උපන් දිනේ..
👔හායි සුදූ...👗දැන් නේද මාව මතක් වෙන්නේ
👔නෑ රත්තරනේ හැම වෙලාවෙම මතක් වෙනවා
👗එහෙනම් උදේ ඉදන් msg එකක් වත් එව්වේ නැත්තේ ඇයි...
👔අද..... මන් බඩුවක් කියන්නද.. හැබැයි තරහ ගන්න බෑ හොදද...
👗ඒ මොකක්ද...
👔ම්ම්ම්ම්... එක්කෝ පස්සේ කියන්නම්.. දැන් ඔයා මොකද කරන්නේ..
👗අනේ ඔන්න ඉතින් බෑ බෑ මුලින් කියලා ඉන්න...
👔පස්සේ කියන්නම් සුදූ.... ආදරෙයි මන් ඔයාට...
👗කියන්නකෝ.... අනී..... මන් තරහ වෙනවා හ්ම්...
👔කෝ බලන්න කෝ මේ පැත්ත හැරිලා හිනාවෙන්නකෝ...
👗බෑ මන් තරහයි.
👔ඔයා තරහා උනාම මට කෝ සූටි කෙල්ලෙක්..
👗මන් තරහයි ඕනී නෑ මට ඔයාව.. මන් තියනවා..
👔අනේ මගේ පණ කෝ ඉතින් හිනා වෙන්නකෝ.. අයියා පව්නේ ඔයා තරහා උනාම....
👗බෑ බෑ මන් තරහයි. එහෙනම් මට කියන්න මොකද්ද උනේ කියලා...
👔ම්ම්ම්ම්ම්... එහෙනම් කියන්නද... කිව්වොත් යාළු වෙනවා නේද...
👗කිව්වොත් යාලු වෙන්නම්. නැත්තන්ම් තරහයි...
👔තරහ වෙන් නෑ කියලා පොරොන්දු වෙනවා නේද....
👗ඔව් අනේ කියන්නකෝ ඉක්මනට... ඔන්න කිව්වේ නැත්තනම් අපහූ රෑ වෙනක්ම්ම කතා කරන් නෑ...
👔අනේ එහෙම කරන්න එපා පණ.. එහෙනම් මන් කියන්නම්කෝ
👗හා කියන්න එහෙනම්.. කියන්නකෝ.....
👔ඔයාට සුභම සුභ උපන් දිනයක් සුදූ නoගී පැටියෝ..... 😂
👗මැට්ටා මැට්ටා මැට්ටා මන් තරහයි. යාලූ වෙන්නෙම නෑ. ඕනේ නෑ. මන් තියනවා..
.......................................................................බීප්..............................................................................
0 comments:
Post a Comment