Must Read

Saturday, April 2, 2016

තරහා වෙලා


පැත්තකට වී චූටි දෝණී
මූණ ඇද වෙලා සද්දේ අඩු වෙලා
අම්මා එක්කලා තරහ වීලද
මොකෝ මේ අද නිහඩ වීලා 

අම්මා ආදරේ අක්කටයිලු
චූටී දෝණිගේ හිත රිදීලලු
රෝස කම්බුල් රතු වෙලාලූ
අම්මටත් දැන් හරි දුකයිලූ

චූටි දෝණිගේ සිනා මැකිලා
නිවස පාළුයි නොවේදෝ
පුoචි ටෙඩියාව විසික් කරලා
චූටි දෝණී කොහෙදෝ

බෝනිකිත්තා බෝනිකිත්තා
කියා සැම තැන දුවාපු
චූටී දෝනී පැත්තකට වී
ඇයි තරහ මේ කියන්නෝ

අම්මා අක්කගේ පොතක් කියවලා
එකදෝ මේ හරි වැඩේ
ඔයාගේ පොඩි අක්කනේ අනේ
අහන්නකෝ මගෙ වස්තුවේ

ඕනේ නෑ මට තරහමයි මම 
හරිම නලකයි කියලා
චූටී දෝණී තාම පැත්තක
කදුලු ඇස් අග පුරවලා

අම්මා කුක්කූ ඕනේ කාටද
අම්මා ඇහුවා ලන්වෙලා
චූටී දෝණිගෙ පුoචි මුහුණේ
ඇදුනා ලස්සන මල් හිනා

ඕනේ නෑ මට ඕනේ නෑ මට
බිම හැපීලා කියාලා
මෙන්න කාටත් හොරෙන් ඇවිදින්
තුරුල් වීලා හිනහිලා

රණ්ඩු අල්ලලා හරිම වෙහෙසයි
චූටී මූණත් මැලවිලා
අනේ කාටත් හොරා රහසෙම
චූටී දූ නිදි ගිහිල්ලා...

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved