පැරදුනාම රත් වෙන ඉන්දියාව
ජය පාරාජය සතුටෙන් භාර ගන්න ඕනේ කියන එක ලෝකේ හැම තැනම පිළිගත්ත කරුණක් උනත් අපේ අසල් වැසි ඉන්දියාවේ ඉන්න ගොඩ දෙනෙක් ඒක අහලවත් නැති බව හැමෝම දන්න දෙයක්. හැමෝටම මතක ඇතිනේ 96 ලෝක කුසලානේදී අපිට පැරදුනාට පස්සෙ ක්‍රීඩාංගනෙත් ගිනි තියලානේ නතර වුනේ. ඉතින් මේ සැරේ 20යි 20 කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග තිබුණු සටනෙන් පරාද වුනාට පස්සෙ ඒ අය ආයෙත් වැඩ පටන් ගත්තා.
තරඟයෙන් පසු ඉන්දියන් ක්‍රීඩකයන්ගේ රූප පුළුස්සමින් ඔවුන්ගේ අවමගුල සමරණ අයුරු
ඉතින් මීට කලිනුත් මෙහෙම දේවල් ඕනේ තරම් වෙලා තියෙනවා කියලා හැමෝම දන්නවා වුනත් අපි අතීතය ටිකක් අරගෙන බලමු.
තරඟ පාවා දීමේ චෝදනා එල්ල වුනු පසු 2013 දී ක්‍රීඩක ශ්‍රීනාත් ගේ පින්තුර පුළුස්සන අයුරු
2006 දී ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රීඩක Greg Chappell ගේ රුවින් පඹයෙකු සාදා පිළිස්සූ අයුරු
2008 ප්‍රසිද්දියේ තරඟයේ අම්පයර් වරුන් බුරුවන්ට සමාන කල අවස්තාව
2007 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට පරාද වුනු පසු
2003 දී ගංගුලි, තෙන්දුල්කාර් සහ විරේන්ද්‍ර ෂෙවාග් ගේ පින්තුර පිළිස්සූ සැටි
කොහොම වුනත් මේ මේ කලබල මැද්දේ බංගලාදේශ නායක Mushfiqur Rahim මරු වැඩක් කරලා තිබ්බා.. ඒ තමයි සතුට යනු ඉන්දියාව සෙමි ෆයිනල් පැරදිමයි කියමින් ට්විටර් post එකක් දැමීම.... පසුව එය ඉවත් කල සමාව ගත්තත් ඊට කලින් කවුරුන් හෝ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න සමත් වෙලා..
0 comments:
Post a Comment