Must Read

Thursday, March 24, 2016

ඔමු රයිස්...

කාලා තියනවාද ඔමු රයිස්. කොරියන් කෑමක්. ගොඩක් රසයි. ඒ වගේම ගුණයි. කෑම කන්න අකමැති පුන්චි දරුවොත් ගොඩක් ආසවෙයි. කොරියම් කතා බොහොම ප්‍රසිද්ධියට පත් වෙලා තියන කාලයකුත් නිසා වෙනසකටත් එක්ක පොඩි ලමයිනම් ගොඩක් කැමැති වෙයි. ඔමු රයිස් අපිට ගැලපෙන විදියට ඔම්ලට් රයිස් එහෙම නැත්නම් බිත්තර රයිස් කියලා උනත් කියන්න පුලුවන්. හදාගන්න නම් හරිම ලේසිය. මේක හදාගන්න ඕනේ කරනවා....



බත් කෝප්පයක් (බාස්මතී නම් වඩා හොදයි)
බීත්තර දෙකක්.
පොල්තෙල් හෝ මාජරින් ටිකක්..
කැරට්, ලූනූ කොළ, ලූනූ, සුදු ලූනූ වගේම තවත් අවශ්‍ය නම් හීනියට කපාගත් එලවලු ටිකක්.
කැමැතිනම් සොසේජස් හෝ බැදපු චිකන් ටිකක්

මුලින්ම පොල්තෙල් ටිකක් පෑන් එකට දාලා ඒකට තලාගත් සුදුලූනූ කෑලි දෙක තුනක් දාලා බැදෙන්න අරිනවා. සුවද එද්දි ඒකට අර හීනියට කපාගත්ත එළවලු ටික දාගන්නවා. ලුණු ටිකකුත් එකතු කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම කහ ටිකක් එකතු කරගත්තොත් ලස්සන පාටක් ගන්න පුලුවන්. සැරට කන්න කැමති කෙනෙක්ටනම් කෑලි මිරිස් ටිකකුත් එකතු කරගන්න පුළුවන්. ඒක පදමට හැදීගෙන එද්දි අර බැදගත්ත චිකන් හෝ සොසේජස් කැමතිනම් මේ දෙකම උනත් කලවම් කරගන්නවා. වෙජිටේරියන් කෙනෙක්ටනම් කජු ටිකක් වගේ එකතු කරගත්තානම් හොද ටේස්ට් එකක් ගන්න පුලුවන්. මේක නිකන් හරියට එළවලු බතට හදන මිශ්‍රනය වගේ. ඊට පස්සේ අර බත් ටික මිශ්‍රනයට කලවම් කරගෙන හොදින් කලවම් කරගන්න ඕනේ. හැබැයි බත් ටික කල්වම් කරගත්තට පස්සේ ලිපේ ගින්දර ටිකත් අඩු කරගන්න ඕනේ. බත සාදා ගැනිමෙන් පසු.. වෙනම කෝප්පයකට බත් ටික දමා ගන්න ඕනේ. ඊට පස්සේ අර බිත්තර දෙක හොදින් ගසාගෙන ඒකෙන් පෑන් එකම තරම් පමණ විශාල ඔම්ලට් එකක් සාදාගන්න ඕනේ. ඔම්ලට් එකට එලවලු කලවම් කරන්නේ නම් නෑ. ඊට පස්සේ ලිපේ ගින්දර ටික අඩු කරන් අර ඔම්ලට් එක මැද්දට බත් කෝප්පය නවා ගෙන බත් එක ඇතුලට සිටින සේ ඔම්ලන් එක නවා ගන්න ඕනේ. හරියට නිකන් කෑම එකක් කඩදාසියකින් ඔතනවා වගේ.ඊට පස්සේ ඉතින් පිගානකට මේ රයිස් එක පිලුගන්වා ඒක උඩින් ඇති පදමට තක්කාලි සෝස් ටිකකුත් දාගෙන රසවිදින්න පුලුවන්. ඉතාමන් රසවත් වගේම හොද පෝශ්‍යදායි ආහාරයක්. ඔයාලත් ටේස්ට් කරලා බලන්න.

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved