Must Read

Friday, April 8, 2016

පරිස්සමින් ඌ නෑයා


සල්ලි තියන 
කලට ඉන්න
නැති කොට 
නෑ හොයාගන්න 
කවුරුද මේ 
සක්වලයෝ
නෑ දෑයෝයි 
අරුම පුදුම  

අත මිට 
හොද සරු කාලෙට
පෝලිමේ විත් 
පණ දෙන්නට 
නැත පිච්චිය
දැනගත් පසු 
වාෂ්ප වී 
නොපෙනී යන 

උවමනාව ඇති 
වූ විට 
අතින් කටින් 
බඩු අරගෙන 
අනේ අක්කේ 
අනේ අයියේ 
නෑදෑකම් 
මතකෙට එන 

අපිට ඕනේ 
වෙලාවකට 
හරි බිසිය 
ඔවුන් සැවොම 
පාරේදී දැක්කත් 
උන් සැම 
දැකලා නෑනේ 
හරි පුදුමය 

ලෝකේ පුදුම 
හතක ඇතේ 
තේරු අය 
ආවොත් මෙහෙ 
ලෝකේ පලවෙනි 
පුදුමය 
නෑයෝ කරති  
මයේ හිතේ 

දැක්කොත් මේ 
කවිපන්තිය
මගේ නෑයෙක් 
මළකෙළියය 
රීරි යකා 
ඔලුවට ගෙන 
දෙහි කපනවා 
මට සිකුරුය 

හොද නැයෝත් 
ලොවේ අතේ 
බහුතරයක් 
වේයෝ වෙතේ 
උන් අපහට 
වළ කැපුමට 
බලන් ඇගිලි 
ගණන් කෙරේ 

කොඩි විණ 
අණ විණ කරලා 
ඉරිසියාව 
ඇත පතුරා 
එනකොට 
උපදෙස් දෙන්නට 
මතක් වෙනවා 
හොද එව්වා 

කවුරුන් හෝ 
මළගිය පසු 
අනේ මගේ 
බුදු නෑයා 
කියාන එන 
විස සර්පයා 
පරිස්සමින් 
ඌ නෑයා 



0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved