පෙරුම් පුරා ගෙන ආ සන්සාරේ...
සෙනිතු... කල්පනී ආදරනීයයි... යොවුන් ප්‍ර්‍ර්මය... හිතපුරා විදි සෙනිතු කල්පනී යාලුවෝ අතරත් ගොඩක් ලස්සන යුවලක්... සෙනිතුට කල්පනී නැතුව ඉන්න බෑ මොහොතක්... කල්පනීටත් ඒ වගේමයි... සෙනිතුගේ උණුසුම කල්පනීව අලුත් ලෝකයක් කරා රැගෙන ගියා...
කල්පනීගේ ආදරේ සෙනිතුට මහමෙරක් තරම් වුණා... එදා එයාලගේ තුන්වෙනි සන්වත්සරේ...සෙනිතු කල්පනීව එයාගේ කරන් එදාට අවුරුදු තුනක්... සෙනිතු කල්පනී පෙරුම් පුරාගෙන හිටපු ඒ දවස උදා වුණා. රස්සාවටත් කලින්ම නිවාඩු දීලා තිබුන සෙනිතු උදේම අවදිවුණේ කල්පනී දැක ගන්න තිබුනු අසීමිත ආසාවෙන්... කල්පනීත් උදේම අවදිවෙලා සුවද වී හරි ආසාවෙන් එලියට බැස්සේ... සෙනිතු ගේ උනුසුම් දෑතේ අත් වැල් බැදගන්න... එදා බලාපොරොත්තු උන විදියටම දෙන්නාට ප්‍රේමයේ උණුසුම විදින්නට නොහැකි වුනා... බලාපොරොත්තු නොවූ විදියට කල්පනීගේ අයියා කල්පනීගේ පසුපස ඇවිත්... සෙනිතුට අයියාගෙන් වැදුනු පහර තුන හතරට... සෙනිතු බිම ඇද වැටුනා.. අයියාගේ තද අත් වලින් කල්පනීගේ සියුමැලි දෑතට විලන්ගු වැටුනා... කල්පනි හිර අඩස්සියේ... ගෙදර කාගේවත් ආශිර්වාදය කල්පනීලාට හම්බවුනේ නෑ.. ඒත් සෙනිතුටවත් කල්පනීටවත් දෙදනා නොදැක ඉන්නට බැරිවුණා. මේ ලොකේ කොපමණ සුන්දර වුවත් දුක කොයි වෙලාවේ එයිද දන් නෑ.. එක මූසල උදෑසනක සෙනිතු කල්පනී තීරනයක් ගත්තා.. ජීවිතේ නොසිතපූ වෙලේක දෑස් කදුලින් තෙත්වුනත්... කල්ප ගානක් පෙරුම් පුරා ආවත් මේ සන්සාරෙදී හම්වියය නොහැකි බව දැනුන නිසාදෝ දෙදේනාම එක්වී එනා භවයේදී හමුවන්නට ප්‍රාර්තනා කළා.. මොහොතකට දුම්රිය නතර වුණා.. සෙනිතු කල්පනීගේ අවසන් හුස්ම පොද වා තලයට එක් වුනේ මුලු ගමක් සුළු මොහොතකට නිහඩ කරමින්... සෙනිතූ මගේ සෙනිතූ.... කල්පනී ඔයා... වා තලයේදු සෙනිති කල්පනී මුණගැසේවී.... එදාට ඔවුන්ට කවුරුවත් බාදා නොකරාවී...
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ..
දුම්රිය මොහොතක් නතර වුනේ ...
මලක් වගේ රොන් සුවඳ වගේ
ජිවතය සුව අපමන වේ ...//
දොලක් වගේ දිය දොක වගේ
ජිවතයේ අම සිසල දැනේ....
පෙරුම් පුරාගෙන ආ සංසාරේ...
වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ...
පෙරුම් පුරාගෙන ආ සංසාරේ...
සේනානායක වෙරලියද්දි මහතා ගායනා පෙරුම් පුරා ආ සන්සාරේ ගිතය ඇසුරින් නිර්මාණය කරන ලදි...
0 comments:
Post a Comment