ඉන්න වේලාවට වඩා ඇත්තේ නොමැති වෙලාවන් ය. ඉතින් දුරකතනයෙන්ද පෙම්කිරිමට බදාවක් ඔවුන්ට නොවීය. ඒ අතරතුර දෙමාපියන් නොමැති අවස්තාවල ඔහු ඇගේ නිවසට ඒමද ආරම්භ වී ඇත. ඒ අතරතුරේදි ඔහු අතින් ඇය ගැහැණියක් වී ඇත්තේ ඇය 9 වසරේ සිටින විටය. ටික දිනක් යන විට ඔවුන්ගේ එක්වීම පුරුද්දක් බවට පත්විය. මසකට තුන් වතාවක් පමණ ඔවුන් එක් වූ බව ඇය පවසයි. මෙසේ අවුරුද්දක් පමණ ගතවිය. දිනක් පාසලේදී ඇයට උදෑසනම කලන්තය සැදී බිම ඇද වැටී ඇත.. පසුව වමනයද ඇති වූ බැවින් දෙමාපියන් කැදවා ඇය පිළිබද දැනුම් දෙන්නට විය. වහාම පැමිණි දෙමාපියන් ඇයව වයිද්යවරයෙක් කරා රැගෙන් ගිය අතර එහිදි ඇය කුස තුළ දරුවෙකු සිටින බවට දැනගන්නට ලැබී තිබේ. මේ සිදුවූ දෙය ඇගේ දෙමාපියනට හෙනයක් කඩාපාත් වූවා සේ වී ඇත. කුමක් කරනවාදැයි සිතාගන්නට නොහැකි විය.ඇය සිදුවූ සියලුම දේ දෙමාපියන්ට පවසයි. ඉන් පසු ඇය දුරකතන ඇමතුමක් දී ඔහුව සම්බන්ද කරගනිමින් සියලුම දේ ඔහුට පවසා ඇත. නමුත් අවාසනාවකට එදයින් පසු ඔහු කිසිම දිනයක් ඇයට හමු වී නැත. දෙමාපියන් පැමිනිළි කර ඇයගේ නමට තවත් කැළලක් ඇති කර ගැනීමටද දෙමාපියන් අකමැති වී ඇත. කිහිපවතාවක් සියදිවි හානී කරගැනීමටද ඇය උත්සහ කරත් එයි බේරීමට තරම් ඇය වාසනාවන්ත වී ඇත. සියලුම දේපළ විකුණා දමා දෙමාපියන් ද ස්තාන මාරු ලබගනිමින් ඔවුන්ව කිසිම කෙනෙක් නොදන්නා පැත්තකට වී ඔවුන් ජීවත් වී ඇත. රැකියාව හමු වූ පසු ඔවුන් නැවැත පදින්චිය වෙනස් කර මේ පලාතට පැමින ඇත. ඇගේ දරුවාද අද ජීවත් වේ. ඔහු අද පෞද්ගලික පාසලක ඉගිනුම ලබයි. ඇයද සිදුවූ සියලුම දේ අමතක කර පෞද්ගලික ව සාමන්‍ය පෙළ හා උසස් පෙළ හදාරා බාහිර උපාධිය ලබාගෙන සැලකියයුතු රැකියාවක් කරයි. ඇයට නැවත විවහා වීමට අදහසක් නැත. ඇයට සමාජය ගැන විශ්වාසයක්ද නැත. සැමියා රට බව ඇය සියලු දෙනාට පවසයි. ඇයගේ එකම බලාපොරොත්තුව දෙමාපියන්ට සලකමින් දරුවාට හොද අද්යාපනයක් ලබාදීම පමණී. ඇය ජීවිතය පටන් ගැනිමටද පෙර වරද්දවා ගෙන ඇත. නමුත් ඇය එය නැවත් සකස් කරගෙන් ඇත්තේ ඉතා බුද්දිමත්වය. ජීවිතයේ නොයෙක් තැන් වැරැදිය හැකිය. නමුත් වැරැදි හදාගැනිමදා ඒ ආකාරයෙන්ම කළ හැකි බව ඇගේ කාතාව ආසා සිටු මා හට සිතුනි. ඇය අද සතුටින්. නමුත් හිත තුළ කාට හෝ හදුනා ගත නොහැකි කදුලු බිදු සැගැවී ඇති බවද මට නොසිතුනා නොවේ. Facebook Twitter Google+ Stumble Digg
0 comments:
Post a Comment