Must Read

Sunday, April 3, 2016

මැජික් එකක් කරමුද...


මැජික් බලන්න අපි හැමෝම කැමති නේද.... කොහොමද ඒ මැජික් අපිට කරන්න තිබුනානම්. සමහර මැජික් දැක්කාම ඒ අය ඇත්තම මායා කාරයෝද කියලත් හිතෙනවා. ඒ තරම් විශිෂ්ටයි . නමුත් ඒ විශිෂ්ටත්වය රැදී තියෙන්නේ ඔවුන්ගේ පුහුණුව මතයි. ඕනෙම දෙකට අවශ්‍ය වන්නේ ඉතාමත් ඉවසිලිවන්ත හොද පුහුණුවක්. අපිටත් ඉතින් ඔය පුහුණුව තුඉන් විශිෂ්ට මැජික් ශිල්පියෙක් වෙන්න පුළුවන්.
ටිකක් ට්‍රයි කරලා බලන්න යාළුවො ටික හරි පුදුම කරන්න පුළුවන් වෙයි......

දෙහිගෙඩියක් ඇවිද්දොත් කොහොමද.. බය හිතෙනවා නේද.. හැබැයි ගොඩක්ම බය හිතෙන්නේ දෙහි කැපිල්ලක් වගේ කරන අතරතුර කට්ටදියාගේ අතෙන් ගිලිහිලා දෙහි ගෙඩිය ඇවිද්දොත් ගෙදරත් දාලා යන්න හිතෙයි නේද... හැබැයි අපිටත් පුළුවන් දෙහි ගෙඩිය අවිද්දවන්න...
රසදිය , ඌසි කාන්දම් සහ හොද විනාකිරි වර්ග තුන එකට කලවම් කර ඒ ටික දෙහිගේඩි යේ නැට්ට පැත්තෙන් ගෙඩිය තුලට ඇතුල් කරන්න ඕනේ. ඊට පස්සේ ඇතුල් කළ ස්ථානය ඉටි ගා ගෙන වසගන්නවා.
මේ දෙහි ගෙඩිය අව්වේ තිබ්බාම රත්වෙනවනේ. රත් වුනාම දෙහිගෙඩිය කිසිම ආදාරකයක් නැතුව පෙරෙලෙනවා.


ගිනි පන්දමක් අල්ලන්න ආසයිද .... හරිම ලේසියි. කෝමාරිකා දඩු තියනවා නේද ඕනේ තරමක් හොයාගන්න. ඒ වගේම අක්කපාන යුෂ ටිකකුත් හොයාගන්න පුළුවන් වෙයිනේ.මේ දෙවර්ගය හොදින් අබරලා ඒ මිශ්‍රණය අතේ ගා වේලෙන්න හරින්න. ඒක වෙලුනාට පස්සේ අපහු මේ මිශ්‍රනේ අතේ ගාන්න. මේ විදියට දෙතුන් වරක් මේ ටික ගැවාම අතේ බාහිර ආවරණයක් වගේ පටලයක් හැදෙනවා. ඉතින් ඊට පස්සේ ගිනි පන්දම අල්ලන්න.. හැබැයි ගිනි පන්දම අල්ලන්න කලින් ගිනි කුරක් වගේ දෙයක් අල්ලලා බලන්න. මොකද හදුනා බාහිර පටලයේ ගනකම මදි නම් මැජික් නෙමේ කරන්න වෙන්නේ හොස්පිටල් ඉන්න තමා වෙන්නේ...


නොපෙනෙන ලියුමක් යවමුද.. පෙම්වතියට එහෙම නැත්නම් පෙම්වතාට කාටත් හොර ලියුමක් යවන්න හොද ක්‍රමයක්.. :D සුදු කඩදාසියක් අරගෙන එහි දෙහි අබුලෙන් වචන ටික ලියනවා. ඊට පස්සේ ඒක වේලෙන්න ඇරියාම මුකුත් ලියලා තියනවා කියලා කාටවත් පෙන්නේ නෑ. මේ කඩදාසියේ නැවත වතුර ගැවම අර අපි කලින් ලියුව අකුරු ටික හොදට පේනවා.

ලේ ගලන දොඩම් ගෙඩියක්. බය හිතෙනවා නේද... හැබැයි අපිටත් පුළුවන් දෙහිගඩියෙන් ලේ ගන්න.
කටු ඉගුරු කරල් ටිකක් අරගෙන ඒවා සුරලා ඒ සුරාගත් ටික දොඩම ඇතුලට ඇතුල් කරන්න ඕනේ. ඊට පස්සේ දොඩම් ගෙඩිය අතින් හොදින් පොඩි කරනවා. ඊට පස්සේ දොඩම් ගෙඩිය ටික ටික කපද්දී දොඩමෙන් ලේ ගලයි..


හෙනම් ඉතින් තවත් ලිපියකින් පසුව හමු වෙමු.

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved