මසාලා නූඩ්ල්ස්_ masala nuddles
නූඩ්ල්ස් ටිකක රසය විදලා තියනවා නේද... අපි හැමෝම බොහොම ප්‍රිය කරන ආහාරයක් තමයි නූඩ්ල්ස් කියන්නේ. නූඩ්ල්ස් ටික නිකන්ම තම්බලා පරිප්පු ටිකක් පොල් සම්බෝලයක් චිකන් කරී එකක් එක්ක වුනත් රසයි. ඒ වගේම නූඩ්ල්ස් ටික එලවලු ටිකක් දාලා තෙම්පරාදු කරගෙන බිතරයක් එක්කත් කදිමයි. ඒ වගේම දැන් ඔය කානිවල් වල හැමතැනම තියෙන්නේ මැගී ප්‍රීමා නුඩ්ල්ස් වර්ගත්. හදිසියකදි ගෙදරදීම වුනත් ඒ විදියට වුනත් හදා ගන්න පුලුවන්. කරන්න තියෙන්නේ... මැගී එක තැම්බෙන වතුරට පොල්තෙල් ටිකක් එක්ක තුනපහ මිරිස් ලුනු ටික ඇති පදමට දා ගනිමින් පිළියෙල කරන එකයි. උණු උණුවෙම රසවිදින්න ඕනේ හැබැයි. ඒ වගේම පිසගන්නා නූඩ්ල්ස් වර්ගයක් තමයි මසාලා නූඩ්ල්ස් කියන්නෙත්.
මසාලා නූඩ්ල්ස් හදාගන්න ඕනේ කරනවා...
තම්බා ගත් නූඩ්ල්ස් කෝප්ප දෙකක්... (දෙදනෙකුට ප්‍රමාණවත් වන ලෙස)
සිහින්ව කපා ගත්ත ලොකු ලූණූ ගෙඩියක්
සිහින්ව කපා ගත්ත තක්කාලි ටිකක්.
කොත්තමල්ලි කුඩු තේ හැදි එකක්
කහ කුඩු තේ හැන්දක් විතර..
මිරිස් කුඩු තේ හැදි බාගයක්..
තුනපහ තේ හැදි එකක්
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
එළවලු තෙල් තේ හැදි දෙකක් පමණ... එළවලු තෙල් නැතිනම් පොල් තෙල් ටිකක් වුනත් පාවිච්චි කරන්න පුලුවන්.
මුලින්ම තෙල් ටික රත්කරගෙන ඒකට ලූණූ ටික දාලා බැද ගන්නවා. රන්වන් පාටට බැදිගෙන එනකොට අර කපාගත්ත තක්කාලි ටික එක් කරගන්න ඕනේ. ඒකටම කොත්තමල්ලි කුඩු කහ කුඩු තුනපහ කුඩු මිරිස් කුඩු හා ලුණු ටික කලින් කිව්ව ප්‍රමාණ වලින් එක කරගන්නවා. මතක තියාගන්න ඕනේ තක්කාලි හොදින් තැම්බෙනකන්ම මේ ටික බැදගන්න.
ඒ විදියට බැදගත්තට පස්සේ ඒකටම අර තම්බා ගත්ත නූඩ්ල්ස් ටික එකතු කරග්නන ඕනේ.මාoශ ආහාර වඩා ප්‍රිය කරනවා නම් නූඩ්ල්ස් ටිකත් එක්කම බැදගත් චිකන් ටිකක් මාලු කෑලී ටිකක් සොසේජස් කෑලි ටිකක් වුනත් එක් කරගන්න පුලුවන්. ඊට පස්සෙ විනාසි දෙකක් විතර හැදිගාමින් (හොදින් කලවම් වීම සදහා) පිසගන්නවා. පිසිගෙන එද්දි හොද සුවදකුත් එයි. උණු උණුවෙන්ම ආහාරයට ගත්තොත් වඩාත් රසවත්... ඒ වගේම ආහාරයට ගන්න කලියෙන් ආහාරයේ සුවද ටිකක් විදින්න. ආහාරය ඇසෙන් රසවිදින්න.... ආහරය ඉතාම රසවත් වේවි.
0 comments:
Post a Comment