Must Read

Friday, April 1, 2016

අම්මා



සිත පුරා රැදී ඇගේ ආලෙන් අපව  නැහැවූ   මාගේ අම්මා
ළය පුරා පිරි උණුහුමින් ඇගේ අපව සැනහු   මාගේ අම්මා 
කුසේ හොවලා දසමසක් අප ලොවට බිහිකළ  මාගේ අම්මා 
මගේ ලෝකය එළිය කල ඔබ සදා වජැබේ  මාගේ අම්මා 

මේ තරම් ආදරේ කොහේ සිටදැයි මටම හිතෙනවා  මගේ අම්මේ 
නිමක් නොපෙනෙන  ඔබේ ආලේ උල්පතක්මයි මගේ අම්මේ 
ආලේ රැළි නගන මහා කිරිසයුර ඔබම වේමයි මගේ අම්මේ 
ඔබේ උකුළේ නැලවෙන්න මට තාම ආසයි  මගේ අම්මේ 

පාළු අලුයම එලිය කර දුන්න උදේ  අරුණැල්ල   මගේ අම්මා 
විඩාපත් වුන මගේ ගත සිත සනැහු මද නළ  මගේ අම්මා  
මැලවිලා ගිය මගේ මනසට සිසිල් දිය පිඬ  මගේ අම්මා  
මහා දහවල වෙහෙස හැර දුන් සඳ කුමරියයි  මගේ අම්මා 

හිනහැදදී අපි අපට වැඩියෙන් සතුටු වුයේ  ඔබයි  අම්මා
අපේ සතුටින් කුස පුරෝගත් උත්තමාවිය  ඔබයි   අම්මා  
විසල් සල් රුක මලින් ඉතිරුණ සවිය අපගේ  ඔබයි  අම්මා  
දරුවෝ වෙනුවෙන් දිවිය කැප කල උතුම් දෙව් ලිය  ඔබයි  අම්මා      

වැටෙන වැටෙනා සෑම මොහොතෙම මාව  එසවූ  මගේ   අම්මා       
නිමක්  නොවනා ආදරයෙන් අප සැවොම සැනහු මගේ  අම්මා 
අපේ දිවියට  ඇද හැලෙන මහා වැස්සකි ඔබ මගේ   අම්මා 
පළමු තැන ලොවේ මගේ රැජිනයි ඔබම වේ ඇය   මගේ   අම්මා 

ජය ටැබ කෙරේ පාර සැදු   සදවතියයි මගේ අම්මා       
මගේ දිවියට සවිය දොවන දිය උල්පත මගේ අම්මා  
දිවි ගමනේ සුවය සැදු සදුන් සිසිල මගේ  අම්මා 
මතු දවසක බුදුන් දැකලා නිවන් දකිත් මගේ අම්මා     

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved