කිරි අම්මාවරු දනට වඩිනවා... චන්ද්‍රලේඛා පෙරේරා.
සේපාලි , නෙළුම් අක්කයි නoගියි. ඔවුන් නිවුන් සහෝදරියෝ. සේපාලි අක්කායි නෙළුම් න0ගී කරකාරෙට ගියෙත් එකම දවසේ. දෙන්නා ඉපදුනෙත් එකම දවසේ. එදා ඉදන් බොහෝ කටයුතු දෙදෙනාම එකම ආකාරයෙන් කළ නිසාදෝ ඔවුන්ගේ විවහා උත්සවෙත් එකම දිනයකයි පැවැතුනේ. ඔවුන් දෙපළ විවහා වුනෙත් ඉතාමත් හොදින් ගුණදර්ම දත් බෝසත් ස්වාමිපුරුෂයින් දෙදනෙක් සමගයි. දින සති මාස ගෙවි ගියා. සේපාලී කුසේ පුoචි දරු පැටියෙක් පිළිසිඳගත්තේ ඒ අතරතුරයි. ඔවුන්ගේ මුළු පවුලටම එය මහත් සතුටක් වුණා. නෙළුම් නoගිටත් එය කියා නිම කළ නොහැකි සතුටක් වුණා. නොදැනීම දවස් ගෙවි ගියා.දරු ප්‍රසූතියට මාසයක් පමණ තියෙද්දි සේපාලීයි ඇගේ සැමියයි සේපාලිගේ මහ ගෙදර නැවතීමට එන්න අදහස් කරා. සේපාලිගෙ පළමු දරුප්‍රසූතියත් නිසා ඇගේ සැමියා සිටියේ බොහෝ තිගැස්මෙන්. දෙදනා එන අතරතුරේදී ඔවුන් දෙදනා පැමිණි ත්‍රී විල් රථය මග මරුවෙකුට බිලිවුනේ රටක් කම්පා කරමින්... විසි වී ගොස් බස් රතයේ රෝදයට අසවූ සේපාලිගේ සැමියා මහපාරේම අවසන් සුසුම් හෙලුවේ නොසිතු අයුරින්.රියදුරුද ඔහුත් සමගම ජිවිතයෙන් සමුගත්තා. ත්‍රීවිල් රතය තුළ සිරිවී සිහිසුන්ව සිටි සේපාලීව අවට සිටි සියලු දෙනා රෝහල වෙත රැගෙන ගියා. පණිවිඩය හමු වූ විගස නෙළුම් ඇගේ සැමියා මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ද කඩිනමින් රෝහල වෙත පැමිණියා. දොස්තරවරුන්ගේ අපිරිමිත උත්සහයෙන් සේපාළිගේ පුoචි දරුවා බේරා ගැනීමට හැකි වුනත් සේපාලීව බේරා ගැනිමට ඔවුන්ට නොහැකි වුනා. අවස්න් සුසුම් හෙලු සේපාලිගේ විඩා බර දෑසේ ලියවී තිබුනේ ''අනේ මගේ දරුවා" යන්න පමණයි.
දොස්තවරු පැමිණ කිරිකැටි පුතු පැටියෙක්ව නෙළුම්ගෙ දෑතට ලබා දුන්නා. කිරිකැටි පුතු දුටු මොහොතේම නෙළුම් ගේ සිතේ ඇති වූ ආදරය ආත්ම ගණනාවක බැදීමක්දෝ දැයි ඇයට සිතුණා. සේපාලී සහ ඇගේ සැමියාගේ අවසන් කටයුතු නිමවීමෙන් පසු සියලු දෙනා මහත් ශෝකයෙන් විසිර ගියා. ඒත් ඒ වෙද්දිත් නෙළුම් කිරිසප්පයා වෙනුවෙන් තම හදවතම ලබා දී තිබුණා. ඇගේ තීරණය වුනේ පුoචි දරුවාට ඇය අම්මා වන බවයි. ඒ වෙනුවෙන් ඇය කාන්තාවකට හිමි උතුම්ම පදවිය ලැබිමේ වාසානාව පවා පරිත්‍යාග කරා. තවත් දරුවෙක් ඉපදුනොත් මේ දරුවාට වෙනස් කමක් වේ යැයි බියෙන් ඇය එය පරිත්‍යාග කරා. ඇගේ සැමියාද එයට මුකුත් නොකීවේ ඔහුද ඉතාම ගුණගරුක ඒ වගේම බෝසත් සැමියෙකු වන නිසාමයි.
දින සති අවුරුදු එසේ ගෙවි ගියා. පුoචි කිරිකැටියාට දැන් අවුරුදු 13ක්. නෙළුම් සහ ඇගේ සැමියාට තමන්ගේ ලෝකය වුනේ මේ පුoචි පුතු. එක් දිනයක මේ කැදැල්ලට අමුත්තියක් ආවා. ඇය ඔවුන්ගේ නිවසේ අල්ලපු නිවසට අලුතින් පැමිනි හිතවතියක්. ඇය පැමිණ නෙළුම්ට කිරි අම්මා දානයකට ආරාධනා කරා.
නමුත් බොහොම කණගාටුවෙන් නෙළුම් එය ප්‍රතික්ෂේප කරා.
ඒ බැව් දුටු පුoචි පුතු "ඇයි අම්මේ අම්මා යන්නැත්තේ" යැයි විමසුවා. නෙළුම් කදුලු කැට සගවා ගනිමින් "මට සනීපයක් නෑ පුතේ" යැයි පැවසුවා.
ඒත් ඇගේ සිතා ඇයට මෙසේ කිව්වා...
"කිරි අම්මාවරු දනට වඩිනවා දැක අම්මා නොයන්නේ ඇයි දැයි අසන්න එපා මගේ පුතේ. මේ අම්මාගේ සිතේ හිරකරන් ඉන්න දුකට ළය පැලි මිය යාවි මේ අම්මා... මේ භවයෙදි මගේ පුතා මගේ කුසින් නෙමේ ඉපදුනේ කියලා මම කොහොම කියන්නද... මගේ පුතාගේ කැත කුණු අත ගෑවට ඔබට කිරි උගුරක් දීමට මන් පින් කරලා නෑ මගේ පුතේ. මගේ පුතාගේ සුරතලේ දකින්න විතරයි මන් පින් කරේ.. ඒත් මතු ඉපදෙන හැම භවයේකිදීම මම නුඹ බිහිකරන කිරි අම්මා වෙනවාමයි මයේ පුතේ. එහෙම වෙලා කිරි අම්මා දානෙකටත් වඩින්නට වරම් ලබන්නම් මගේ පුතේ..."
කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුලු ගම්මානේ..
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතණුවනේ
මා සිත රිදෙන නිසා...
නෙත නිදිවරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවේ දුක් විඳලා..
එනමුත් කුසයේ හොවමින් බිහිකර
ඇඟලේ කිරිකර නැත පොවලා..
කිරි අම්මාවරු..
නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා..
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහිකර කිරි මව වීලා..
කිරි අම්මාවරු..
චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ගායාන කරන කිරි අම්මාවරු දනට වඩිනවා ගීතය ඇසුරෙන් බිහි වූ නිර්මාණයකි.
0 comments:
Post a Comment