Must Read

Wednesday, March 23, 2016

ඒක පාර්ශවික ආදරේ

ඔයා මගේ ලගින් ඉන්නකොට හිතට සතුටක් දැනුනා.. ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් මට තිබුන් නෑ.. ඔයයි මායි අකුරු කෙරුවේ එකට... ස්කෝලේ කාළේදිත් අපේ නම් එකට ඇදුනත්.. ඔයාවත් මමවත් ඉස්සරවුනේ නෑ.. ඔයාගේ දගකාර ඇස් වලට මම ආදරේ කළා..
ඔයාගේ හිනාවට ආදරේ කළා. ඔයා ඉස්සර වෙන්නකෝ කියලා මන් ප්‍රාර්තනා කරා. ඒත් ඔයාට හැමදාමත් මන් හොද යෙහෙළිය විතරක් වුනා.. ඔයාගේ දගකාර ඇස් වලින් තිබුනු දගකාර බව වගේම ඔයා දගයි.. විහිලුවක් කරලා හැමෝමවම හිනස්සන ඔයාට ජිවිතේ හරිම විනෝදයි. ඔයා දිහා බලන් ඉන්න එකත් මට පුදුම සතුටක් වුණා. ඔයා ලගින් ඉන්නකොට මට ඒක ශක්තියක් වුණා. මන් පස්සට යද්දි පිටුපස්සෙන් ඉදන් ඔයා මාව ඉස්සරහට යැව්වා. ඔයා හුරතල්... ඔයාගේ හුරතල් වචන මාව සතුටු කරා..
ඔයාගේ ජිවිතේ සැහැල්ලුයි.. මන් ඊට වඩා වෙනස්. මන් ජීවිතේ දිහා දැක්කේ බරපතලව... හැමදේකම දන පැත්ත ඔයා දකිද්දි මන් දැක්කේ රින පැත්ත... ඒ වෙලාවට ඔයා මට හිනා වෙනවා. බොරු තරහක් පෙන්නුවත් අපහු මන්ම යාලුවෙනවා. මන් ඔයාට ගොඩක් ආදරේ කළා.ඒත් ඒ බව ඔයා දන් නෑ.. ඔයාට ඕනේ තරම් කට්ටිය කැමති වුණා. ඒත් ඔයාට ඕනේ අයව යාලු කරගන්න උදව් වුනෙත් මම... ඔයාගේ ආදරේට අවන්කවම උදව් කරේ..ඔයාලගේ රණ්ඩු වලදි මැද්දේ හිටියෙත් මම... ඔයාව මගේ කරගන්න ඕනේ වුනත් ඔයාගේ සතුට මගෙත් සතුට වුනා... ඒ නිසාම ඔයාගෙ ආදරේ සර්ථක කරලා දෙන්න මට ඕනේ වුණා. සමහර වෙලාවට ඔයාගේ වැරැදි දැන දැනත් සුදු හුණු ගෑවේ ඒ නිසයි... ඒ අතරේ අපි ගොඩක් ලොකු වෙලා.. ඒත් තාමත් ඔයා මගේ හොදම යාලුවා.. අද ඔයාගේ ආදරෙට ගෙදරින් අනුමැතිය ලැබුනා. ඔයාට ගොඩක් සතුටුයි  ඔයා සතුටින් නම් ඊට වඩා සතුටක් මට නෑ.. මම හැමදාම ඔයාට හොදක් වෙන්න කියලා ප්‍රාර්තනා කරන්නේ.. මගේ ඒකපාර්ශ්වික ආදරේ මාත් එක්කම වැළලෙයි.. මගේ හදවතේම ගැබුරුම තැන මගේ ආදරේ අද සොහොන් කරන්නම්...

ඔබේ සිනහා රැලි
මට තහනම් නම්...
ඔබේ ඔය ඇස්
මට තහනම් නම්...
බලා සැනහෙමි දුරින් හිද ඔබ මන්...
ආසයි ගයන්නට එනමුත් පෙම් ගීයක්...
ආදරෙයි හැමදාම ඔබ හට මන්...
ගයන්නම් පෙම් ගී මෙලස මම තනියෙන්...
බලා සැනහෙන්නම්...
ඔබේ රුව සුව බලා සැනහෙන්නම්...
ඔබේ දිවියට පතන්නම් සිරි සතුටින්...
ඔබේ මතකය මගේ හදවතේ සගවන්නම්...
සොහොන් බිම කර මගේ හදවත...සගවන්නම්....

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved