Must Read

Friday, April 1, 2016

ඇස තුල ඇති පාවෙන හැඩ - EYE FLOATERS





ඔයාලගෙත් ඇහේ  තියෙනවද එහා මෙහා යන තිත් එහෙමත් නැත්තම් එක එක හැඩයේ දැල්, හැඩ වගේ දේවල්. ඒවා අපිට ගොඩක්ම වෙලාවට පේන්නේ නිල් අහස වගේ එළිය දෙයක් දිහා බලාගෙන ඉන්නකොටයි. ඉතින් අපේ ඇහැ තුල පාවෙන ඒ හැඩ වලට කියන්නේ eye floaters කියලා. මේවා සමහර වෙලාවට කරදරයක් වුනාට අපේ පෙනීමට බාධාවක් වෙන්නේ කලාතුරකින්. මොකද සමහර වෙලාවට ලොකු eye floaters ඇහැ තුල සෙවනැල්ලක් වැනි දෙයක් ඇති කලත් ඒ සමහර ආලෝක තත්ත්ව වලදී විතරයි. ඉතින් අපි ගොඩක් වෙලාවට මේවත් එක්ක ජිවත් වෙන්න පුරුදු වෙනවා. ඒ වගේම කාලය ගත වෙද්දී අපිට මේ eye floaters තියෙනව කියන එක අමතක වෙන්නත් පුළුවන්. නමුත් කලාතුරකින් ප්‍රතිකාර කල යුතු තරමට මේවා වර්ධනය වන අවස්ථාත් තියෙනවා.





හැබැයි මේ eye floaters කෙටි කාලයක් තුලදී එක පාරටම විශාල ලෙස වැඩි වෙනවනම් නැත්තම් ඒවත් එක්ක ඇස තුල එලි (flashes) එහෙමත් නැත්තම් ඇහේ පැත්තක පෙනීම නැති වීම වගේ තත්ත්වයනුත් තියෙනවනම් තවත් විශේෂයෙන්ම ශෛල කර්මයකට පසුව මෙවැනි තත්ත්වයක් ඇති වුනානම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමු වීම තමයි සුදුසු වෙන්නේ. මොකද මෙවැනි තත්ත්වයන් නොසලකා හැරීමෙන් ස්ථිර ලෙස ඇස් වල පෙනීම නැති වෙලා යන්න පුළුවන්.


අපි මේ eye floaters දිහා කොච්චර කෙලින් හදන්න බැලුවත් ඒක කරන්න අමාරුයි. මොකද ඒවා පැත්තකට පා වෙලා යනවා. මොකද ඒවා අප ඇස තුල ඇති  කාචමය ජෙල් තුල නිදහසේ පාවෙමිනුයි තියෙන්නේ. මේවා ඇති වීම වලක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ eye floaters වැඩියෙන්ම ඇති වෙන්නේ දෘෂ්ටි විතානයට සමීපයෙන් පා වෙවී තියෙන ප්‍රෝටීන් හෝ සෛල කොටස් නිසයි. තව ඇසෙ අභ්‍යන්තර ලේ ගැලීම් නිසාත් මේවා ඇති වෙන්න පුළුවන්. ඒකනම් ඉක්මනින්ම ප්‍රතිකාර ගන්න ඕනේ අවස්තාවක්. කොහොම වුනත් අපේම හොඳට අවුරුදු දෙකකට වතාවක්වත් වෛද්‍යවරයෙක් ලවා ඇස් පරික්ෂා කර ගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved