දවසක් පැල නැති හේනේ...
පියල් ඈත ගමක් පුoචි කොළු ගැටයෙක්. අම්මා , අප්පුච්චා අයියණ්ඩිලා අක්කණ්ඩිලා එක්ක ගෙවන් ජිවිතේ හරිම ලස්සනයි. පියල්ගේ පවුලට අඩුවක් පාඩුවක් වෙන්න දෙන්න පියල්ගෙ අප්පුච්චා ඉඩ දුන්නේ නෑ. පියල්ගේ අප්පුච්චා සෝමසිරි. සෝමසිරි වඩුවෙක්. ගමේම බoකු මේස වගේම වහල ගැහුවෙත් සෝමසිරි. දසවක් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගේ ඉල්ලීමට පන්සලේ ආවාස ගෙයි වහලය අලුත් වැඩියා කරන්න සෝමසිරි සූදානම් වුනා. තවත් කිහිපදෙනෙකු සමග වහලයට නැග අලුත්වැඩියාව අතරතුර අවාසනාවන්ත අයුරින් පය ලිස්සා සෝමසිරි වහලයෙන් බිම ඇද වටුනේ කවුරුත් නොසිතපු අයුරින්. වාහාම රෝහල් ගත කරත් ගමේ ඉස්පිරිතාලෙ දොස්තරමහත්වරුන්ට නොහැකි වුනා සෝමසිරිගේ ජීවිතය බේරගන්න. එදා පියල්ගේ පුoචි පවුලට අකාල මහා වරුසාවක් හෙන ගහමින් වැටුනා වගේ වුනා කිව්වොත් හරියටම හරි. අනේ සෝමසිරිගේ අකල් මරණයෙන් පියල්ගේ පුoචි ගෙදර පාළූ වී ගිය පැලක් නැති හේනකට සමාන වුණා. ඒත් දුප්පත් කම නම් මහා වරුසාවෙන් පුoචි දරුවෝ ටික නොතැමි බේරාගැනීමට පියල්ගේ මව සිරියාවතී බෝහෝ වෙහෙසක් දරන්නට වුණා. ලණු අඹරා දෑත් කරගැට වලින් පිරිගියත් අතේ නහර වැල් ඉලිප්පී ගියත් ඇය නොසෙල්වී වෙනත් විවහායක් ගැන හෝ නොසිතා තම දරුවන් වෙනුවෙන් බොහෝ වෙහෙසවුණා. ඇගේ වෙහෙස මල් පල ගන්වමින් දරුවන් සතරදෙනානාම හොද තැනකට ඒමට වාසානාවන්ත වුණා. ඒ අතරින් ඉහලටම ඉගෙනුම ලැබූ පියල් රජයේ හොද තනතුරක් ලබා ගනිමින් කොළොම්පුරයේ රැකියාවක් ලබා ගැනීමට දක්ශ වුණා. තටු ලැබුනු කුරුල්ලෙකු සේ කොළොඹ පැමිණි පියල්ට ටික දිනක් යද්දි කොළොම්පුරයේ කටුක බව වැටෙහෙන්නට පටන් ගත්තා. කොළොම්පුරයේම තරුණියක් කරකාරෙට ගත් පියල් තම අම්මාගෙන් තම දිවියට ලැබූ රැකවරණයම බිරින්දෑගෙන්ද බලාපොරොත්තු වුණේ ඉතාම වුවමනාවෙන්... ගමේදී දුප්පත් කම නම් වරුසාවෙන් බදා එල්ල වූවා සේම කොළොම්පුරයදී පියල්ට තෙමෙන්ට වුණේ නින්දා අපහාස කුහකකම් චෝදනා වැනි මහා වරුසාවලින්. නමුත් ඔහුට අම්මාගෙන් ලැබුන රැකවරණය නම් බිරින්දෑගෙන් නොලෙබෙන්නට වුණා. ටිකෙන් ටික බිරින්දෑගේ ආදරය කරුණාව අඩුවන බව දැනෙද්දි පියල්ට අම්මාව වැඩි වැඩියෙන් මතක් වන්නට වුණා. දවසක් එක රැයක බිරින්දෑ සමග වුණ අරවුලකින් මහත් සිත් තැවුලට පත් පියල් අදුරු කාමරයකට වී සුරුට්ටුවක් උරමින් තමන්ටම මෙසේ මුමුනන්න වුණා....කොළඹ අහස කළු කරගෙන මුහුදු හුලග හඬලන කොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ..........
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හන්ගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ
නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගුරුනදා
බිරිඳකගේ සෙනේ ගියා
යෝඅද ඇලේ නැමෙමේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ
කොලඹ අහස කලු කරගෙන
මුහුදු හුලඟ අඬලන කොට
ඔටුන්න බිම දා සැනකින් එන්නද එක පිම්මේ
මම එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ
මම එන තුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ
රණ්බන්ඩා සෙනෙවිරත්න ශූරින් විසින් රචිත ගුණදාස කපුගේ මහතාණන් විසින් ගායනා කරන දවසක් පැල නැති හේනේ ගීතය ඇසුරින් බිහිවූ නිර්මාණයකි.
0 comments:
Post a Comment