Must Read

Monday, April 4, 2016

යනවා මා මේ ලොවෙන් සත්තයි


කාගේවත් රැවටිලි අසා 
මා දමා අද ගිහිල්ලා 
මා සිතේ ඔබේ රුව මවා
සිදින්නම් ඔබ ගැන සිතා 

පණ දෙන්න වාගේ 
හිටිය ඔබ හට කුමක් වුවේ 
හුලන් පොද වාගේ 
කොහේ හැර දා ගියේ මෙලෙසේ 

වරදක් වූ ලෙස මගේ අතින් 
ඔබ ඇයි ඉන්නේ නිහඩව මුවින්  
සිතාගන්න බෑ වෙන් වී ගිහින් 
සිහිනෙන් එන්නෙත් ඔබමයි ඉතින් 

මගේ ඇස දෙක පියා ගත් විට 
පෙනෙන්නේ ඔබේ දෙඇස් දෙකමයි 
මගේ හදවත ඉල්ලා ඉන්නේ 
ඔබේ ලස්සන ආදේරේමයි 

ඉන්නේ කෙලෙසද නොහදුනන සේ 
කිමද මෙතරම් නපුරු වූ සේ 
නොහැක මටනම් ඉන්න ඔය සේ 
එන්නකෝ මා ලගට පෙර සේ 

කොහොම ඉන්නද ඉවසලා මම 
ඔබයි මාගේ එකම ආලය 
ගියත් මා හැර වෙන කෙනෙකු වෙත 
කෙසේනම් මම නොහඩා ඉන්නද 

ඔබ නිසාමයි හැඩුවේ සැමදා 
බෑ හිදින්නට කදුළු ගංගා 
නැත වෙනත් කිසි අයව පතලා 
ඔබම පමණයි සැමදා ඕනා 

ආදරෙයි මම මගේ පණ මෙන් 
ඉන්නේ දැන් නම් මියගියා මෙන් 
යන්න ගියේ ඔබ මා මරා මෙන් 
මියැදෙන්නේ මා ඔබේ ආලෙන් 

මගේ ආදරේ සොහොන් කරනෙම් 
විරහා ගිනි පෙලී එකතු කරනෙම් 
පුළුස්සා මම දමමි ආලෙන් 
මගේ හදවතේ රිදුණු සැම තැන් 

මගේ ආදරේ ඔබට පමණයි 
පතන්නේ නෑ කෙනෙක් සත්තයි 
ඔබේ ආලය මටම පමණයි 
හැදෙ ගැස්මත් ඔබේ සත්තයි 

මගේ හදවත ඉරාදාලා 
යන්න ගියේ ඔබ නිහඩ විලා 
ළය දෙපලු කර දෙයත් දාලා 
ගන්න හදවත එය සැපයි සදා 

මගේ හුස්මත් ඔබ නිසාමයි 
ළයේ ගිනියම විරහා දුකමයි 
දැවී පිච්චි ඉන්න බෑමයි 
යනවා මා මේ ලොවෙන් සත්තයි 


0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved