පුoචි නoගි
පාළු වී ගිය මගේ දිවියේ සුපුන් සදවති පුoචි නැගණි
අදුරු වී ගිය අහස් කුසයට පෑයූ සදවති මයේ නැගණි
විඩාබර වූ මයේ මනසට සොමිරසය දුන් පුoචි නැගණි
කෝහේ ඉදලා කොහොම ආවද මගේ පණකද මයේ නැගණි
විසිතුනයි මට තුනයි නැගණිට දකින හැමටම හරි අවුල්
විසිවසක් බාලයිලු මට ඔයා සැවොම තියනවා දෙස් දෙවුල්
කවුරු මොනවා කිව්වා මොකදැයි මට නෑනේ ඔය කිසි අවුල්
මගේ පණ නළ ලියැවී ඇත්තේ නැගණි නමටයි සෑමකල්
සoසාරේ කාළෙක හමුවෙන්න ඇති අක්කා නoගෝ ලෙසින්ම..
මේ තරම් ආදරේ ඇත්තේ සසරේ අප දෙදනා ලෙසින්ම
පහුවෙලා හරි ඔයා ආවේ අක්කා නැති වූ පාළුවෙන්ම
ආදරෙයි ඔය පුoචි ඇස්වෙත මගේ පණටත් වඩාසැම.
රෝස කුසුමක් ලස්සනයි හරි මගේ නoගි වගේම
නිල් මැණික් දිළිසෙන්නේ නැගණිගෙ පුoචි ඇස් දෙක වගේම
රෝසපාටයි පුoචි තොල් පෙති ලපටි නා දලු වගේම
ලස්සනයි මගෙ පුoචි නැගණි දෙව්ලොවේ සුරගන වගේම
දගකාර ඔබේ පුoචි සුරතල් බස් මගේ දිවි එළිය කරනවා
දගකාර ඔබේ ඔය පුoචි සිනහා අපේ නිවසම එළිය කරනවා
දගකාර ඔබේ පුoචි දග වැඩ අපේ ලෝකයේ විඩා නිවනවා
ලෝකේ සැමටත් වඩා ඔබ හට සැවොම අපි ආදරේ කරනවා
0 comments:
Post a Comment