Must Read

Tuesday, March 22, 2016

සුදු නන්ගි 2

මගේ අයියේ...
ඔයා ලග ඉන්නකොට... ලෝකේම මගේ කියලා හිතුන වාර ගණන මෙච්චරයි කියන්න බෑ... එදා ගන්ගාරාමෙදි ඔයා මගේ ඔලුවේ අත තියලා දිව්රුවා මතකයිද ඔයාට... ඔයා මගේ විතරමයි කියලා කිව්වා.. එදා බුදු සාදූ අපිට ආශිර්වාද කරන්න වගේ අපි දිහා හිනාවෙලා බලන් හිටියා... මගේ අයියාගේ උණුසුම මේ සුදු නන්ගිට මහමෙරක් වටිනවා... මතකයිද මගේ අය්යේ... ඔයා මට දීපු රත්තරන් මුද්ද...
ඒක තාම මගේ ඇගිල්ලේ පාලු මකනවා මගේ අයියේ... මේ අවාසනාවන්ත කෙල්ලගේ අවාසනාවට මගේ අයියා මේ ලෝකෙම දාලා ගියා... මාත් එනවා මගෙ අයියේ ඉක්මනටම ඔයා ගාවට...අගේ අම්මයි අප්පච්චි නැත්තනම් මන් මේ වෙද්දිත් ඔයා ගාව මගේ අයියේ... මේ සුදු නන්ගි හැමදාමත් ඔයාගේ... ඔයාගේ විතරමයි... ඔයා කොහේ හිටියත් මේ සුදු නන්ගි දිහා බලන් ඉන්නේ.. ඒක මන් දන්නවා මගේ අයියේ... මගේ අයියටත් සුදු නන්ගි නැතුව පාලුයි නේද... මන් එනවා මගේ අයියේ ඉක්මනටම.. ඔයා ගාවට......... මම ඔයාගෙම සුදු නන්ගි...

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved