Must Read

Saturday, March 26, 2016

කැපුම් ශාන්ති කර්ම

   


     මන්ත්‍ර විද්‍යාව යනු අන් අයට සෙතක් ලබා දීම උදෙසාම,මිනිසාගේ උන්නතිය උදෙසාම පහල වූ අද්විතීය විෂය පථයකි.මන්ත්‍ර විද්‍යාවට ඇති මන්ත්‍ර සංඛ්‍යාව මෙතෙක් යැයි කියා ගණන් කිරීම තරමක් අපහසුය.ඈත අතීතයේ සිටම පැරණි මේ ශාස්ත්‍රයෙන් ගත හැකි යහපත් ප්‍රතිඵල අපමණ වේ.මින් කැපුම් ශාන්ති කර්ම යනු කා අතරත් ප්‍රචලිත ශාන්ති කර්ම විශේෂයකි.කොපමණ යහපත් ප්‍රතිඵල තිබුනද ඇතැම් ශාන්ති කර්ම මරණ කර්ම ගණයට පරිවර්තනය වන අවස්ථාද ඇත.ඒවානම් පෙරළා කැපුම් වේ.පෙරළා කැපීමක් යනු යම් කිසි කොඩිවිනයක් කල තැනැත්තා විනාශ වී යන පරිදි එම කොඩිවිනය කපා දැමීමයි.නමුත් මම එය අනුමත නොකරන්නේ කෙදිනකවත් වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බැවිනි.එම නිසා පෙරළා කැපීම් වලින් වැලකී තමාගේ දෝෂ පමණක් ඉවත් කර ගැනීම කළ යුතුය.

   වින කැපුම් සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබේ.බොහෝ විට ඇදුරු පරම්පරාව,ප්‍රදේශය වැනිදේ මත මේවා වෙනස් වන බවට අපට නිරීක්ෂණය කල හැක.නමුත් එක නැට්ටේ දෙහි,දෙහි,යකි නාරං,එක ඉත්තේ යකි නාරං,පුහුල්,අන්නාසි,අළු කෙසෙල්, තැඹිලි, හබරල අල වලින් සාදා ගත රූප,හොඬල,බිත්තර,නියඟලා අල වලින් සාදා ගත් රූප,කැහිපිත්තන්,ඉරමුසු,සස්සඳ,මිනී ඔළු,ඉටි රූප ආදිය බහුලව යොදා ගන්නා බව අපට දැකිය හැකියි.

   කෙසේ වෙතත් කැපීම සිදු කිරීමට පෙර ආතුරයාට අයත් රෝග පිඩාව,අවශ්‍යතාව පිලිබඳ හොඳින් සොයා බැලිය යුතුය.මන්ද යත් නිවැරදි ලෙස කැපීමේ පිළිවෙත් අනුගමනය නොකළහොත් අහිතකර ප්‍රතිපල අත් විය හැක.ඊට හොඳම නිදසුනක් වන්නේ දරුණු කොඩිවිනයක් නොමැති අවස්තාවක එසේ ඇතැයි වරදවා වටහාගෙන කොඩිවිනය නියමාකාරව කැපීම සිදු කලොත් තමාටම වූවද ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වීමයි.

   මනුෂ්‍යයාට බොහෝ විට ලෙඩ රෝග ඇති වන්නේ තුන් දොස් කිපිමෙනි.වා,පිත්,සෙම් යන තුන් දොස් සමනය කිරීම සඳහා කැපීමේ ශාන්ති කර්ම බහුලව භාවිතා කෙරේ.එලෙස ඉතා ජනප්‍රිය ශාන්ති කර්මය වන්නේ දෙහි කැපීමේ ශාන්ති කර්මයයි.තමාට ඇති ඇස්වහ කටවහ දෝෂ ඉවත් කර ගැනීමටත් වා,පිත්,සෙම් දෝෂ නිවාරණය කර ගැනීමටත් දෙහි කැපීමේ ශාන්ති කර්මය නිතරම යොදා ගන්නා බව දැකිය හැකි වේ.ඒවාට පමණක් නොව වන,පිළිකා,බුත භය,සිහි විකල,ගුප්ත රෝග,අධ්‍යාපනය ගැටළු,ව්‍යාපාර රැකි රක්ෂා ගැටළු,පවුල් ජිවිතයේ ගැටළු ආදී බොහෝ ගැටළු වලට මෙම ශාන්ති කර්මය මඟින් හොඳ ප්‍රතිපල ලඟා කර ගත හැකිය.සාමාන්‍යයෙන් පුද්ගලයෙක් මාස 3 කට වරක්වත් දෙහි කපා ගත යුතුය.

   තවද කැපුම් ශාන්ති කර්ම වලදී මන්ත්‍රාචාර්යය වරයා තෝරා ගැනීමේදීද සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබේ.පැහැදිලි,නිවැරදි උචාරණයක් සහිතව කැපුම් සිදු කිරීම ඉතාමත් වැදගත් වන බැවින් එවැනි උචාරණයක් සහිත පිරිසිදු භක්තිමත් පස් පවින් වැළකුණු මන්ත්‍රාචාර්ය වරයෙකු තෝරා ගැනීමට ඔබ නිතරම සැලකිලිමත් විය යුතුය.එවිට ඔබට ඉහමත් ප්‍රතිඵල ගෙන දෙන කැපුම් ශාන්ති කර්මයේ විස්මය දැක ගත හැකි වේ. 

උපදෙස්: ආධ්‍යාත්මවේදී  කපිල සත්‍යජිත් - 071 442 8095 / 071 349 1000 

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved