Must Read

Monday, April 4, 2016

ආච්චි ඇවිදින්

උදේම ඇහුරිණි
ආච්චි ඇවිදින්
මේ මොක අම්මේ
තාත්තා ඇහුවැයි

බෑ ලොකු පුතේ මට
එහෙනම් ඉන්නට
පොඩි ලේලිය මට
දෙන් නෑ කන්නට

ඒ මොක අම්මේ
මොනවා කියන්නේ
පොඩි මල්ලී හෝ
නැද්ද අහන්නේ

ඌට නැහෙනෙ පුතේ
කිසි ගාණක් වත්
ඌ උගේ ගෑණිට
වහල් සෙවේ දැන්

හිටින්න අම්මේ
තේ ටික බොන්නකෝ
ගිමන් ටිකක් හැර
කතාව කියමුකෝ

අනේ මගේ පුතේ
උන්ට සල්ලි ඇත
මනුස්ස කම නම්
සතයක්වත් නැත

කිරි පෙව්වේ මම
අවුරුදු ගාණක්
කැත කුණු කිළි ටික
පිහිදැව්වේ මන්

උන් කියනවා දැන්
මම හරි ගදයිලු
මම හිටියොත් නම්
ගෙදර විනාසලූ

වැඩිපුර ආදරේ
කළෙත් ඌටනේ
එහෙම එකා අද
මා එළවූයේ

වාහන පෝළීමේ
ඌට තියෙන්නේ
මුදලට ත්‍රී විලේ
මා නම් යන්නේ

උන් ගියා දවසක
දළදා වදින්න
මන් ගේ මුල්ලේ
ආසයි යන්නට

මම හරි කුණුයිලු
දත් ටික හැලිලලු
එන්නට එපාලූ
කාමරේ ඉන්නලු

අනේ පුතේ මම
කදුලුම බිව්වෙමි
තව නම් බෑ මට
ඉන්නට ආවෙමි

එපාද උඹටත්
කියන්න පුතුනේ
යන්නම් මම දැන්
මඩමට පුතුනේ

පිස්සුද අම්මේ
මොනවා කියන්නේ
කදුලු පිහිදාලා
තේ ටික බොන්නේ

ලොකු ලොකු වාහන
අපිට නම් නැතේ
මහ ලොකු සල්ලිත්
බහුලව නම් නැතේ

හිත පුරා ආදරේ
නොමදව නම් ඇතේ
අම්මට ඉන්නට
හදවතේ ඉඩ ඇතේ




0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved