Must Read

Tuesday, March 22, 2016

සුදු නන්ගි..

කවදාවත් මගේ හිත
තනි නොකරයි කියලා
හිතපු ඔයාම
අද කොහේදෝ යන්න ගිහින්...
ඔයාගෙ උනුසුමයි හදවත ඉල්ලන්නේ...
ඔයාගේ සුවද හැමතැනම...
ඔයයි ජීවිතේ...
ඒත් අද ඔයා යන්න ගිහින්..
කොහොමද මන් ඔයා නැති පාලුව
දරාගන්නේ...
කා වෙනුවෙන් වත් අඩපු නැති
මේ ඇස් වල අද කදුලු...
ආපහු එන්න රත්තරන්...
ඔයා නැතිව මේ ඇස් පාලුවෙන්...
ඔයා යනවා නම් ඇයි මාවත් අරන් නොගියේ...
මාව බලාගන්නවා කිව්වා නේද... මන් මැරෙනකන්ම...
ඇයි රත්තරන් ඔයා කලින්ම ගියේ...
බයික් එකේ වේගේ වැඩිවෙද්දි මේ
සුදු නන්ගිව මතක් වුනේ නැද්ද...
ඔයා පොරොන්දු වුනා නේද මට...
ඇයි ගියේ මගේ අයියේ....
මේ සුදු නන්ගි ඔයා නැතුව අතරමන් වෙලා....

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved