Must Read

Monday, April 4, 2016

හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට

සුනිල් නිර්මලා ගොඩක් ආදරෙන් හිටපු යුවලක්.. සුනිල්ගේ ජීවිතේ නිර්මලා.නිර්මලාගේ ජිවිතේ වුනෙත් සුනිල්. සුනිල් බොහොම නිහඩ පුද්ගලයෙක්.නිර්මලා දගකාරයි. නිර්මලාගේ ආදරය ඉල්ලමින් බොහෝ පිරිස් වෙහෙසුනා. ඒත් ඇගේ ආදරය හිමි වුනේ සුනිල්ට විතරයි. දෙදනා බොහෝ ආදරයෙන් කාළය ගෙව්වා. සුනිල් රැකියාව කළේ කොළොඹ.සති අන්තයේ ගමට පැමිණෙන සුනිල් නිර්මලා සොයාමයි පැමිණියේ. කාළය ගෙවි ගියා. ඒ අතරේ නිර්මලාගේ ආදරය ඉල්ලමින් ගමේ එක් විවහා වූ පුදගලයෙක් පසු පස ආවා. ඔහුගේ බිරිය සේවය කළේ ඩුබායි වල. ඉතින් ඇගේ සැමියා නිර්මලා පසුපස බොහෝ කළක් පැමිණියා. ඔහු නමින් ඩයස්.. ඇයට බොහෝ හිරිහැර කළා. කොළොඹ සිට පැමිණෙන සුනිල්ගේ සිත තවත් වෙහෙස කිරිමට ඇය අකමැති වුන නිසාදෝ ඇය මේ පිළිබද ඔහුට පැවසුවේ නෑ. ටිකෙන් ටික කාළය ගෙවෙද්දි නිර්මලා සහ ඩයස් අතර පෙම් පළහිලව්වක් ඇති බවට ගම පුරා පැතිර ගියා. මෙයත් ඩයස්ගේම සැලසුමක්. ඔහුට අවශ්‍ය වුණේ නිර්මලා සහ සුනිලගේ ආදරය බිද දමා ඇය ඔහුගේ කර ගැනීමට. ටිකෙන් ටික මේ පිළිබද පුවත සුනිල් ගේද කන වැකුනා. නමුත් ඔහුද ඒ පිළිබද කිසිවක් නිර්මලාගෙන් ඇහුවේ නෑ. එක දවසක් නිර්මලා දිය නෑමට ලිදට යන වෙලේ ඩයස් ඇය එන මග රැක සිට ඇයව පදුරක් දෙසට ඇද ගෙන ගියා. මහ හඩින් කෑ ගැසුවත් ඇයගේ විලාපය කිසිවෙකුටත් ඇසුනේ නෑ. අසරණ නිර්මලාගේ පිවිතුරු බව ඩයස්ගේ කුරිරු දෑත් අතර සිර වුණා. මේ බව ගම පුරා පැතිර ගියේ ඊයක වේගයෙන්. මේ බව සුනිල්ටද ආරන්චි වුණා. සියල්ල අතරමග නවතා දමා සුනිල් ගමට දිව ආවා. නමුත් නිර්මලා හුන් තැනක සිටින්නට හෝ සුනිල්ටන්ම් තහන්චි වුණා. කාළය ගෙවෙනවාටත් වඩා ඉක්මනින් සුනිල්ගේ දෙමාපියන් ඔහුට මනාලියක් සොයා විවහා කර දීමට සූදානම් කරා. අසරණ නිර්මලාට මේ පුවත ගහෙන් වැටුණු මිනිහාට ගොනෙකු ඇන්නා සේ වුණා. මොනවා කරන්නද කදුලු බොනවා හැර වෙන දෙයක් ඇයට හිමි වුණේ නෑ. ඇගේ අම්මා තාත්තා පමණයි ඇය වෙනුවෙන් හිටියේ. කාළය ගෙවිගියා. එක් දිනයක ගමටම ඇසෙන සේ ලවුස් පීකර ගස් බැද සුනිල් ගේ විවාහය සිදු වුණා. නිර්මලාට නම් ඇගේ සිත හදාගන්නට තියා ඒ පිළිබද සිතන්නටවත් නොහැකි වුණා.
කුමක් කරන්නද හැඩීම පමණයි ඇයට කරන්නට හැකි වුණේ. කාළය ගෙවුනත් සුනිල් හට ලබා දුන් ආදරය අමතක කරන්නට ඇයට නොහැකි වුණා. සිතින් ඔහුට තවමත් පෙම් කළා. ඔහු වෙනුවෙන් උදේ හවා ඉකිබින්දා. ඇගේ තනියට හිටියේ ඇය විතරයි...
දවසක් ගමේ පන්සලේදි සුනිල් සහ ඔහුගේ බිරිද පන්සලට පැමිණෙනු ඇය දුටුවා. බෝ මළුව අමදමින් සිටි ඇයට පෙර කාළය සිහි වුණේ නිසැකයෙන්... බෝ මළුව ඇමද බෝ කොළ ටික එකතු කොට කොම්පෝස්ට් බදුනට දැමීමට යන්නට සැරසෙද්දි සුනිල් ඇය ඉදිරිපිටට පැමිණියේ අහම්බෙන් වගේ...
කියාගන්න දේවල් දහසක් තිබුනත් ගමේ ගැහැණුන්ගේ උකුසු ඇස් වලට ඔවුන් හසු වේ යැයි බියෙන් ඇය නිහඩ වුණා. ඔහුගේ ඇස් දෙස ඉතා අසරණ ලෙස ටික වේලාවක් ඇය බලා සිටියේ ඔහුගේ සිතද කම්පා කරවමින්. කවදාහරි දවසක කාටත් හොරා තනි වෙන්න ලැබුනොත්.... හිතේ තියන දහසක් දේ කියාගන්න හැකිවේවි මට...
ඇය ඔහුගේ ඇස් වෙත බලමින් පැවැසුවේ එයයි. ඉක්මනින් දෑස් වෙනතකට හෙළු ඇය බිම බලාගනිමින් කොම්පෝස්ට් බදුන වෙත පියමනින්නට වුණා. පියමනින අතරතුර ඇය තනිවම මෙසේ මුමුණන්නට වුණා...

"කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සි‍‍තෙයි අත්තටු නැතිද මැවී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් හිද හිනැහෙනු මැනවී"




හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට
සිත මගෙ බොලද වෙලා
අන්සතු හදකට පෙම්කල වරදට
නුඹ මට එරෙහි වෙලා

කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බෑ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවී

හිමි නැති පෙමකට ඉකිබිද...//

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සි‍‍තෙයි අත්තටු නැතිද මැවී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් හිද හිනැහෙනු මැනවී

හිමි නැති පෙමකට ඉකිබිද...//

මාලනී බුලත්සිංහල මහතිමිය විසින් ගැයු ඉහත ගීතය ඇසුරෙන් නිර්මාණය වූවකි.


0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved