අල්ලගත්තොත් වැඩේ නියම බිස්නස් එක මලේ..
අද ලෙක්චස් මට. දැනුයි ගෙදරට ආවේ.ඒ එන අතරතුරේදී හමුවුන අමුත්තන් පිරිසක් නිසා පුoචි බ්ලොග් සටහනක් ලියන්න හිතුණා. නුගේගොඩ ඉදන් කඩුවෙලට එද්දි රු 200 ක් විතර වැඩි පුර තියාගෙන යන්න ඕනේ කියලා හිතෙන වාර එමටයි. ඇයි ඉතින් හෝල්ට් එකෙන් හෝල්ට් එකට නගින යාචක පිරිස කීයක් හරි අතට දුන්නේ නැත්නම් ඔරෝනවනේ.බස් වල කෝච්චි වල ගමන් කරන හැමෝටම මේ යාචක පිරිස නම් හමුවෙලා ඇති. සමහර වෙලාවට හිතෙනවා මෙයාලා ඇත්තමද කියන්නේ කියලා. සමහර පත්තර වල යාචක බිස්නස් එක ගැන කියන විදියට කාටවත් සතයක් දෙන්න හිතෙන් නෑ. ඒත් ඉතින් එයාලගේ දුක් ගැනවිල්ල ඇහුවම නොදී ඉන්නත් හරිම අමාරුයි. ඒත් අපි ගාව හැමවෙලේම මුදල් රැදෙන්නෙත් නෑ. අනික එක බස් හෝල්ට් එකකින් එක යාචකයා ගානේ නැග්ගත් මේ විදියට බස් හෝල්ට් පහකින් නැග්ගොත් පහක්. ඒ එක් කෙනෙක්ට රු 20 ගානේ දුන්නොත් දවසට එක ගමනකට යනවා රු 100ක්. දවස් 10ක් ගියොත් මේ විදියට රු 1000ක් ගිහින්නේ ඉතින්... අපිට හැමදාම ඕක කරන්න පුලුවන්ද... සමහර අම්මලා තාත්තලා බස් එකට නගින්නේ ගමන් වියදම විතරක් තියාගෙන. ලගින් යද්දි අහක බලන් හිටියාමත් බැන බැන යන සමහර යාචකයෝ ඉන්නවා. සමහර වෙලාවට මේ බස් වල යාචකයන්ට වඩා අමාරුවෙන් ජීවත් වන මිනිස්සුත් ඉන්නවා ඇති. සමහර අය කිරි අම්මා දානෙත් බිස්නස් කරනවා. තවත් කට්ටියක් පුන්චි ලමයිව. තවත් අය තමන්වම. ඒ අතරේ පොඩි පොඩි දේවල් විකුනලා කීයක් හරි හොයාගන්න උත්සහ කරන අයත් ඉන්නවා. ඒ වගේම තමන්ගේ දක්ශතාවයක් හැමෝටම පෙන්නලා එකෙන් කීයක් හරි හොයාගන්න අයත් ඉන්නවා.ඇත්තට ඒ වගේ දෙයක් එක අතකින් හොදයි. මොකද බොරුව විකුණන් කන්නේ නැතුව ඒ වගේ දෙයක් ඇත්තම හොදයි. කොහොම උනත් හිතේ පින් සිතුවිල්ලක් ඇතුව පිනටයි කියලත් බොහෝ අය මුදල් පරිත්‍යාග කරනවා. "අපිට මොකද ඒ අය මොනවා කරත්.. අපි දුන්නේ හොද හිතින්නේ" කියලා හිත හදාගන්න වෙලාවලුත් ඕනේ තරම්.
කොහොම උනත් ඇත්තටම අසරණ කමට යාදින අයත් බොහෝ ඇති. නමුත් දැන් දැන් යාචකයන් පැටව් ගහන බව නම් ඕනේ කෙනෙක්ට තේරෙනවා. මහ පරිමාණ බිස්නස් එකක් වෙලා දැන්. සමහර අය ගෙදරින් කිට් එක ඇදන් ඇවිත් ජොබ් එක විදියටත් මේ බිස්නස් එක කරනවා.කොහොම උනත් මේ යාචක බිස්නස් එක නිසා දැන් දැන් ඇත්තටම අසරණයෙකුටවත් කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ. මෙ යන විදියට ඉදිරියේදි යාචක අමාත්‍යාංශයකුත් බිහිවෙන්න බැරි නෑ.
0 comments:
Post a Comment