Must Read

Tuesday, April 5, 2016

ස්භාවිකව කුරුලෑ හොඳ කර ගමු....




කුරුලෑ කියන්නේ ගොඩ දෙනෙකුට ඇතිවන සාමාන්‍ය තත්ත්වයක්.  ඒ වුනාට කුරුලෑ නිසා කෙනෙකුට සිතේ පීඩනය වැඩි වෙන්න පුළුවන් වගේම ලැජ්ජාව ඉදිරිපත් වෙන්න තියෙන භය වගේ අවස්ථාත් ඇති වෙන්න පුළුවන්. මොකද ඒ මගින් මුහුණට අප්‍රසන්න පෙනුමක් ඇති වන බවට අපිට හිතෙනවා. මේ කුරුලෑ ඇති වෙන්නේ සමේ තෙල් ශ්‍රාවය කරන ග්‍රන්ථි අවහිර වීමෙනුයි. මුහුණ, බෙල්ල, උරහිස් සහ පිට ආශ්‍රිත ප්‍රදේශ වල තමයි මේ කුරුලෑ සාමාන්‍යයෙන් ඇති වෙන්නේ. කුරුලෑ අඩු කර ගන්න වෙළඳ පොලේ ගොඩක් කෘතීම ආලේපන තියෙන බව ඕගොල්ලෝ දන්නවනේ. හැබැයි ඒ මඟින් අතුරු ප්‍රතිඵල ඇති වෙන්නත් ඉඩ කඩ තියෙන නිසා ස්භාවික ක්‍රම මගින්ම මේවා අඩු කර ගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. ඉතින් මොනවාද මේ ගෙදරදීම කරන්න පුළුවන් පිළියම්....

අයිස් 

අයිස් වලට ඉක්මනින්ම කුරුලෑ නිසා ඇතිවන රතු බව, ඉදිමුම, වේදනාව අඩු කරන්න පුළුවන්. ඒ වගේම අයිස් වලින් මුහුණේ ලේ ගමනාගමනය වැඩි කරන්න පුළුවන් වගේම ප්‍රදේශයේ ඇති කුණු දුවිලි බැක්ටීරියා ආදියත් ඉවත් වෙලා යනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අයිස් කැබැලි රෙදි කෑල්ලකින් ඔතාගෙන තප්පර කිහිපයක් කුරුලෑව ඇති ප්‍රදේශය මත තබාගෙන ඉඳලා ඉවත් කරලා නැවතත් විනාඩි කිහිපයකින් තබමින් අවශ්‍ය පමණට යොදා ගන්න එකයි.

දෙහි 

තවත් ඉක්මනින්ම කුරුලෑ වලට ප්‍රතිකාර කරන්න පුළුවන් දෙයක් තමයි දෙහි කියන්නෙ. දෙහි විටමින් C වලින් පොහොසත් වගේම එමගින් කුරුලෑ වියලීමකට ලක් කරනවා. හැබැයි දෙහි යුෂ ගනිද්දී නැවුම් දෙහි යුෂ පාවිච්චි කරන්න සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද බෝතල් කරන ලද ඒවායේ වෙනත් රසායනික ද්‍රව්‍ය ඇතුලත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට නින්දට යන්න කලින් දෙහි යුෂ කපු රෙදි කැබැල්ලක් පාවිච්චි කරලා මුනේ තවරාගෙන නින්දට යන්න පුළුවන්. ඔබේ මුහුණ සංවේදී වැඩිනම් දෙහි වලට වතුර ස්වල්පයක් එකතු කරලා ආලේප කර ගන්න. තව දෙහි මේස හැන්දකට කුරුදු කුඩු තේ හඬක් එකතු කරලා ආලේපයක් සාදාගෙන තවරා ගන්නත් පුළුවන්.

දන්තාලේප 

අපි දත් මදින්න පාවිච්චි කරන දන්තාලේපම අපිට කුරුලෑ අඩු කර ගන්න පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයිජෙල් ටුත්පෙස්ට් නැතුව සුදු පැහැති ටුත්පෙස්ට් පාවිච්චි කරන්න. අයිස් ප්‍රතිකාරයත් සමඟම පාවිච්චි කරන්න පුලුවන්නම් ගොඩක් හොඳ ප්‍රතිපල ලබා ගන්න පුළුවන්. රෑ නින්දට කලින් කුරුලෑව ඇති වෙලා තියෙන තැන ටුත්පෙස්ට් ස්වල්පයක් තවරාගෙන නින්දට ගිහින් ඊළඟ දවසේ උදේම මුහුණ සෝදන්න.

හුමාලය 

අපිට ලෙඩ වුනාම විතරක් නෙවෙයි අපේ හමටත් හුමාලය ගොඩක් හොඳයි. ඒ මඟින් කුරුලෑ වලට ප්‍රතිකාර කරන්නත් පුළුවන්. හුමාලය මගින් මුනේ තියෙන සිදුරු විවර කරනවා වගේම එහි හිර වෙලා තියෙන බැක්ටීරියා ඉවත් කරනවා. භාජනයකට උණු වතුර පුරවලා විනාඩි කිහිපයක් මුහුණට හුමාලය වද්දවන්න. ඊට පස්සෙ මද උණුසුම් වතුරෙන් මුහුණ හෝදලා හොඳින් තෙත මාත්තු කරලා තෙල් රහිත moisturizer එකක් තවර ගන්න.

සුදුළුනු

සුදුළුනු කියන්නේ අපි කවුරුත් හොඳින් දන්නා හොඳම වෛරස් විෂබීජ නාශකයක්. සුදුළුනු මගින් කුරුලෑ ඉක්මනින්ම සුව වෙනවා වගේම එහි අඩංගු සල්ෆර් මඟින් එම ක්‍රියාවලිය තවත් වේගවත් කරනවා. නැවුම් සුදුළුනු බෑයක් දෙකට කපලා කුරුලෑ මත හොඳින් තවර ගන්න. ඊට විනාඩි පහකට විතර පස්සෙ මුණ මද උණුසුම් ජලයෙන් හෝදන්න. අමු සුදුළුනු ආහාරයට ගැනීමෙන් ඔබේ ලේ පිරිසිදු කර ගන්නත් පුළුවන්. හැබැයි එහෙමයි කියලා ඕනවට වඩා කෑවොත් බඩ අප්සට් යනවා.

බේකින් සෝඩා 

ගොඩක් සංවේදී සමක් හරි මේ ක්‍රමය ගැන සැකයක් තියෙනවනම් හරි මේක නොකර ඉන්න එක තමයි හොඳ. බේකින් සෝඩා මඟින් හමේ මැරුණු සම ඉවත් කරනවා වගේම ඒ මඟින් කුණු දුහුවිලි බැක්ටීරියා ඉවත් වෙනවා. මුලින්ම බේකින් සෝඩා තේ හැන්දක් අවශ්‍ය ප්‍රමාණයට වතුර හරි දෙහි යුෂ වලට හරි කලවම් කරගෙන ආලේපයක් සාදා ගන්න. මුහුණ හොඳින් හෝදලා තෙත ගතිය තියෙද්දීම කුරුලෑ ඇති ප්‍රදේශ වල තවරා ගන්න. (හැබැයි කවදාවත් විනාඩි කිහිපයකට වඩා සම මත බේකින් සෝඩා තියන්න එපා. එමගින් මුහුණ වේලීමට මෙන්ම පිළිස්සීමට ලක් වෙන්න පුළුවන්.) ඊට පස්සෙ මුණ උණුසුම් ජලයෙන් හෝදලා සාර්ථක ප්‍රතිපල ඉක්මනින් ගන්න දවස දෙපාර ගානේ කරන්න.

මී පැණි 

මී පැණි කියන්නේ ස්භාවික විෂබීජ නාශකයක් වගේම ඒ මඟින් සුව වීමේ ක්‍රියාවලිය ඉක්මන් කරන්නත් පුළුවන්. ඒ වගේම මී පැණි ආසාදන වලට එරෙහිවත් යොදා ගන්න පුළුවන්. පිරිසිදු කපු රෙදි කැබැල්ලක් මී පැණි වල ගලවලා මුහුණ මත කෙලින්ම තබා ගන්න. ඊට පැය භාගෙකට විතර පස්සෙ මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න. මේ ක්‍රමය දවසට කිහිප සැරයක් කරන්න පුළුවන්. තව කුරුදු කුඩු සමඟ කලවම් කරලා රාත්‍රියේ ආලේප කරලා පසුවදා උදේ සිසිල් ජලයෙන් සෝදා හැරීමත් කරන්න පුළුවන්.

ගස්ලබු 

ගස්ලබු වලිනුත් කුරුලෑ වලට මෙන්ම කුරුලෑ නිසා ඇතිවන වේදනාවටත් ප්‍රතිකාර කරන්න පුළුවන්. නැවුම් ගස්ලබු වලින් ඉස්ම අරගෙන මුහුණ මත ගලවලා විනාඩි 10 හෝ 15 තියලා සෝදා හරින්න පුළුවන්. තව මී පැණි සමඟ කලවම් කරලා මුනේ තවරලා මිශ්‍රණය වෙලෙනකම් තියලා සෝදා හරින්නත් පුළුවන්.


1 comments:

Copyright © 2016 Cool Science All Right Reserved