Must Read

Friday, March 25, 2016

අම්මාගෙ චිකන් ඩෙවල් එකේ රහස.. (chicken deval)

හරිම මහන්සී. අද දවස පුරාම ක්ලාස්. ගෙදර ඇවිත් නාගත්තාමයි මහන්සිය ටිකක් නිවිලා ගියේ. ඇදට වෙලා චූටි නoගියා එක්ක චුට්ටක් හුරතල් කරද්දි පුoචිලා ආවා කියන්කෝ. ඔන්න දැන් තමයි ගියේ. පුoචිලා ආපූ නිසාම අපිට අද රෑ  special dinner එකක්. පුoචිලා එන්නේ ඉතින් අපේ අම්මාගේ චිකන් ඩෙවල් එක කන්නම බලන් තමයි. ඉතින් අම්මා අදත් හැදුවා චිකන් ඩෙවල්. කවදාහරි මහත්තයාට හරි හදලා දෙන්න පුරුදුවෙන්න කියලා අම්මා මටත් කතා කරේ නැතෑ. හැමෝම ඉස්සරහ කිව්ව නිසා චුට්ටක් මූණ රතු උනත් කතාව ඇත්ත නිසා මමත් අම්මත් එක්කම කුස්සිය පැත්තට ගියා. අම්මාගෙ චිකන් ඩෙවල් එක රසයි කියලා හැමෝම කියනවා. ඉතින් ඒක නිසාම මටත් හිතුනා ඔයාලටත් අම්මාගේ රෙසිපි එක කියන්න.
ඔන්න එහෙනම් අවශ්‍ය කරන කළමනා ටික.


පොඩියට කපාගත්ත චිකන් කැබලි 500g
මාලූ මිරිස් 50g
කැරට් 50g
ලීක්ස් 50g
ලොකු ලූනූ ගෙඩි දෙකක් විතර
අමු මිරිස,තක්කාලි වගේම දෙහි ගෙඩියක්
ලූණූ, කෑලී මිරිස් කළමනා ටිකයි තව තලාගත්ත සුදු ලූණූ, ඉගුරු පොඩ්ඩකුයි
තක්කාලි සෝස් ටිකකුත් ඕනේ.

මුලින්ම ගම්මිරිස්, ලුණු හා දෙහි එකට දාලා චිකන් කැබැලි ටිකට හරියන් ප්‍රමාණයෙන් පුoචි මිශ්‍රණයක් සාදා ගන්නවා. ඊට පස්සේ අර චිකන් කෑලි ටික මේ මිශ්‍රණයට දාලා ඒ මිශ්‍රණය චිකන් කෑලි වල හොදින් තවරා ගන්නවා. ඊට පස්සේ ඕක සීසන් වෙන්නත් ඕනෙනේ. සීසන් වෙන්න විනාඩි 10 වගේ තිබ්බනම් ඇති.

තවරාගත් චිකන් ටික සීසන් වෙන අතරේ අපිට කරන්න ලොකු වැඩක් තියනවා.ඒ තමයි අර කලින් ලෑස්ති කරගත්ත කැරට් මාලු මිරිස් ලොකු ලූණූ ලීක්ස් ටික ලස්සනට කපා ගන්න ඕනේ. ලස්සනට කැපුවොත්නේ කන කෙනාට ආසාවක් ඇතිවෙන්නේ. 
මේ ටික කපාගෙන ඉවරවෙද්දි චිකන් ටික සීසන් වෙලානේ.
ඊට පස්සේ මේ සීසන් වෙච්ච චිකන් ටික රන්වන් පැහැ වෙනකම් බැදගෙන චුට්ටක් පැත්තකින් තියාගන්න ඕනේ. දැන් ඉතින් පෑන් එකකට තෙල් ටිකක් දාලා ඒක රත් වීගෙන එද්දි තලාගත්ත සුදු ලූණූ ඉගුරු ටික දාගෙන මදක් බැදගැනිම කරන්න ඕනේ. ඒක බෑදීගෙන එනකොට රසනහර පිනා යන සුසුඹක් එනවා. විනාඩියක් පමණ බැදෙද්දි ඒකට අර කලින් කපාගත්ත එළවලු ටික දමා ටික වේලාවක් රත්කරගන්නවා.ඒ මිශ්‍රනයටම ගම්මිරිස් චුට්ටක් වගේම කෑලි මිරිස් හා ලුණු අවශ්‍ය ප්‍රමාණයට එක් කරගන්න ඕනේ. පොඩි රහසක් තියනවා. මේ මිශ්‍රනයටම සීනී චුට්ටක් දාගත්තම ඩෙවල් එකේ රස දෙගුණ වෙනවලු. අම්මාගේ ගුරුමුශ්ටිය තමා මිශ්‍රනය දාන සිනී ස්වල්පය... ඔන්න අන්තිමට තමයි අර රන් වන් පාටට බැදගත්ත චිකන් ටික මිශ්‍රනයටම එකතු කරගන්නේ. ඉන් පසූ ලිප නිවා  එයට තක්කාලි සෝස් එකතු කරගන්නවා. යහමින් සෝස් ටික එකතු කරගන්න අතරතුර හොදින් කලවම් කරගැනීමද අමතක කරන්න එපා.  හැබැයි ඉතින් එලවලු ටික තැලෙන් නැති වෙන්න බොහොම පරිස්සමෙන් කළවම් කරගත්තොත් තමා ඩෙවල් එකේ වටිනාකම රැදෙන්නේ. කොහොම වුනත් ආසාවෙන් ආදරෙන් හදන ඕනේම කෑමක් රසයි කියලා තමයි අපේ අම්මානම් හැමවෙලෙම කියන්නේ.


0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved