Must Read

Tuesday, April 5, 2016

දුර ඈතක මගේ අම්මා


පාන්දරම අවදිවෙලා
බත් රසමුසු තම්බාලා
පුoචි අපව අවදි කරලා
නුබ වෙහෙසුනා අම්මේ

තේ කෝප්පේ ලගට ගෙනත්
පුoචි නළල අතගාලා
ආදරයෙන් අප ලෑස්ති
කළානේ අම්මේ

එහෙට මෙහෙට දුව පැනලා
පුoචි අපිව ආදරයෙන්
පාසල වෙත හැරලූවේ
ඔබයිනේ අම්මේ

කඩිමුඩියෙ ගෙට දුව විත්
බත් මුලකුත් ලෑස්ති කොට
තාත්තාව පිටත් කළේ
ඔබනේ අම්මේ

ඒ එක්කම හරි කලබලේ
අනිත් බත් මුලත් අරගෙන
ගේ දොරගුලු හොදින් දමා
ගියේ ඔබ අම්මේ

මහපාරේ බස් අස්සේ
ඔෆිසියේ ලිපි අස්සේ
හැප්පි හැප්පි
මහා යුද්ධය කාළානේ අම්මේ

හවසට නිවසට ඇවිල්ලා
බුදු සාදුට පහන තියලා
නමෝ තස්ස අපිත් එක්ක
කිව්වනේ අම්මේ

ආදරයෙන් හිස අත ගා
ගණන් අකුරු කියාලා දී
රෑ කෑමත් රසට අනා
කැව්වනේ අම්මේ

දවසේ යුද්ධය අහවර
කරළා රෑ දෙගොඩහරියේ
රිදෙනවාද ඇග අත පය
මගේ සුදු අම්මේ

හෙට උදේට අවදිවෙන්න
නොහැරවුනොත් හෙට උදේට
බෙහෙත් පෙත්ත බී සිටියේ
බියටද අම්මේ

අපි වෙනුවෙන් වෙච්ච වෙහෙස
දරාගත්තෙ බැරිවද ඔබ
ඒ හින්දද අපිව දාලා
ගියෙ මගෙ අම්මේ

අසනීපව ලෙඩ ඇදේ සිට
වින්දා දුක මහමෙරක්ය
ඉවසගන්න බැරිවද නුඹ
ගියේ සුදු අම්මේ

අම්මගේ සුදු දෝණි මෙහෙම
තනිකරලා දුර යන්නට
හදා ගත්තේ කොහොමද හිත
මාගේ අම්මේ

වෙහෙස වැඩි නම් අම්මේ
මෙතරම් ඇයි වෙහෙස වුණේ
තනිකම නම් හරි බොහොමයි
එන්නකෝ ආයිත් අම්මේ

නෑ මිතුරන් ගෙට ඇවිල්ලා
ඔබට මොකද උනේ අසයි
නැවත නැවත මතක් කරලා
හිත වෙහෙසයි මගේ අම්මේ

ඔබ ගියාය කියලා මට
හිතාගන්න බෑ අම්මේ
මගේ ලගට නොපෙනි ඔබ
එනවා නේද සුදු අම්මේ

ලබන භවයේ මෙහෙම නොවී
මා සමගින් සැමදාමත්
ඉන්නවාය නේද සදා
ආදර අම්මේ

ඔබේ සුවද මට මතකයි
ඔබේ රූපය මැවිලා පෙනෙයි
කරුණාබර සෙනෙහෙ ඔබයි
මගේ සුදු අම්මේ

මෙතේ බුදුන් දැක දිනයක
නිවන් පුරයේ ඔබ යන තෙක්
මගේම සුදු අම්මා වී
හිදින්න අම්මේ


0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved