Must Read

Thursday, March 31, 2016

රැය පහන් කලා ඔබ ගැන සිතමින්




ඇට්ටර පාට අහින්සක කොල්ලෙක් සුරතල් සුකුමාල අහින්සක කෙල්ලෙක්. තාම අවුරුදු හතයි කෙල්ලට. කොල්ලටත් යාන්තම් හතයි.පුoචි කෙල්ලගේ නම සයුරි. ඇට්ටර පාටට ඉන්න කොල්ලගේ නම් තරිදු. පුoචි ලමයිගේ හිත් මල් වගේලු. අල්ලපු ගෙවල් වල හිටිය මේ දෙන්නගේ හිතුත් මල් වගේමයි. වෙල් ඉපනැලි වල දුවපනිමින් මේ දෙන්නා දවස ගෙව්වේ බොහොම සතුටින්. ගමේ පාසලින් අකුරු ඉගෙනගන්න ගියෙත් එකටමයි. සමහරක් වෙලාවට තරිදුට ගමේ කොල්ලෝ සයුරි සයුරි කියලා විහුළු කරනවා. පොඩි උනාට ඒ වෙලාවට තරිදුගේ මුණ රතු වෙනවා. සයුරිටත් එහෙමයි. දවසක් ගමේ සමිතියෙන් හැමෝටම යන්න චාරිකාවක් සූදානම් කරා. ඒ කොලොඹ වටේ යන්න. කොළොඹ ඇවිත් කට්ටියම ගොඩක් විනෝදවුණා. හැබැයි තරිදු නම් සයුරි ලගමයි හිටියේ.අනිත් කොල්ලෝ වැලි මාලිගා හදද්දි තරිදු සයුරි එක්කලා අත් අල්ලන් වැල්ල දිගේ ඇවිද්දා.ඒක දැකපු වැඩිහිටියෝ කිව්වේ ජාති ජාතිත් පතාගෙන ආපු දෙන්නෙක් වගේනේ මුන් දෙන්නා කියලා. 
ටිකෙන් ටික කාළය ගෙවි යද්දි සයුරි තරිදු උස්මහත් උණා. ඒත් එයාලානම් වෙනදා වගේමයි. නවයොවුන් වියට එළඹෙද්දි දෙදෙනාගෙම සිතේ යාළුකමකටත් වාඩා එහා ගිය හැගීමක් සිතට දැනෙන්නට වුණා. දවසක් තරිදු කොල්ලෝ එක්ක ගහගනිද්දි එතෙන්ට දුවලා ගිය සයුරු තරිදු එක්ක ඇවිත් කිව්වේ.."තරිදු ඔයාට මන් යාලුවෙක්ට වඩා ටිකක් හරි ආදරෙයි. ඔයාට රිදෙනවාට මන් කැමති නෑ. ඒක නිසා අපහු කා එක්කවත් ගහගන්න එපා.මට පොරොන්දු වෙන්න" එතකොට තරිදු කිව්වා.."ඔයා විතරක් නෙමෙ සයුරි මමත් ඔයාට යාළුවෙක්ට වඩා ආදරෙයි. ඒකනේ මන් ඔයා කියන එක අහන්නේ. අයිත් මන් ගහගන්නේ තියා රණ්ඩුවක් දිහා බලන්නේවත් නෑ" එදා සයුරිට හරිම සතුටුයි. ටිකෙන් ටික කාළය ගෙවෙද්දි සයුරියි තරිදුයි උසස් පෙළ විභාගයෙනුත් සමත් වුණා. දෙදෙනාම විභාගය සමත් වුනත් දෙදෙනා සමත් වී තිබුනේ විශ්ව විද්‍යාල දෙකකට. තාරුණ්‍යයේ හොදම අවදියේ සිටි දෙදෙනාම තම සිත්වල තිබූ ලෙන්ගතුකම ඒ විදියටම සිත තුළම සගවා ගත්තා.
තරිදු තේරුනේ සබරගමු විශ්ව විද්‍යාලයට. සයුරි කැළණිය විශ්ව විද්‍යාලයට. දෙදනා වෙන්වූ විට ආලේ අඩුවෙයි කියා බොහෝ දෙනා කියුවත් දෙදෙනාගේ ආදරේ තව තවත් වැඩි වුණා. තරිදුගේ රැය ගත වුණේ සයුරි ගැනම සිතමින්. සයුරිගේ ඒ නිල් පාට දිලිසෙන ඇස් දකිනකම් තරිදුට ඉවසිල්ලක් නැති වුණා.සයුරි ගැනම විතරයි තරිදු හිතුවේ. අපේ ආදරේ එක් කර දෙන්න කියලා තරිදු දෙවියන්ගෙන් උදේ හවා ඉල්ලුවා. සයුරිත් එහෙම්මමයි. කොපමණ අය ආදරේ ඇගෙන් ඉල්ලුවත් තරිදු පමණයි ඇයට සිහිවුණේ.

කාළය එහෙම ගත වුණේ ගතවෙන හැම තත්පරයක්ම ඔවුනොවුන් ගැන සිහින දකිමින්. අවුරුදු කීපයක උසස් අද්‍යාපනයෙන් පසු දෙදෙනාම ගමට පැමිණියා. ඒ ඇස් හමු වූ විට තවත් මේ ආදරේ හිතෙ හිර කරන් ඉන්නට තරිදුට නොහැකි වුණා. ලගට ගොස් ආදරෙන් සයුරි වැළදගත් ඔහු තම ආදරේ ඇය වෙත ප්‍රකාශ කරා.සයුරිගෙ දෙයැස් දිලිසුනේ සතුටු කදුලින්.. දෙපාර්ශවයේම දෙමව්පියොත් මේ දෙදෙනාට අශිර්වාද කරේ හරිම සතුටින්... දවසක් හැන්දෑවක ගo ඉවුරෙදි සයුරීව තම ලයට තුරුල් කර ගනිමින් තරිදු මෙසේ මිමිණුවා....


රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක්වේවී
අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී

පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි
වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි
යෞව්වනියක වී ඔබ මා අතගෙන මේ සැන්දෑ යාමේ
සොඳුරු ආදරේ මිහිර විඳින්නට මේ සුමිහිරි යාමේ

මා සුන්දර සිහිනයක් මැව්වා
අප වටකර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා
ප්‍රියාදරියේ //

රැය පහන් කලා..

මා සුන්දර සිහිනයක් මැව්වා///


රුක්ශාන් මාක් විසින් රචිත නදීක ජයවර්ධන ගායනා කරන රැය පහන් කළ ගීතය ඇසුරින් නිර්මාණය විය.


0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved