Must Read

Friday, April 1, 2016

ටාර්සන් ගැන නොදත් කරුණු - TARZAN

ටාර්සන් කියන්නේ හැම කෙනෙක්ම වගේ දන්න චරිතයක්. ඉතින් මේ කැලේ රජා Edgar Rice Burroughs අතින් ලියවුනු නවකතා 24 කට පාදක වෙලා තියෙනවා. ඒ වගේම ඊට පසුව Fritz Leiber, Joe Lansdale, Philip Jose Farmer, Robin Maxwell සහ Will Murray යන ලේඛකයන් අතින්ද තවත් නවකතා ලියවී තිබෙනවා. ඒ වගේම ටාර්සන් කියන්නේ තවත් බොහොමයක් කෙටි කතා, චිත්‍ර කතා, චිත්‍රපටි, කාර්ටුන්, රේඩියෝ වැඩසටහන් වලට දායක වුනු චරිතයක්. ඒ වගේම මේ 2016 ජුනි වලදී ටාර්සන් ගේ අලුත්ම චිත්‍රපටිය The Legend of Tarzan එලි දක්වන්න නියමිතයි. ටාර්සන් ගැන අපි දන්න දේවල් පොඩ්ඩකට පැත්තකින් තියලා අපි බලමු ගොඩක් අය නොදන්න දේවල් ගැන.

ටාර්සන්ගේ නම හැදුනු හැටි 



Edgar Rice Burroughs අතින් නිමවුණු ටාර්සන් ගේ ලෝකයේ මහා වානරයන්ට වෙන්වුණු වෙනම ප්‍රාථමික භාෂාවක් තියෙනවා. ඒ භාෂාවෙන් "ටාර්" කියන එකේ තේරුම සුදු කියන එක. "සන්" කියන්නේ හමට. ඉතින් මේ දෙක එකතු කරපු ටාර්සන්ව හදා ගත්ත වානර අම්මා කාලා විසින් සුදු හම කියන තේරුම ඇතිව ටාර්සන් ව නම් කලා කියලා තමයි නවකතාවේ සඳහන් කරන්නේ.

නමුත් Edgar Rice Burroughs ටාර්සන් නම මුලින්ම කල්පනා වෙලා තියෙන්නේනම් එහෙම නෙවෙයි. ඔහු 1910 චිකාගෝ වල ජිවත් වන දවස් වල දකුණු කැලිෆොර්නියානු සමාජයක් වුනු ටාර්සානා වලට හිත ගිහින් තියෙනවා. ඔහු එහි ඉඩම් පවා මිලදී ගෙන තියෙනවා. ඉතින් ඊට අවුරුදු ගානකට පස්සෙ මේ වානර බබාට නමක් ඕනේ වුනහම ඔහු කලේ ටාර්සානා ( TARZANA ) අගින් A අකුර අයින් කරපු එකයි. 1930 වෙනකම් ටාර්සනා සමාජය නිත්‍යානුකුල ලෙස නම් කරලා තිබ්බේ නැති නිසා ටාර්සන් නිසා ටාර්සානා කියන නම ඇති වුනා කියලා මිත්‍යාමතයකුත් ඇති වෙලා තියෙනවා. 

ගොරිල්ලෝ කියලා හිතුවට ගොරිල්ලෝ නෙවෙයි



ගොඩක් අය හිතන් ඉන්නේ ටාර්සන් හැදුනේ ගොරිල්ලන් වර්ගයක් සමඟ කියලා. සමහර චිත්‍රපටි වල යන්නෙත් එහෙමයි. ඒ වුනත් ඇත්තටම ටාර්සන් හැදුනේ විද්‍යාව විසින් හොයා නොගත් වානර විශේෂයක් සමඟ. ඔවුන් ශක්තියෙන් හා ප්‍රමාණයෙන් ගෝරිල්ලන්ට සමාන වුනත් අනිත් දේවල් වලින් වෙනස්. විශේෂයෙන්ම ඔවුන් ගොඩක් බුද්ධිමත් වගේම කෙලින් ඇවිදින්න පුළුවන්, සත්තු දඩයම් කරනවා, මස් කනවා තවත් තමන්ටම කියලා භාෂාවක් පවා තියෙනවා. මේ වානරයන් තමන්ව හඳුන්වා ගන්නේ මන්ගානි විදිහට. ඒ අය වානරයන්ට කතා කරන්නේ බොල්ගානි කියලා. Tarzan of the Apes කතා පොතේ ටාර්සන්  ගෝරිල්ලෙක් එක්ක සටන් කරන ටාර්සන් මැරෙන්නම වගේ යනවා කියලා පොත කියවපු අය දන්නවා ඇති. 

නැති වුනු ශිෂ්ඨාචාර 



Edgar Rice Burroughs ට කලින් අප්‍රිකාව ගැන ප්‍රබන්ධ කතා ලියපු අය ගොඩක් ඉන්නවා. ඒ අයගෙන් මෙන්ම වෙනත් කෘති වලිනුත් අදහස් ගෙන ඔහු බොහොම අපුරුවට අප්‍රිකාව ඇතුලත නැති වුනු ශිෂ්ඨාචාර ගොඩ නගලා තියෙනවා. ඒ වගේම ඔහුගේ නිර්මාණ පසුව තවත් නිර්මාණ වලට බලපාලා තියෙනවා. උදාහරණයක් විදිහට අන්තිම ඇට්ලන්ටික් වාසස්ථානය වෙච්ච ඔපාර් ඒ කියන්නේ මැණික් පිරිච්ච කොට වානර මිනිස්සුයි ලස්සන කාන්තාවෝයි ඉන්න නගරය බයිබලයේ සඳහන් වෙන පෝසත් නගරයක් වන Ophir නගරයෙන් අදහස් ගෙන හදපු එකක් කියලා හිතන්න පුළුවන්.

දෙවියන්ගේ නගරය ( CITY OF GOD) කතාවේ බ්‍රිතාන්‍ය විද්‍යාඥයෙක් තමන්ගේ ජාන වෙනස් කිරීමේ හැකියාව යොදාගෙන තමාගේ මනස ගෝරිල්ලෙක් තුලට ඇතුළු කර ගන්නවා. ඒ වගේම තවත් ගොරිල්ලන්ට මිනිස් බුද්ධිය ලබා දෙන ඔහු ඔවුන්ව අට වෙනි හෙන්රි සහ ඔහුගේ රාජ සභාවේ පෞර්ෂය ලබා දෙනවා. ඉතින් මේ බුද්ධිමත් ගොරිල්ලන් බොහෝ දුරට අපි හැමෝම දන්නා ෆ්ලෑෂ් ගේ හතුරා වෙන ගෝරිල්ලා ග්රොඩ් ව හැදෙන්න බලපාලා තියෙන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. තව කුඹි මිනිස්සුන්ගේ නගරය, පිස්සු මිනිස්සුන්ගේ නගරය, මායකාරයෙක් මැණිකකින් තමන්ගේ මිනිස්සුන්ව පාලනය කරන නගරය වගේ ගොඩක් නගර  Edgar Rice Burroughs අතින් නිර්මාණය වෙලා තියෙනවා.

බ්‍රිතාන්‍ය වංශාධිපති ටාර්සන්



ටාර්සන් තමන්ගේ වැඩි හරියක් වැල් වල පැද්දි පැද්දි ගත කරත් ඔහු ඇත්තටම බ්‍රිතාන්‍ය වංශාධිපතියෙක්. ලෝර්ඩ් ග්රෙස්ටෝක් කියලා පොතේ හැම තැනම තිබ්බත් ලෝර්ඩ් කියන්නේ ඇත්තටම එංගලන්තයේ තනතුරක් නෙවෙයි. එහෙම කතා කරන්නේ උසස් තනතුරක් තියෙන අයට. The Return of Tarzan පොතේ අන්තිමට Burroughs එලි කරලා තියෙනවා ටාර්සන් විස්කවුන්ට් කෙනෙක් කියලා. ඒ කියන්නේ උසස් වන්ශාධිපතියෙක්.

ටාර්සන්ගේ ගෙදර ගහක් උඩ නෙවෙයි.



ගොඩක් චිත්‍රපටි වල වගේම කාර්ටුන් වලත් ටාර්සන් ගේ ගෙදර විදිහට පෙන්වන්නේ ගහක් උඩ හදපු සෙල්ලම් ගෙයක් වගේ එකක්. ඇත්තටම ටාර්සන් ශිෂ්ඨාචාර ගත වෙන්න කලින් ඔහුට ගෙයක් කියලා එකක් තිබ්බේ නෑ. හැබැයි ඊට පස්සෙ ඔහු අප්‍රිකානු ගොවිපලක තියෙන බංගලාවක තමයි ජිවත් වෙන්නේ. ටාර්සන් ගේ පුත්‍රයා කතාවේ මේ ගැන හොඳටම විස්තර වෙනවා. ඔහුත් සමඟ ඔහුගේ මිත්‍ර අප්‍රිකානු ගෝත්‍රිකයන් බොහොමයක් ජිවත් වෙනවා.

ජේන් ව මරපු හේතුව 



Tarzan of the Apes චිත්‍රපටියේ මුලින්ම රඟපාපු නිළිය තමයි  Enid Markey. ජේන්ගේ අවාසනාවට මේ නිලියට තිබුනේ කළු පැහැති කොණ්ඩයක්. කතා පොතේ ජේන්ගේ කොණ්ඩය තඹ පැහැතියි. මේකට Burroughs කොච්චර කේන්ති ගියාද කියනවනම් ඔහු ඊළඟ කතාවේදීම ජේන්ව මරලා දැම්මා. Tarzan the Untamed කෘතියේ 1 වෙනි ලෝක යුධ සමයේදී නැවත නිවසට පැමිණෙන ටාර්සන් ට දකින්න ලැබෙන්නේ තමන්ගේ ගිනි තියපු ගෙදරයි පුච්චපු සේවකයනුයි තමන්ගේ බිරිඳ ගේ මුද්ද සහිත මල සිරුරකුයි. ඉතින් මේ හේතුවෙන් ටාර්සන් බීස්ට් මොඩ් එකට වැටෙනවා. තමන්ට හම්බවෙන හැම ජර්මානුවෙක්ම දරුණු මරලා දාන වදිහ කියවලම බලන්න වටිනා පොතක්. මට මතක විදිහටනම් නොදැමුණු ටාර්සන් නමින් තමයි සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඒත් ටාර්සන් ට අන්තිමට හොයා ගන්න ලැබෙනවා තමන්ගේ බිරිඳ මැරිලා නෑ කියලා. තමන්ගේ සේවිකාවක් පුච්චලා ජේන්ගේ මුද්ද දාලා ටාර්සන් ව රැවටීමක් තමයි කරලා තියෙන්නේ.  Burroughs මොකක් හරි හේතුවකට අන්තිමට ජේන්ගේ දෛවය වෙනස් කළා.

අමරණීය ටාර්සන් සහ ජේන් 



Tarzan’s Quest කතාවේදී අමරණීය කවුරු ගෝත්‍රිකයන් අනෙක් ස්ත්‍රීන් සමඟ ජේන්වත් පැහැර ගන්නවා. ටාර්සන් ජේන් ව බෙර ගත්තට පස්සෙ ඔවුන් නැවත පැමිණෙන්නේ අමරණීය පෙති පෙට්ටියක්ම එක්කයි. ඔවුන් ඒවා තම තමන් අතර බෙදා ගන්නවා. ටාර්සන් තමන්ගේ හුරතලා නිකිමා ටත් එකක් දෙනවා. හැබැයි ටාර්සන් ගේ පුතාටයි පුතාගේ බිරිඳ මීරියම් ටයි මේවා හම්බුනාද කියලනම් සඳහනක් නෑ.





0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved