Must Read

Monday, March 28, 2016

පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ



පුoචි මලිතී එයාගේ අම්මයි තාත්තයි එක්ක ගම් මැද්දෙ පුoචි පැළක ජීවත් වුනේ හරිම සතුටෙන්. මලිතිගේ තාත්තාගේ රැකියාව වුණේ තැබිලි කඩා ඒවා විකිණීම. අහල පහළ ගෙවල් වලින් තැබිලි කඩා ගනිමින් ඒවා විකුණලා ලැබෙන පුoචි මුදලෙන් මේ පුoචි පවුල බොහොම සතුටෙන් ජීවත් වුණා. ටික දවසක් යද්දි පුoචි මලිතිට නoගි කෙනෙක් ලැබෙන්නයි යන්නේ කියලා මලිතිගේ අම්මා මලිතිට කිව්වා. පුoචි මලිතිට හරිම සතුටුයි. දින සති මාස ගෙවි ගියා පුoචි මලිතිගේ අම්මාට නoගි ලැබෙන්නත් දින ලන්වුණා. දවසක් මහ රෑ ජාමේ මලිතිගෙ අම්මාට හොදටෝම අමාරු වුණා. දැන් වගේ නෙමෙයි ඉස්සර වින්නබූ අම්මාගෙ උදව්වෙන් ගෙදරමයි අම්මලාට දරුවෝ ලැබෙන්නේ. මලිතිගේ තාත්තා හනිහනිකට ගොස් වින්නඹු අම්මාව එක්ක ආවා. නමුත් හදිස්සියේම මලිත්ගේ අම්මාට සීතලක් සෑදි වෙව්ලන්නට ගත්තා. කිරි කැටි දූ පැටියෙක් මේ ලෝකෙට බිහිකරලා ඒ අම්මා සදහටම දෙනෙත් පියාගත්තා. පුoචි පැටියව හදාගන්න මලිති නෑ සියන් ඉල්ලුවත් තම දරුවන්ට් බොහෝ ආදරය කළ මලිතිගේ පියා ඒ සදහා අකමැති වුණා. 
බොහොම වෙහෙස මහන්සි වී පුoචි දරුවෝ දෙන්නා ටිකෙන් ටික උස් මහත් කරා. ඔහු තැබිලි කැඩීමට යද්දි පුoචි දරුවෝ දෙන්නාත් එක්ක ගියා. දවසේ කුළියට ගමේ මුදලාලිගෙන් බයිසිකළයක් ඉල්ලා ගත් මලිතිගේ පියා ඉස්සරහා පැත්තේ තියෙන් කූඩෙන් පුoචි නoගීවත් බයිසිකලයේ පොල්ල උඩින් මලිතිවත් තියාගනිමින් තැබිලි සොයමින් ගම් පුරා ඇවිද්දා. ආපසු කඩමණ්ඩියට එනවිට පිටිපස්සෙන් තැබිලු ගෙඩි සීයක් විතර තබා බැදගනයි ආවේ.

තැබිලි කඩන්න තාත්තා ගස් උඩ යනකන් පහළට වෙලා පුoචි නoගිව බලා ගන්නේ මලිති. තාත්තා හිමින් සීරුවේ ගහට නගිද්දි පුoචි නoගිට අක්කා කියනවා 'තාත්තා ගහට යද්දි බලන් ඉන්න බයයි නම් අස් දෙක වහගන්න මගේ නoගියේ. මමත් පුoචි කාළේ එහෙම කරා' කියලා.
සමහර දවස් වලට පුoචි නoගි තැබිලි ඉල්ලලා අඩනවා. ඒත් ගස් බඩ ගාලා මහන්සි වෙන තාත්තට විඩා නිවා ගන්න තියෙන්නෙත් එක තැබිලි ගෙඩියයි. ගෙඩි සීයක් කැඩුවත් එච්චරමයි. ඒ නිසා තැබිලි ඉල්ලලා අඩන්න එපා නන්ගියේ. අපිට ජීවත් වෙන්න සල්ලි ලැබෙන්නේ ඔය ටික විකුණගත්තොත් මගේ පුoචි නoගියේ' මේ පුoචි අක්කා හරිම ආදරෙන් නoගිට ඇත්ත පැහැදිලි කරලා දෙනවා.
පුoචි නoගි සෙල්ලමට වගේ හයියෙන් හුස්ම ගනිද්දි පුoචි අක්කාටත් ටිකක් බය හිතෙනවා. මහ සුළග හරිම මුරණ්ඩුයි. තාත්තා ගහේ ඉන්නකොට ගස් සුළගට ඇඹරෙනවා. අපි හුස්ම ගනිද්දි හමන සුසුමටත් ගහට බර වැඩිවෙයිද දන් නෑ.ඒ නිසා තාත්තා ගහේ ඉන්න වෙලාවට අපි හිමින් හුස්ම ගමු නoගියේ කියලා පුoචි මලිති නoගීට උපදෙස් දෙනවා. 

ගෙඩි සියයක් බිම හෙළුවත් 
අපප්චිට එක ගෙඩියයි
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ

ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ

පියෙන් පියට ඉහළට යන

හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියාගන්න නංගියේ
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ

ගෙඩි සියයක්...//

0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved