Must Read

Tuesday, March 22, 2016

තැබිලි...

එලියට බහින්න බෑ පුදුම අව්වක්... කොච්චර වතුර බිව්වත් තිබහා නම් යන් නෑ... මේ ගිනියමට කොහේවත් යන්න හිතෙන් නෑ... ෆෑන් එකක් නැතුව ඉන්න බෑ.. පැණි බීම නම් ඔනේ තරම් බිව්වෑකි... ඒ කොච්චර බිව්වත් තිබහා යන්නේ නෑ... මේ වගේ කතා අද ඔනේ තරම් අහන්න තියනවා.. කොළබට සෙල්සියස් අන්ශක 31ක 32ක උෂ්ණත්වයක්ලුනේ මේ දවස් වල... අනුරාධපුර පුරය පැත්තට ඊටත් වැඩිලු.. නියන් සමයක් වගේ නිකන්... පායනවා ඉවරයක් නෑ... මැයි වෙනකම් විතර මේ පායන කාලේ තියනවාය කියලත් ආරන්චි...
මේ රස්නේ නිසා අපි පැනි බීම කිරි පැකට්... අයිස් ක්‍රීම් වලට නම් ගොඩක් වියදම් කරනවා... හැබැයි පෑයිල්ල ඉවර වෙද්දි අපිට දිවැඩියාවත් හැදිලා තියෙයිද දන් නෑ කියලත් වෙලාවකට හිතෙනවා...
මේ ලගදි අපේ අම්මා ගොඩක් රසවත් ඒ වගේම තිබහා කොහෙන් ගියාද කියලා හිතාගන්න බැරි වෙන පානයක් දුන්නා... ඒ තමයි අපි කවුරුත් දන්න තැබිලි... හැබැයි මන් මීට කලින් බීලා නැති විදියකට තැබිලි ටිකක් වෙනස් කරලා.. ඔයාලත් සමහරවිට මේ විදියට බීලා ඇති... පස්සේ මන් අම්මාගෙන් ඇහුවා කොහොමද මේ විදියට හැදුවේ කියලා... මොකද... පැනි බීම එකකින් ඉවර වෙන්නේ නැති තිබහ තැබිලි පානයෙන් නැත්තටම නැති වුනානේ... හැබැයි ඉතින් තැබිලි ගෙඩියක් නිකන් බිව්වත් අපේ තිබහා නැත්තටම නැති වෙනවා.. කෘතීම බීම ජාති බොනවට වඩා තිබිලි ගෙඩියක් බොන එක ශරීර සෞඛ්‍යයටත් ගොඩක් හොදයි.. දැන් මගේ කතාවට එමුකෝ  ඇගටත් වෙනදාට නැති ප්‍රාණවත් ගතියක් ලැබුන නිසා තැබිලි පානය හදාගන්න විදිය ගැන දැනගන්න මට ගොඩක් ඔනේ වුනා... මෙන්න මෙහෙමයි අම්මා හදලා තිබුනේ...

තැබිලි ගෙඩිය කපලා ගෙඩියේ වතුර ටික වෙනම කෝප්පයකට දාලා මුලින්ම.. ඊට පස්සේ... තැබිලි ගෙඩිය පලලා ඒකේ තිබුණ ලොද ටිකත් ඒ වතුර එකටම දානවා. ඊට පස්සේ සීනී ටිකකුත් ඇති පදමට දාලා ඒක ශීතකරණයේ තියනවා.සීනි වෙනුවට හකුරු ටිකක් දාගත්තාමත් ගොඩක් රසයිලු... ඇති තරමට කූල් වුනාට පස්සේ... බොන්නයි තියෙන්නේ... මේ රස්නෙට අප්‍රාණික වෙලා වගේ ඉන්න අපිව.. ප්‍රාණවත් වෙන්නේ හිතාගන්න බැරි විදියට... මේ විදියට තැබිලි බීලා නැත්නම් ඔයාලත් බීලා බලන්න... රස්නේ දවස් වලට කියාපු පානයක්...
දියවැඩියාව වගේ ලෙඩ ගැන බයවෙන්න දේකුත් නෑනේ.....

2 comments:

Copyright © 2016 Cool Science All Right Reserved