Must Read

Thursday, March 31, 2016

කුඩ්ඩෙක්ලු ඔහු


අවුරුදු විස්සයි පොඩි කොල්ලා තව
හිත හොද කොල්ලලු ගමේම හදුනන
පාසලේ ප්‍රදාන සිසු නායක වන
හුරතල් පොඩි පුතු අම්මාගෙ තව

තරුණ විසේනම් හරි බෝමයිලු 
ආදරේ කරන්නේ බොක්කෙන්මයිලු
කොල්ලගේ කෙල්ලත් හරිම හැඩැයිලු
හැඩ වගේම ඇගේ වැඩත් යසයිලු

මාස තුනක් ඇය ඔහුට සෙට් වෙලා
ගෙදරත් නෑ දැන් හැමවිට කොල්ලා
පoති පීස් මාසෙට නෑ ගෙවලා
මොනවා කරනවද මේ පොඩි කොල්ලා

අම්මාගේ බත් ටික රස නෑ කියලා
පාරේ කාණුවට ඒක විසිකරලා
කේ එෆ් සී දැක ඒකට ගොඩ වෙලා
චිකන් ගිලිනවා කෙල්ලත් එක්කලා

මගේ පැටියෝ මට ආලේ දෙන්නකෝ
රත්තරනේ මේ කටත් කන්නකෝ
කෝ මගේ සුදු අම්මී මෙහෙ එන්නකෝ
පොඩි කොල්ලාගෙ වැඩ මේන් බලන්නකෝ

දවසක් පන්තිය අයිනේ බන්කුවේ
කොල්ලෙක් එක්කලා කෙල්ලෙක් ඉන්නේ
හරියට හැඩරුව හොදට හුරුයිනේ 
මගේ පණ නෙමේය කොල්ලා හිතන්නේ

මාස දෙක තුනක් ඔහොම ගෙවනවා
කෙල්ලගේ අන්කේ හරි බිසි වෙනවා
පාඩම් කරන්න සිත් නැති වෙනවා
මහ රෑ ජාමෙත් කොල්ලා අඩනවා

සැකයිලු කොල්ලට කෙල්ල කියනවා
ඒකලු රන්ඩුත් කෙල්ල බයිනවා
ආදෙරෙටනේ කොල්ලා කියනවා
අපි ගැලපෙන්නෑ කෙල්ල බයිනවා

මේක නවත්තමු හරියන්නේ නෑ
මට දැන් තිත්තයි ඉන්න දෙන්නේ නෑ
මට නම් ඔයාව හරියන්නෙම නෑ
කෙල්ල කියන දේ වාවන්නේ නෑ

මගේ පණ අහන්න මට ඉන්නට බෑ
මගේ හදවත් බිද එහෙම යන්ට බෑ
මගේ ආදරේ මට කියාගන්න බෑ
ඔයා නැතුව දිවි ගෙවන්නනම් බෑ

කොල්ලගෙ වැලපිලි ගනන් ගන් නැතුව
කෙල්ල වෙන එකෙක් හිතවත් කරගෙන
වාවනු බැරුවට කෙල්ලගේ වියෝව
කොල්ලා තනිවෙලා තැබෑරුමක් ලග

කරටි කැටෙන්නට ඔහු දැන් බොනවා
පාරේ හැම තැන වැටි ඉන්නවා
අත සැම තැන විද මොනවද විදිනවා
කොල්ලා අහින්සක ආලේ විදවනවා

කුඩු ගද ඔහුගේ ලගින් හමනවා
ගමේ ගෑණු ටික කතා හදනවා
කුඩ්ඩලු ගමේම පැතිරිලා යනවා
අම්මට වාවනු බැරිව හඩනවා

අවුරුදු විස්සක් අම්මගේ වෙහෙසින්
උස් මහත් උණා අම්මගේ ආලේන්
මාස හයක් කෙල්ලෙකුගේ ඇසුරෙන්
විනාශ වී ගියා කෙල්ලගේ ආලෙන්

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved