Must Read

Tuesday, April 5, 2016

WhatsApp උපක්‍රම


 
WhatsApp කියන්නේ අද කාලේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ඇප් එකක්. ඒකට හැමදාම වගේ අලුතෙන් මිනිස්සු එකතු වෙනවා වගේම අලුත් පහසුකමුත් එකතු වෙනවා. මේ පහසුකම් වලින් අපිට ගොඩක් වැඩ ලේසි කරනවා වගේම හැබැයි සමහර වෙලාවට අපිට කරදරයක් වෙන වෙලාවලුත් තියෙන්න පුළුවන්. හැබැයි ඒවා අපිට ඕනේ විදිහට වෙනස් කර ගන්න පුලුවන්නම් ඒවා ප්‍රශ්නයක් වෙන්නේ නෑ...



අකුරු වල හැඩරුව වෙනස් කරමු 

පරණ සංස්කරණ වල මේ ක්‍රමය නොතිබුනත් ඔයාලා පාවිච්චි කරන android වර්ෂන් එක 2.12.535 පස්සෙ හරිනම් නැත්තම් ios වර්ෂන් එක 2.12.17 පස්සෙ ඇප් එක හරිනම් ඔයාලට ලේසියෙන්ම මේ පහසුකම ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පල්ලෙහා විදිහට..

Bold: අවශ්‍ය කොටස දෙපැත්තෙන් තරු සලකුණ යොදන්න (*bold*)
Italics: අවශ්‍ය කොටස දෙපැත්තෙන් underscores යොදන්න (_italics_)
Strikethrough: අවශ්‍ය කොටස දෙපැත්තෙන් tilde සලකුණ යොදන්න (~tilde~)
 




අන්තිමට ඔන්ලයින් ආපු වෙලාව

මේ පහසුකම ඉවත් කරනකම් ඔයාලා අන්තිමට ඔන්ලයින් ආපු වෙලාව හැම යාලුවෙක්ටම පෙන්වනවා. ඉතින් ඔයාලට හිත රිද්දවන්නේ නැතුව මග හරින්න හෙම කවුරු හරි ඉන්නවනම් මේක කරදරයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා මේ පහසුකම අක්‍රිය කලොත් ඔයාලටත් අනිත් යාළුවො ඔන්ලයින් ආපු වෙලාව බලන්න වෙන්නේ නෑ. මොකද ඒකටත් සාධාරණයක් තියෙන්න එපැයි.. ඔයාලට කරන්න තියෙන්නේ,

Settings menu >  Account > Privacy > Last Seen වල ’Nobody’ කියන එක සිලෙක්ට් කරන්න.



මැසේජ් කියවපු වෙලාව

ඔන්ලයින් ආපු වෙලාව වගේම තමයි මැසේජ් කියවපු වෙලාවත් whatsapp වලින් පෙන්නනවා. හැබැයි ගෘප් චැට් වලදිනම් ඒ පහසුකම ඉවත් කරන්න බෑ. ඒ වගේම ඒක ඉවත් කලාම කලින් වගේම අපිටත් අනිත් අය මැසේජ් බලපු වෙලාව බලා ගන්න බැරුව යනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ,
 
Settings > tap Account > Privacy වල ‘Read Receipts’ ඔප්ෂන් එක ඕෆ් කරන එක



මැසේජ් backup කරමු

ඕනෑම දෙයක backup එකක් තියා ගන්න එක හොඳ පුරුද්දක්. ඒ වගේම whatsapp වලත් මැසේජ් backup කරන්නත් පහසුකම් සලසලා තියෙනවා. ඉතින් ඔයාලා ෆෝන් ඒක මාරු කරනවානම් හරි නැත්තම් ෆෝන් එක නැති වුනොත් හරි නැත්තම් custom ROM එකක් දාන්න ගිහින් වැඩේ අනාගත්තොත් හරි මැසේජ් ටික පරිස්සම් කර ගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ,

Settings menu > Chats > Chat Backup වලට ගිහින් sd කාර්ඩ් එකට හරි නැත්තම් අවශ්‍ය තැනකට ඔයාලගේ මැසේජ් backup කර ගන්න එක. අලුතෙන් whatsapp install කරහම backup install කරන්න ඔප්ෂන් එකක් දෙනවා. 



හොඳම යාළුවා හොයා ගමු 


මේ පහසුකම මඟින් ඔයාලා වැඩියෙන්ම මැසේජ් හුවමාරු කරගෙන තියෙන්නේ කාත් එක්කද කියලා පිළිවෙලින් බලා ගත්තහැකි. හැබැයි ios මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන අයට පමණයි. android අයට දැනට සොරිම තමා. ඔයාලට කරන්න තියෙන්නේ,

Settings > Account > Storage Usage වලට යන එක විතරයි.


 

ගෘප් චැට් වල සද්දේ වහමු 

අවුරුදු ගානකට කලින් පටන් ගත්ත ගෘප් චැට් එකකින් තාමත් කරදරේනම් ඔයාලට ඒ ගෘප් චැට් එකෙන් පණිවිඩ  ලෙහෙසියෙන්ම නිශ්ශබ්ද කරන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ,


ගෘප් චැට් එකට ගිහින් චැට් එකේ නම ඔබලා කොච්චර කාලෙකට කරදරයක් නැතිව ඉන්න ඕනෙද කියලා තෝරන්න විතරයි.



කම්පියුටර් එකටත් whatsapp 

ඔයාලට ලැප් එකෙන් හරි නැත්තම් සාමාන්‍ය කම්පියුටර් එකකින් හරි මැසේජ් යවන වැඩෙත් කරන්න පුළුවන්. හැබැයි ios අයටනම් මේ පහසුකම තිබ්බත් එතරම් හොඳ මට්ටමක නෑ කියලා තමයි ආරංචි වෙන්නේ. ඔයාලට කරන්න තියෙන්නේ,


whatsapp වෙබ් අඩවියට ගිහින් එහි ඇති උපදෙස් නිවැරදිව පිළිපදින එක විතරයි.


 

මැසේජ් වලට එන ෆොටෝ ගැලරියෙන් මතු වෙන එක 

whatsapp වල තියෙන ලොකුම කරදරයක් තමයි මැසේජ් එන ඕනෙම පින්තුරයක් ගැලරියේ පෙන්වන්න ගන්න එක. ඔයාලට කරන්න තියෙන්නේ,

ios වල - Settings > Privacy > Photos වලට ගිහින් whatsapp ඕෆ් කරන එක 

android වල - es file explorer එක අරගෙන sdcard/WhatsApp/Media වලට ගිහින් .nomedia කියලා ෆයිල් එකක් හදන්න. 











0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved