Must Read

Thursday, March 31, 2016

මෝඩයා වෙමුද මෝඩයා කරමුද අද පළවෙනිදානේ... 😂


අප්‍රේල් පළවෙනිදා නේද අද... අම්මේ ඉතින් උදේම කාවද මෝඩයා කරන්න ඉන්නේ.. නැත්නම් මෝඩය කරාද කාවහරි දැනටමත්.. නැත්නම් මෝඩය උනාද... 😂 පුoචි ලමයිටනම් අද රජ මගුල්. කාවහරි යාලුවෙක්ව මෝඩයා කරලා ලබන සතුට සල්ලි වලට ගන්න පුළුවන්ද.. ඒ අතරේ ඇස් රතුවෙන් විජිලු කරන අයත් ඉන්නවා.
1939 දි ඇපල් බී කියන නෞකාවේ සේවය කරපු ප්‍රදාන අණ දෙන නිලදාරියග මෙවැනි සිදුවීමක් සිදු වුණා. ඔහුගේ සේවකයන් ඔහුව චීනට මාරු කර ඇති බවට එදා දැනුම් දුන්නා. චීන ආහාර වලට ඉතාම අප්‍රිය වූ ඔහුට මේ පණිවිඩය ඉතාම එපා වන සුළු එකක් වුණා. කොහොම නමුත් චීන මාරුව සදහා ඔහු එදිනම ලෑස්ති වුණා. ඔහු කොපමණ මේ පුවත විශ්වාස කරාද කියනවානම් ඔහුගේ ගෙවල් දොරවල් පවා විකුණා ඒ වෙනුවෙන් ලෑස්ති උණා. නමුත් අවසානයෙ එදින හවස මෙය බොරුවක් බව දැනගත් ඔහුට දෙලොව රත් වෙන්න ඇති. නමුත් අවසානයේදි නැවත බොහොම අපහසුවෙන් ගෙදර බේරාගැනීමට ඔහුට හැකිවුණා. ඒ වගේම 1957 දී bbc නිව්ස් වල ගියේ ස්පැගටි ශාකයක් ඇති බවත් එයින් ස්පැගටි පළදාව නෙලා ගත හැකි බවත් ය. ඔවුන් ඒ සදහා අපූරූ රූපරාමුද සකස් කර තිබුනා. මෙයි බොහෝ දෙනා අප්‍රේල් මෝඩයින් බවට පත් වුණා. සමහර පුද්ගලයින් බීබීසී යට කතා කර තමන්ගේම ස්පැගටි ගසක් සාදාගන්මේ කෙසේද කියාත් විමසා සිටියලු.
2008 දී බීබීසිය මගින් නැවත ප්‍රේක්ශයි මෝඩයාට ඇන්දුවා. පියාඹන පෙන්ගුයින් විශේශයක් සොයා ගෙන ඇති බව සදහන් කළ ඔවුන් එහි රූප රාමුද අපූරුවට සකසා තිබුනා. මෙයින්ද දහස් දෙනා ඒප්‍රිල් ෆූල් බවට පත් වුණා. කොහොම වුනත් එදා මෙදා තුර ඇස්‍ රතු වුණ වගේම විහුළුනම් බොහෝ වෙලා ඇති. 
ඒ වගේම අප්‍රේල් මාසයේ පළමු වැනිදාම මෝඩයාගේ දිනය යෙදීම පිළිබද අපේ සමහර වැඩිහිටියෝ නම් එතරම් කැමැත්තක් දක්වන්නේ නෑ. එයට හේතුව වන්නේ සින්හල අලුත් අවුරුද්ද සමරන් මේ උතුම් මාසේ පළවෙනිදා මෝඩයා ගේ දිනය ලෙස සැලකීම නොකලයුත්තක් බවයි. කොහොම වුනත් සින්හලයා මෝඩයෙක් කරවීමට ඉන්ග්‍රීසින් විසින් කළ කුමන්ත්‍රණයක් ලෙසත් සමහරය අය හදුන්වනවා. කොහොම උනත් අප්‍රේල් පළමුවැනි දින මෝඩයාගේ දිනය ලෙසින් සැලකීමේ සම්ප්‍රදායට දිගු ඉතිහාසයක්‌ තියනවා. එම දිනය මෝඩයාගේ දිනය ලෙසින් සැලකීමේ සම්ප්‍රදාය 1564 දක්‌වා දිව එන බවයි සදහන් වෙන්නේ. 9 වැනි චාල්ස්‌ රජතුමා විසින් වසරක්‌ ආරම්භ කළ යුත්තේ ජනවාරි 01 වැනි දින බව නම් කළ නිසා රෝම දින දර්ශනයට අනුව දෙවැනි මාසය අප්‍රේල් ලෙසින් සැලකුවාලු.නමුත් බොහෝ දෙනා ඊට කැමති වී නෑ.

අප්‍රේල් යනු  "වසරේ මල් පිපෙන ඵල දරන වසන්තය කාළයයි.  මෙසේ රිතු වෙනස් වීම මිනිසාව සොබා දහම විසින් රවටන කාළයක් බවට ඔවුන් සිතුවා. මේ නිසා මේ කාළයේ ඔවුන් තම මිතුරන්ව රැවටීමට යොදා ගත්තා. ඔය අතරේ 
චාල්ස්‌ රජතුමා විසින් දින දර්ශනය වෙනස්‌ කිරීමට විරෝධය දක්‌වන ලද පිරිස්‌ විසින් මේ ගැන නොතකා අප්‍රේල් 1 වැනි දින තමන්ගේ අවුරුදු දිනය ලෙස සලකන්නට පටන් ගත්තා. දන්නවානේ ඉතින් රජ අණ නොතැකීම කොයිතරම් බරපතලද... මේ නිසා අප්‍රේල් පළවැනි දින අවුරුද්ද සමරන උදවිය මෝඩයන් ලෙස සැළකීමට චාල්ස් රජු සැල කළා.
ඒ වගේම විවිද සමහර රටවල ඒප්‍රිල්ස් ෆිශ් ලෙසද මෙදින මෝඩයා වන අයව හදුන්වනවා. ඒ මෝඩය උණොත් ඇමට හසු වුණා වගේ කියන අදහසින්. ස්කොට්ලන්තයේ අය අප්‍රේල් මෝඩයාව හදුන්වන්නේ අප්‍රේල් කොහා නමින්. ඒ කොහොම උනත් 18 වැනි ශත වර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මෙම සිරිත ඇමරිකාවටත් හදුන්වා දුන්නාලූ.  බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ජාතිකයන් විසින් මෙම සම්ප්‍රදාය ඔවුන්ගේ යටත් විජිත වෙත හඳුන්වා දුන්නා. ඒ විදියට තමයි මේ දිනය මේ සම්ප්‍රදාය අපේ රටටත් දායාද වුණේ. එංගලන්තයේදී මෙසේ සිදුකරන විහිළු, තහළු උදය වරුවට පමණක්‌ සීමා කෙරනවා. ඒ ආභාශයෙන්ම වෙන්න ඇති අපිත් කවුරුන් හෝ මෝඩයා කරන්නේ 12ට කළින්. ඊට පස්සේ මෝඩයා වෙන අය දැන් 12 පහුවෙලා ඕවා ඔට්ටු නෑ කියලා බෙරෙනවා... එහෙනම් දැන් මේක කියව කියවා ඉන්නේ නැතිව කාවහරි මෝඩයා කරන්න. හැබැයි ඇස් රතු වෙන විහුළුනම් කරන්නයන්න එපා. ඒ වගේම මෝඩයා නොවී ඉන්නත් පරිස්සම් වෙන්න. එහෙනම් හැමෝටම සුභ පැතුම්.. 

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved