Must Read

Saturday, April 2, 2016

Short & Sweet

පුරා අවුරුද්දක පමණ කාලයක් විටින් විට මුහුණු පොතේ කුරුටු ගෑ කුරුටු ගී අතරින් කිහිපයක් එකතැන් කරන්නට හිතුනා .



‪#‎මතකයන්‬..                                           
අලුත් වෙන තරමට
‪#‎වේදනාවත්‬ ඒ හා 
සමානුපාතිකව
අලුත් වේ...! 


මම සහ දයිවය..
මම: මචන් දයිවය..
හිතලා හිතලා
වැටිලා වැටිලා
නැතිවෙලා නැතිවෙලා
ඉවසලා ඉවසලා
මට හරි
මහන්සි බන් දැන් නම්...
දයිවය: බොමුද සීතල වතුර වීදුරුවක් එහෙනම්...

නුබ...
කුඩ අරන්
රේන් කෝට් මහද්දි හිතුනා
අනෝරා වැසි වහින්න ලගයි කියලා..


ඉරිසියාව
කුඩුකේඩුකම්වලින් 
පිරුනු ගැහැනු සිත්
වල යටිඅරුමුනු
සගවගන්නා
අපූරු මෙවලම
අනේ darling ...


දෙමාපියන්ගෙන්වත් 
බැට කා නැති
මට
ඇති පදමට
බැට දුන් 
මචන් දයිවය..
උබනම්
ලොවෙත් නැති පොරක්.


පස් මහ බැලුම් 
බලලා 
පටන්
ගත්තත්
අපේ වැඩ 
කනපිට..!
කාටවත්
කදරයක්
නොකරපු
අපිටම
වරදිද්දි
තිස්තුන් කෝටියක්
දෙයියෝ
කොහෙද දන් නෑ
ඉන්නේ...
යකාගේ දයිවය...!!!


තිත්ත කරවිල 
තිත්තමයි
වාගේ තමයි...
කවුරු කොහොම
කිව්වත්
සසර
නම්
දුකක්
විතරමයි...
සමිදුනි උත්තම..
වඩිනු මැන යලි..
මිනිසා දුකින්
මුදවන්ට...


ජීවිතේ
කියන්නේ
එකම දෙයක් 
නෙමේ කියලා
මට
කියලා
දුන්න
ඔයාට
ගොඩක්
පින්...


මේ සන්සාර
සාගරයේ
කවදාහරි
දවසක
ඔයයි 
මමයි
එකතු වෙයි..
මන්
බලන් ඉන්නවා
ඒ දවස එනකම්..
ඒදාට ඔයාට
දැනෙයි
අනිත්
හැමෝටම
වඩා මන්
හොදයි කියලා...


දෑතේ කරගැට
අපට නොපෙන්වා
සතුටින්
දහදුක් 
මහ මෙරක්
ඉවසලා
සිය දිවි සැමවිට
අපහට
කැප කල
අති උත්තම
ප්‍ර්‍රතාපවන්තයා
ඔබයි තාත්තේ...
ඔබට දීඝායූ.....!


ඇති වීම
නැති වීම
සමසේ 
බාරගන්නට..
අටලෝ දහමෙන්
සිත සනහන්නට
ආසයි
මටත්
මහනදම්
පුරන්නට..


නිමක් නැති
මේ කතර
අවසානයක්
නැතිවාද 
මන්දා...
ආසයි මටත්
පුරන්නට
මහන දම්
මේ සසර..
අවාසාන
කරගන්න
මතුදා...


මම යනු...
නිමක් නැති 
මේ කතරේ
හීන 
ගොඩක්
මැද
අතරමන්
වුන
තවත් එක්
මනුශ්‍ය
ආතමයක්..


ඔක්කොම කුනු
බේරේ වැවට
වගේ
ඔක්කොම කේන්තී
මගේ පිටින්..

ආඩම්බර
හිතුවක්කාර
ඔය ඇස්
හැමදාම මාව
රිද්දුවට
මන් තාමත්
ඔයා ගාව ඉන්නේ
ඔයාට
ගොඩක්
ආදරේ නිසා..
හැබැයි
දවසක් එයි
මේ ආදරේ
මහ මෙරක්
කියලා
ඔයා තේරුම් ගනී
එදාට..


උගතුන්
නූගතුන්
කරන
නූගතුන්
උගතුන් 
කරන
ආයුදය
මුදල.


හීන
වැඩි වෙද්දි 
ජීවත් වෙන්න
බලාපොරොත්තුවක් 
දෙනවලු
ඒත්
ඒ හීනම
තමයි
කවදහරි
ජිවිතේ
නැති කරලා
දාන්නෙත්


ජිවිතේ 
ගොඩක් 
ලස්සනයි
හිතන 
පතන 
දේ

විදියටම
උනානම්...


සද තරු පායා 
රෑ ආකාසේ
සතුටින් 
කලු මේඝ
වලාවන් 
සද තරු
වසා ගොසින්
කදුල් වර්ශා
ඇද හැලි
ඇයිද මේ
කුමක් කරන්නද
නැත වැටහීමක්.


හදෙ රැව්දෙන හදේ හඩ මට 
පවසයි මා ජීවත් වන වග...
නෙතු අගින් ගිලිහෙන කදුලු කැට
හගවයී මා නොනිදා නැති බව..
සෙමෙන් පිටවන මගෙ හුස්මින්
පෙන්වයි මම නොමැරී ඇති බව..
නොමල මල මිනිසෙකු ලෙසින්
අද දිවිගෙවමි මම ඔබ නැතිවම...
ඔබේ හුස්මේ සුවද සිහි කොට..
ගෙවමි තත්පර කදුලු හඩමින..
අපේ ආදර වියෝවය කෙලෙස
ඉවසා සිටිම් ද...


අදුරු සෙවනැලි
කදුළු රජයන
මේ පාළු සුසානයේ
නුඔ එතැයි දැන් එතැයි
හද ඉකිගසා හඩලනු ඇසේ
රුව දකින්නට
පින් නොකල මුත්
නෙත් කෙවෙනි
අද මේ ලෙසේ
බලා ඉන්නම්
තවත් ඉන්නම්
කදුළු තද කරගෙන සිතේ
මේ කදුලූ ගී
දුක් සුසුම් වී
මහ පොලවේ
වැලලී යතේ..


පා..ළු කලුවර සුසානයේ
සැතපිලා... මා... තනිව.. අද..
ළඟින් උන් කවුරුත් නෑහැනේ අද
රාත්‍රියේ මේ තනි රකින්නට....
එකම පිවිතුරු හදවතින් මම..
නුබට පෙම් කල නිසාවෙන් අද..
මියැදිලා මා මෙසේ..
සෙනෙහේ අගුලුලා මා සිතේ..
පැමිනෙන්න වරක් හෝ මා වෙත..
ආසයි නුබේ මුවග බලන්න
තෙපලන්න ඔබෙ මුවින්
අදරෙයි මට පන වගේ බව...
මගෙ පාළු සොහොන වෙත
පැමිනි දිනකදි ඔබ..
පැල කරන්න වතුසුදු පැලයක්
ඔබ ලගින් බව දැනෙන්න..


සද තරු තරහා වීලා 
ඇයිද මේ අද 
ඈත් වීලා තරු කුමරි..
සද සොයාගන්න නෑ....
තරු සොයගන්න නෑ..
අහස් කුසම අද පාලු වීලා...
නිහඩ වීලා...
සිත රිදී අද සද තරු යුගල
තරහ වී.....

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved