Must Read

Monday, March 28, 2016

ලේ වතුර වී ගියත් නැති නොවුණු ආදරය





දැක නිහඬ ඔබේ වත අහස් ගැබ අඳුරු  විය
ඔබ නොමැති බවින් මුළු පරිසරය නිසල විය   

සිතක් තුල සඟවන්න නොහැකි දුක  පා කියන 
සියුම් හඬ පරදවන  කඳුළු බිඳු   ඉකි බිඳෙන

පෙර දිනෙක මා සමග සිනා සුන ඔබ නොවේද
අද දිනෙක පරව ගොස් මුකුලිතව කඳුළු මැද

ධවල ධජ මග දෙපස එසවුනා ඔබෙ නමට
පිරිත් ගී කියවුනා නිසල වුනු ඔබෙ වතට

දනිත් මේ දිවිය තුල ඔබ නැවත නොඑන බව
දැන ගන්න හදවතක් ඔබෙ නමින් ගැසෙන බව

සසල වුනු හදවතක නොනවතින දුක් ගීය  
ලේ වතුර වී ගියත් නැති නොවුණු ආදරය

පැරදුනත් අප සටන හා කෙරුණු ඒ අසුර 
නොහැකි විය පරදන්න ආදරය අප අතර

යලි දිනෙක සසර තුල හමු වේවි නිසැකවම
එවිට යලි ලෙන්ගතුව දිවි ගෙවමු පෙර සේම

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved