Must Read

Monday, April 4, 2016

ලෝකයේ ලස්සනම තැන්

ඇත්තටම පරිසරයේ තියෙන සමහර තැන් අපිට විශ්වාස කරන්න බැරි තරමටම ලස්සනයි. සමහර වේලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔවනම් පොටෝෂොප් කරපුවා වෙන්න ඇති කියලා. මොකද ඒවා ඒ තරමටම සුරංගනා කතාවක තියෙන පරිසරයක් වගේ නිසා. ඉතින් අපි බලමු ලෝකේ ලස්සනම තැන් මොනවාද කියලා.

ආදරයේ උමග - යුක්‍රේනය

Tunnel of Love (Ukraine)

ඇත්තටම මේ තැනට ආදරයේ උමග කියලා කිව්වට මේක කොච්චි පාරක්. ගොඩ කාලෙකට කලින් හදපු නිසා ගස් කෝච්චියේ හැඩේට හැදිලා තියෙනවා. ඒ වගේම මේ මාර්ගයේ දවසකට තුන් පාරක් පෞද්ගලික ආයතනයකට ලී අරගෙන දුම්රිය ගමන් කරනවා. නමුත් මෙතන ගොඩක්ම ප්‍රසිද්ද නම් යුවල් වලට අත් අල්ලාගෙන ඇවිදින්නයි. ඒ වගේම මේ තැනට ඇත්තටම ආදරය කරන ආදර වන්තයන්ගේ පැතුම් ඉටු කරලා දෙන්න පුළුවන් කියලත් විශ්වාසයක් තියෙනවා.


කළු වනාන්තරය - ජර්මනිය 

The Black Forest (Germany)

ජර්මනියේ බටහිර ප්‍රදේශයේ පිහිටා ඇති කළු වනාන්තරය ඉතාමත් ලස්සන දර්ශන වලින් යුක්ත එකක් වෙනවා. ඒ වගේම එහි ඉතා දිග අඩි පාරවල් පිහිටුවා තිබෙනවා. ඒ අඩි පාරවල් ඔක්කොම එකතු කලොත් සම්පුර්ණ දිග කිලෝ මීටර් 23000 පමණ වෙන බවයි වාර්තා වෙන්නේ. මේ අඩිපාරවල් සාමාජිකයින් 90000 කින් පමණ යුක්ත කළු වනාන්තර සමාජය නම් සංවිධානයකින් නඩත්තු කරනවා.


ටිඅන්සි කඳු - චීනය

Tianzi Mountain (China)

චීනය තුල පිහිටා ඇති අලංකාර ටිඅන්සි කඳු  නැග්ග කෙනෙක්ට මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1262 උඩින් මුළු වුලින්ග්‍යන්චු ප්‍රදේශයේම දර්ශනයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ කඳු නැග්ග කෙනෙක් වෙන කඳු නගින්න යන්නේ නෑ කියලත් කතාවක් තියෙනවා.


අපායේ දොරටුව - ටර්ක්මෙනිස්තානය

The Door to Hell (Turkmenistan)

1971 දී රුසියානු භූ විද්‍යාඥයින් විසින් කරන ලද කැණීමකදී තමයි මේ ස්භාවික ගෑස් නිදිය හමු වෙලා තියෙන්නේ.එහිදී මීටර් 70 වක විශ්කම්භයක් සහිත විශාල සිදුරක් පොළවේ සදමින් භුමිය කිඳා බැස තිබෙනවා. ඉතින් ඔවුන් ආරක්ෂාකාරී ක්‍රියා මාර්ගයක් ලෙස එහි ගෑස් පුච්චා දැමීමට තීරණය කර තිබෙනවා. එක දවසිකින් මේ ගෑස් ටික ඉවර වෙයි කියලා හිතුවත් අදටත් අවුරුදු 40 තිස්සේ මේ අපායේ දොරටුව ගිනි ගන්නවා.


මෝහන ගඟ - පිලිපීනය

Enchanted River (Surigao Del Sur, Philippines)

මෝහන ගඟ විදිහට ප්‍රසිද්ද වෙලා තියෙන හිනටුවාන් ගඟ තමයි පිලිපීනයේ තියෙන පිරිසුදුම වතුරඅඩංගු ගඟ වෙන්නේ. අන්තර්ජාලයේ හමු වන ඡායාරුප බොහෝ දෙනෙක් පවසන්නේ ෆොටෝෂොප් වලින්වෙනස් කරපු රූප විදිහටයි. මොකද ඒ ගඟේ වතුර ඒ තරමටම පැහැදිලියි. ඒ වගේම ස්වදේශිකයන් විශ්වාස කරනවා එහි සුරංගනාවන් ජිවත් වන බව. මාළු අල්ලන අය පවසන්නෙ මේ ගඟේ කොච්චර මාළු හිටියත් ඒ අයට කවදාවත් උන්ව අල්ල ගන්න බැරි වුනා කියලයි.



හෙනම් තවත් ලිපියකින් පසුව හමු වෙමු.

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved