Must Read

Saturday, April 9, 2016

ආණ්ඩු පෙරලපු ආප්ප ;)

ආප්ප  අපේ  රටේ  හරිම ප්‍රසිද්ධ ආහාරයක්නේ.. මේ ලගකදී ඉදන් ආප්ප ගැන බොහෝ දෙනෙක් කතා වුණා. මොනවා උනත් ඉතින් ආණ්ඩුවක් පෙරලපු ආහාරයක් නිකන් නෙමේ... ඒ වගේම ආප්ප රු 10ක ට වගේ  ගමේ පෙට්ටි කඩෙන් ගන්නත් පුළුවන්. ඒ වගේම රු 250 ටත් ආප්ප තියනවා කියලා පහු ගිය කාලේ ආරංචි උනානේ. කොහේ කොහොම තිබ්බත් තමන්ගේ අම්මා අතින් හදන ආප්පයක රසය නම් ලොවේ කොහෙත් නෑ. මොකද අම්මාගේ ආදරෙත් ඒ ආප්ප වල තියනවානේ. ඒ වගේම තමන්ගේ දරුවන්ට තමන්ගේ අතින්ම කෑමක් හදලා දෙන්නත් අම්මාවරු හරිම කැමතියි. එකෙන් පවුල අතර තියන සම්බන්ධතාවයත් වැඩිවෙනවානේ. මන් අද කියන්න යන්නේ ආප්ප හදාගන්න විදිය. ඇත්තටම මේ රෙසිපි එකත් අපේ අම්මගේම තමයි...


මුලින් අවශ්‍ය කළමනා ටික කියලා ඉන්නම්කො..
හාල් පිටි 500 g
ඊස්ට් මේස හැදී 2ක්
මිටිකිරි අඩු කෝප්ප බාගයක්
සීනි ස්වල්පයක්
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
පොල් වතුර අඩු කෝප්පයක්

මුලින් පිටි ටික හලාගෙන ඒ පිටි එකට සිනි ටික යිස්ට් ටික හා පොල්වතුර ටික දාගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික අතට ඇලෙන් නැති පදමට හොදින් අනාගන්නවා. ඔන්න ඊට පස්සේ මේ මිශ්‍රණය පැය දෙකක් පමණ පිපෙන්න තියන්න ඕනේ.
හොදින් පිපුනට පස්සේ මිටිකිරි ටික එක් කරගෙන අවශ්‍ය නම් අර තාච්චියෙන් ගැලවෙන්න ලේසි වෙන්නත් එක්ක බිත්තරයක් දමා පිටි ටික මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ ආප්ප තාච්චියක් අරගෙන එකට තෙල් ටිකක් ගා ගෙන හොදින් රත් කර ගන්න ඕනේ. රස්නය වැඩිම උනොත් නම් ටිකක් ලිප නිවා ගෙන නැවත පත්තු කරගත්තා නම් හරි. ඊට පස්සේ හරියට රත් වුන තාච්චියට පිටි මිශ්‍රණයෙන් හැන්දක් දාගෙන වටේට කරකවගෙන පියනකින් වහගන්න ඕනේ. මිනිත්තු දෙකක් විතර යද්දී ආප්පේ හොදට පිසෙනවා. පාට වීගෙන සුවද හමන ආප්පේ හැන්දකින් ගලවා ගත්තාම වඩේ හරි.
බිත්තර ආප්ප නම් හදන්නේ ආප්පේ හැදීගෙන එද්දිම ඒකට බිත්තරයක් කඩා දමා ආප්පය පුච්චා ගත්තානම් හරි.
ආප්ප ටිකත් එක්ක ලුණු උම්බලකඩ ළුණු කෑලි මිරිස් දෙහි ටිකක් යහමින් දා ගෙන කොටා සාදා ගත් කට්ට සම්බෝලයකුත් හදාගත්තානම් මේසෙට පිලිගැන්නුව ගමන්ම ආප්ප ටික කොහෙන ගියාද දන් නැති වෙයි...

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved