Must Read

Monday, April 4, 2016

අදරේ කරන විදි

අපි හැමෝම ආදරය කරනවා නේද.... ආදරේ අපිට නැතුව බෑනේ. කවදාහරි අපි හැමෝම ආදරේ කරලා
 දවසක වෙනම පවුලක් බවට පත්වෙනවා. කොහොමහරි අපි හැමෝම එක එක ආකාරයට ආදරය කරනවා.
ලංකාවේ විවිධ ආකාරයේ ආදරවන්තයෝ ඉන්නවා.

1. නමයේ දහයේ පන්තිවල පාසල් ලව්...
    මේ ලව් විශේෂය බොහෝ විට මාස කීපයකට පමණක් සිමා වේ. ඉතාම සුළු ප්‍රමාණයක් විවාහය දක්වාම ගෙනයයි. නමුත් මේ ප්‍රමාණය අතේ ඇගිලි ගන්නටත් වඩා අඩුයි. ලියුම් වලින් හා මිතුරන් හරහා සන්නිවේදනය බොහෝ විට සිදු වේ. කොහොමවුනත් දැන් නම් 1100 දුරකථන වලින්ද රෑට රෑට සන්නිවේදනය සිදු වේ. කැන්ටිමෙන් මුරුක්කු පැකට් එකක් පොඩි චොකලට් එකක් වගේම පුංචි රෝස මලක් තෑගි වශයෙන් හුවමාරු වේ. ගැහැණු ළමයි නම් බොහෝ වෙලාවට පුංචි ලේන්සුවක තම නමේ මුල අකුර හා පෙම්වතාගේ නමේ මුල අකුර මසා තෑගී කරයි. බොහෝ නව යොවුන් වියේ පාසල් දරුවන් පාසල් ප්‍රේමය විදි.යුවල බස් එකේදී හමු වේ නම් බොහෝ විට පිරිමි ළමයා විසින් බස් ටිකට් ගනී. පෙම නැවතුන විට තම අත කපා ගැනීම පිරිමි ළමුන්  බොහෝ විට සිදු කරන අතර තම ඇගිල්ල කපගෙන තම ලේ වලින් අත්සන් තමා ලියුම් ලිව්මත් බොහෝ අය සිදු කරයි.



2. ඒ ලෙවල් ලව්.....
    මේ ලව් විශේෂය ඇති වන්නේ ඒ ලෙවෙල් වලට පන්ති යන කාලයේදීය . නිතර නිතර දකින තම හිත ගිය මිතුරිය තමාගේ කර ගැනීමට කොල්ලන් හින දකී. තමන් හදුනන වෙනත් මිතුරියක් ආදරයෙන් ගැහැණු ළමයාගෙන් කැමැත්ත ඇසීම මෙහිදී බොහෝ ජනප්‍රියය. ටික කලක් ඇස් වලින් ආදරේ කර පහු පහු වන විට පන්ති කට් කොට තැන තැන එක් වේ. ගෝල්ෆේස් ඒක විහාරමහා දේවි පාර්ක් ඒක ගන්ගාරාමේ බොහෝ විට මොවුන් ගැවසෙන තැන්ය. රැට රෑට පාන්දර වනතුරු මල් කැඩීමත් මොවුන් අතර ප්‍රසිද්ධය. මෙය බොහෝ විට sms හරහා සිදුවේ. airtel sim ඒක මොවුන්ගේ හොදම මිතුරාය. දෙදනා තරහා වූ විට කොල්ලාගෙන් කෙල්ලගේ මිතුරියට බේරුමක් නැත. බොහෝ විට ඔහු දුක පවසන්නේ ගැහැණු ළමයාගේ හොදම මිතුරියත් සමගය. මේ ලව් විශේශයද දිගුකල් පැවතීමේ සම්භාවිතාවය අඩුය. නමුත් බොහෝ විට අවුරුදු 2කට ආසන්න ප්‍රමාණයක් පවතී.


3.කැම්පස් ලව්....
   මේ ලව් විශේෂය බොහෝ විට විවාහය දක්වාම දිව යයි. බොහෝ විට කෙල්ලට වඩා කොල්ලා සීනියර් කෙනෙකි. කැම්පස් එකට අලුත් නැව් එන කාලයට මාන බලා හොදම කොක්කක් සෙට් කර ගැනීම කැම්පස් අයියලාගේ ප්‍රධානම රාජකාරියකි. බොහෝවිට දෙදෙනා බොහෝ දුර පලාත්  වලය. huch සිම් මොවුන්ගේ හොදම මිතුරායි. රෑ පුරා මල් කැඩීම සිදුවේ. සමහර අවස්තාවල කොල්ලාගේ නොට් ටික සම්පුර්ණ කර දෙන්නේ කෙල්ලයි. ඒ වගේම කොල්ලාගේ ඇදුම් තම බෝඩිමට ගෙනවිත්  සෝදා දීම සමහරක් පෙම්වතියන් සිදු කරයි. නිවාඩු දින වලදී පන්සල් යෑම මුහුද බලන්නට යෑම මොවුන් ප්‍රිය කරයි.  ආදරේ නතරවුවහොත් තත්වය ටිකක් බයානක වන අවස්තාද ඇත. කොහොම නමුත් බොහෝ විට මිතුරන් සමග එක්ව කරටි කඩෙන තෙක් මදුවිතෙන් සප්පායම් වීම නම් සිදු වේ.
ඒ වගේම ජිවිතයෙන් වන්දි ගෙවන අවස්ථාද නැතුවා නොවේ.



4. ඔෆිස් ලව් ....
      ඔෆිස් එකේ සිටින ගැහැණු ළමයෙක් හා මිත්‍ර වීම මෙහිදී සිදු වේ. බොහෝ කාලයක් පැණි හලා අවසානයෙදී කෙසේ හෝ මිතුරු වේ. mobitel සිම් මොවුන්ගේ මිතුරන්ය. බොහෝ විට ඔෆිස් කාලය අවසන් වූ පසු තම මිතුරියව බස් නැවතුම දක්වා ඇරලවයි. ඇය බස් රථයට නැග ටික දුරක් යනතුරු බලා හිද පිරිමි ළමයා නින්වසට යැයි. බස් එකේ යනතුරුදු විටෙන් විට ඉන්නා තැන ඉදගෙනද නැතිද යන වග පෙම්වතිය විසින් තම පෙම්වතාට දැනුම් දේ. ඒ වගේම එකම පැත්තේ දෙදෙනෙක් නම් පෙම්වතියගේ බස් ගාසතුවද පෙම්වතා අතිනි.බොහෝ විට ගෙවල් වලින් අකමැති නොවුණු විට මේවා විවාහය දකවා දිව යයි. හාෆ් ඩේ දමා ඇවිදීමට යාම මොවුන් අතර ප්‍රචලිතය.


5. බස් හෝ ට්‍රෙන් ලව් ...
     මේ ඉතිං බස් කෝච්චි ලව්.. සෙට් කරගන්න ඉතිං මාසයක් විතර යනව. ඇයි ඉතිං හිනාවෙලා, කතා කරල,යාලු වෙලා, ඊටත් පස්සෙ ආදරේ අහන්න එකම බස් එකේ දවස් ගානක් යන්න එපැයි. ඊටත් වඩා හැම තැනම උකුසු ඇස් එක්ක මේව කරන්න අමාරුයි. අදුනන කෙනෙක් අහුවුනොත් ඉතින් සොරි ඩොට් කොම්නේ. ඒ අස්සෙ මේ ලවු එක ගොඩදාගන්න එකත් හරි අමාරුවයි. මොකද ගැහැණු ළමයි ටිකක් බයයි මේ වගේ ලව් එකක් එකපාරටම පටන් ගන්න. ඒ වගේම බස් හෝ ට්‍රෙන් ලව් වලදී ගැහැණු ළමයි රැවටෙන ප්‍රමාණයද වැඩි. මේ ජාතියේ ලව් වලදී නම් පටන් ගන්න ඉස්සර ගොඩාක් දෙපැත්ත ගැනම හොයලා බැලුවානම් තමා වඩා හොද.

6.ෆේස් බුක් ලව්..
  මේ ලව් ජාතියත් බොහොම බයානකයි. බොහෝ විට ආදරේ මුවාවෙන් රැවටීම් මෙහෙදී බොහෝ සිදුවෙනවා . ඉතාම පරිස්සම් විය යුතුයි මේ විදියේ ආදරයක් සොය ගන්නාවානම්. ගැහැණු ළමයාගේ සියලුම පොස්ට් වලට ලයික් දැමීම කොමෙන්ට් දැමීම මෙහිදී බොහෝ ලෙස සිදුවෙනවා. ඒ වගේම ONLINE පැමිණි සැම විටකම ඇය හා චැට් කිරීමද ලව් ස්ටිකර්ස් යැවීමද මෙහෙදී බොහෝ ජනප්‍රියයි. දෙදෙනා කතා කරගත් දිනයකදී හමු වූ පසු ෆේස් බුක් එකෙන් හමු වූ බව පවා ඔවුන්ට අමතකයි. කොහොමහරි හරිම අතලොස්සක් විවාහය දක්වාත් යන බව මා අසා තිබෙනවා.


7.සිරා ලව්...
       විවාහා වෙන්නම හින මවමින් මොවුන් ආදරේ කරයි. නමුත් බොහෝ විට මේවායේද ආයුෂ අඩුය. කාගේ හෝ ඇස් වහක් වැදි හෝ මේවා නතර වන අවස්ථා වැඩිය. එවිට කොල්ලා බොහෝ විට දිගු කලක් විරහ දුක විදි . කෙල්ලද එසේමයි. ජිවිතයෙන් වන්දි ගෙවන අවස්ථාද බිමට ඇබ්බැහි වීමද මෙහිදී දකින්නට ලැබේ.කොහොම නමුත් දෙදෙනා ඉතාම අදාරයෙන් සිටි. රුම් යෑම මොවුන්ගේ ඉතා අඩුය. කැන්දන් යන තුරු ගැහැණු ළමයාව මලක් මෙන් රැකි. පඩි ලැබුණු විට ගැහැණු ළමයා අතින්ද කියක් හෝ තියයි. ඒ වගේම ඇදුම් අරන් දෙයි. උපන්දින සංවත්සර වලදීත් කුමක් විශේෂයක් සිදු කරයි.

8.ප්රෝපොසල් ලව්...
      දෙමාපියන් විසින් සොයා දෙන කෙනා හා ආදරේ කිරීම මෙහිදී සිදුවේ. බොහෝ ඒවා විවාහයෙන්ම කෙලවර වේ. කෙසේ හෝ පවුල රැක ගෙන ඉදිරියට යන පිරිස් අතරේ ටික කලක් ගොස් ඩිවෝස් වෙන අයද මොවුන් අතර ප්‍රචලිතය.
තවත් ආදරේ කරන විදි ඕනේ තරම් ඇති. මේ කිහිපයක් විතරයි. මේවා වෙනස් වෙන වෙලාවලුත් නැතුවා නොවෙයි.එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු.
 

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved