Must Read

Saturday, April 2, 2016

ඈ අභිසාරයක්ලූ


සුදු මල් වැටි රෝස කුඩේ
දෑගිලි වල පටලාලා
දණිස් ලගට වැටුන සාය
හතර අතට ගස්සාලා
බස් නැවතුමේ පැද්දි පැද්දි
හතර අතට දෙනෙත්‍ යොමා
ඇය නම් ඒ හොදම ගොනෙක්
පාරේ එවුන් කියති කතා

පිරිම් පහක් එක්ක රෑට
ඈ කැමතිලු නිදිය ගන්ට
සැප දෙනවලු එන කෙනෙක්ට
හරි ආසලු සල්ලි වලට
ලස්සන ඇගේ රූ සපුවට
කැමතිලු ඇගේ ඇස් යුගලට
දහස් ගණන් ගෙවා ගන්ට
ඉන්නවාලු පිරිස් එමට

යාලූ වෙලා සිටිය ඇගේ
පෙම්වතාගේ නමට පිදු
ආදරයම ශාපෙ වෙලා
අභිසාරිය වන්නට වුණු
පොඩි මල්ලිගේ පිළිකාවට
ගන්ට බෙහෙත් ඈ විකුණුනු
අසරණ ඒ ගැහැණු හිතක්
සමාජයෙන් පිළිකුල් වුණු

නිදා ගන්න පිරිමි සැමදා
රටේම ලොකු මහත්වරුලු
හොද වැදගත් රට පුරාම
හරි හිත හොද සිල්වත්තුලු
ඔවුනට රෑ සැප දෙන ඇය
අභීසාරිය වී සිටිලූ
පන්සල් හැම පල්ලි සැමදා
ඈ වෙනුවෙන් දොර වැසිලූ




0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved