Must Read

Saturday, April 9, 2016

අළුත් අවුරුද්ද



සිංහල අළුත් අවුරුද්ද කියන්නේ ශ්‍රී ලංකාවේ ගොඩක් කාලෙක ඉදලා පවත්වාගෙන එන සංස්කෘතික උත්සවයක්. ඉතින් මේ සිහල අලුත් අවුරුද්දේ පදනම මොකද්ද? අපි හැමෝම දන්නා විදිහට සිංහල අවුරුද්ද උදා වෙන්නේ සුර්යයා මිණ රාශියේ ඉඳලා මේෂ රාශියට සංක්‍රමණය වීමත් එක්කයි. ඉතින් පෘථිවිය සුර්යයා වටේ පරිභ්‍රමණය වෙනවා මිසක් සුර්යයා පෘතුවිය වටේ පරිභ්‍රමණය වෙන්නේ නෑ කියලා අපි හැමෝම දන්නවා. අපිට පෙනෙන සියළුම ආකාශ වස්තු පවතිනවා වගේ අපිට පෙනෙන ගෝලය හඳුන්වන්නේ ඛගෝලය කියලයි. මේ ඛගෝලය තුල තමයි අපිට පෙනෙන තරු රටා පවතින්නේ. ඉතින් අපි ඒ තරු රටා අතරින් 12ක් සුවිශේෂී ලෙස අරගෙන තියෙනවා. ඉතින් මේ තරු රටා අංශක 30 කින් එකිනෙකට වෙන් වෙනවා වගේම මුළු 12 ම එකතු වුනාව අංශක 360ක් වෙනවා. ඒ කියන්නේ සම්පුර්ණ රවුමක්. ඉතින් ජ්‍යෝතිෂයට අනුවනම් ග්‍රහ ලෝකයක පිහිටීම පවසද්දී පවසන්නේ ඒ වෙලාවට ග්‍රහ ලෝකය සිටින රාශිය අනුවයි. උදාහරණයක් අරන් බැලුවොත් ඉතින් නිකම් ශනි දැන් ඉන්නේ වෘශ්චික රාශියේ වගේ. ඉතින් අපිට මේ විදිහට පෙන්නේ දෘශ්‍ය චලිතය නිසයි. ඉතින් මේ අවුරුදු මාසයේ දින දෙකක් තුලදී සිදු වන්නේ මීන රාශියේ අවසන් සිමාවේ හිටිය සුර්යයා මේෂ රාශියට සම්පුර්ණයෙන් ගමන් කිරීමයි. 

නොනගතය උදා වීම

සුර්යයා මීන රාශියේ අවසන් සීමාවෙන් නික්මීමට පටන් ගත්ත ගමන්ම නොනගතය පටන් ගන්නවා. ඊට පස්සෙ ක්‍රමයෙන් සුර්යයා මේෂ රාශියට ඇතුළු වෙනවා. ඉතින් මේ සුර්යයා මීන රාශියත් මේෂ රාශියත් අතර ගත කරන කාලයට තමයි නොනගතය කියන්නේ. නොනගතය කියන වචනයේ තේරුම තමයි සුභ නැකත් නැති කියන එක. ඉතින් සුර්යයා සම්පුර්ණයෙන්ම මේෂ රාශියට ඇතුළු වුනාට පස්සෙ නොනගත කාලය අවසන් වෙනවා. 

හැමදාම මෙහෙම වෙන්නෙ එකම දවසකද?

හැබැයි අපිට හැමදාමනම් සුර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට ගමන් කිරීම අප්‍රේල් මාසෙම සමරන්න වෙන්නේ නෑ. මොකද මීට අවුරුදු 10 කට විතර කලින් අපි අවුරුදු සමරුවේ අප්‍රේල් 12 සහ 13 යන දිනවලයි. ඒත් දැන් සමරන්නේ 13 සහ 14 යන දින වලයි. ඉතින් අවුරුදු ගණනාවකින් පසු එය මැයි මාසයේ සිදු වේවී.

ඒ වුනත් ඉතින් අවුරුද්දේ සැබෑ අර්ථය වෙන්නේ නම් අපේ පරණ වැරදි හදාගෙන තරහ මරහ අමතක කරලා ජිවිතයට නව අරුතක් එකතු කර ගන්න එකයි. ඉතින් අවුරුදු උත්සවය කියන්නේ රටේ සංස්කෘතියට වගේම සමාජ දියුණුවටත් ඉතා වැදගත් උත්සවයක්.

2016 අවුරුදු නැකත්
 
නව සඳ බැලීම - 

අප්‍රේල් 08 වන සිකුරාදා

පරණ අවුරුද්ද සඳහා ස්නානය -
 
අප්‍රේල් 13 වන බදාදා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය මැනවි

අලුත් අවුරුදු උදාව -
 
අප්‍රේල් 13 වන බදාදා අපර භාග 07.48 ට

පුණ්‍ය කාලය -
 
අප්‍රේල් 13 වන බදාදා අපර භාග 01.24 සිට 14 වන බ්‍රහස්පතින්දා පුර්ව භාග 02.12 දක්වා

අහාර පිසීම -
 
අප්‍රේල් 13 වන බදාදා අපර භාග 08.06 ට කොළ පැහැයෙන් සැරසී දකුණ බලා ගිනි මෙලවීම මැනවි

වැඩ ඇල්ලීම හා ආහාර අනුභවය -
 
අප්‍රේල් 13 වන බදාදා අපර භාග 08.54 ට කොළ පැහැයෙන් සැරසී දකුණ බලා මැනවි

හිස තෙල් ගෑම -
 
අප්‍රේල් 16 වන සෙනසුරාදා පුර්ව භාග 10.41 ට නිල් පැහැයෙන් සැරසී බටහිර බලා මැනවි
 
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම -
 
අප්‍රේල් 18 වන සඳුදා පුර්ව භාග 06.27 ට සුදු පැහැයෙන් සැරසී නැගෙනහිර බලා මැනවි  

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved