Must Read

Friday, April 8, 2016

පරිප්පු මසල වඩේ

පරිප්පු වලින් සාදා ගන්නා ආහාර වට්ටෝරු කිහිපයක් ලියන්න හිටියත් කාර්යබහුලත්වයත් එක්ක ඒක ටිකක් අතපසු වුණා. නමුත් අද මන් කියන්න යන්නේ පරිප්පු මසල වඩේ හදාගන්න ආකාරය. ඔයාලා කාලා ඇතිනේ අර රු.5 ට තියෙන්නේ දැන් පාර දිගට කරත්ත වල.. මතක් වුණා නේද අන්න ඒවා හදාගන්න ක්‍රමය ගැන තමයි කියන්න යන්නේ. හදලත් ඇති ගෙදරදී සමහර විට. එහෙම හැදුවානම් බලන්නකෝ මේ විදියටද හැදුවේ කියලා.


ඔන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික

පරිප්පු 500g
හීනියට කපාගත්ත රතු ළුණු 250g
හීනියට කපාගත්ත අමු මිරිස් කරල් අවශ්‍ය ප්‍රමාණයට.. (කොච්චි උනත් පාවවිච්චි කරන්න පුළුවන්)
කෑලි මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට
කුඩු කරගත් උම්බලකඩ 250g
කරපිංචා කොළ ටිකක් හීනියට කපාගෙන
අවශ්‍ය පමණට ලුණු
පොල්තෙල්
දෙහි ගෙඩියකුත් ඕනේ

මුලින්ම පරිප්පු ටික සොදලා පිරිසිදු කරන් පැය 3ක් පමණ පෙගෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ පොගවාගත්ත පරිප්පු ටික පෙරාගෙන අබරා ගන්නවා.
ඊට පස්සේ අර අබරා ගත්ත පරිප්පු ටිකට  හීනියට කපාගත්ත රතු ළුණු 250g, අමු මිරිස්,  කෑලි මිරිස්, උම්බලකඩ, කරපිංචා කොළ ටික, අවශ්‍ය පමණට ලුණු සහ දෙහි යුෂ ටිකයි එකතු කරන් හොදින් අනාගන්න ඕනේ.
අනාගත්ත මිශ්‍රණය ටික ටික ගෙන කැමති හැඩේකට හදාගෙන රන්වන් පැහැ වෙනකම් බැදගත්තා නම් හරිම රසයි.

කඩේ තියන කෑම කොහොම හදනවාද කියලා අපි දන් නෑනේ. ඉතින් ගෙදරදී හදාගන්න එක ඇගටත් ගුණයි හිතටත් හොදයි.. උත්සහා කරලා බලන්න ඔයාලත්..

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved