Must Read

Tuesday, March 29, 2016

පරිප්පු බත් 😊

එලියට බැස්සොත් හොද හොද පරිප්පු කන්න වෙනවා අපිට සමහර වෙලාවට. ග්‍රහයා හොද නැතිවද මන්දා සමහර වෙලාවට පරිප්පුම තමයි. හැබැයි මගේ නම් ප්‍රියතම ආහරය පරිප්පු. ඔය කවුරු මොනවා කිව්වත් පරිප්පු එක්ක මට තියෙන්නේ ආත්මීය බැදීමක්...😂 කොහොම වුනත් පුoචි ලමයාගේ ඉදලා වැඩිහිටියා දක්වාම පරිප්පු ආහාරයට ගන්න කැමති පිරිස වැඩි. දැන් ඔය ටෙලෙවිශන් එකෙත් නිතරම යනවනේ දවස් හතට පරිප්පු හතක් කියලා. හැබැයි ඉතින් ඒ කියන විදියට ඒ ද්‍රව්‍ය යොදාගෙන දවස් හතම පරිප්පු කෑවොත් නම් ටික දවසක් යද්දි මහරගම පිළිකා රෝහලට වෙලා හොද පරිප්පුවක් කන්න වෙනවා.හැබැයි ඉතින් ඔය කියන රසකාරක නැතුව ස්භාවික මිරිස් තුනපහ යොදා ගෙන ගොඩක් රසවත්ව අපිට පරිප්පු විවිද ආකාරයට හදාගන්න පුලුවන්. අද සිට එවැනි රසවත් පරිප්පු වලින් පිළියෙල කරන ආහාර වර්ග හතක් බ්ලොග් සටහනක් විදියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පරිප්පු ව්‍යාoජනයක් එක්ක කුස පුරෝගන්න හරි බතක් තියෙන්න ඕනෙනේ. ඒ නිසා මුලින්ම ඉදිරිපත් කරන්නේ පරිප්පු බත්.


අවශ්‍ය ද්‍රව්‍ය

මුලින්ම මයිසූර් පරිප්පු කෝප්ප හතරෙන් තුනක් විතර පැයක් පමණ වේලාවක් පෙගෙන්න තියාගන්න ඕනේ.
ඊට පස්සෙ මේ කළමනා ටික ලෑස්ති කරගත්තානම් හරි.
කපාගත්ත ලොකු ළූණූ ගෙඩියක්
තලාගත්ත සුදු ළූණූ බික් තුන හතරක්
ලියාගත් කොත්තමල්ලි කොළ ටිකක්
අඹරාගත් අමු ඉගුරු තේ හැන්දක විතර ප්‍රමාණයක්
හීනියට කපාගත්ත මාළු මිරිස් කරලක්
දුනුතෙල් මේස හැදි පහක් පමණ
කුරුදු පොතු කෑල්ලක්
කරාබු නැටි කෑලී හතරක් විතර
කහ කුඩු ඉතාම පොඩි ප්‍රමාණයක්
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
බාස්මති සහල් හෝ කීරී සම්බා වැනි සහල් කෝප්ප එකක්(මේ ටික පැයකට විතර කළින් පෙගෙන්න තියාගන්න ඕනේ.)
සිහින්ව කපාගත්ත ළූණූ කොළ මේස හැදි හතරක් විතර

මුලින්ම පෙගෙන්නට තැබූ පරිප්පු ටික හොදින් සෝදා එයට උණුවතුර එක්කර විනාඩි දහයක විතර කාළයක් තබා පෙරා ගන්න ඕනේ. ඊළගට භාජනයක් ලිප තබා එයට දුන්තෙල් ටික දමා ගන්නවා.ඉන්පසු ඒකට අඹරා ගත්ත ඉගුරු , සුදු ළූණූ , මාළු මිරිස් , ලොකු ළූණූ ආදි ද්‍රව්‍ය ටික දාලා රන්වන් පාට වනතුරු බැද ගන්න ඕනේ.ඒකටම කුරුදු පොතු කරාබු නැටි එක්කර හැදි ගාගන්නවා. ඉන්පසු එයට අර සහල් ටික කළවම් කරගන්න ඕනේ.
මේකට බත තැම්බීමට තරම් අවශ්‍ය වතුර එක්කර ගෙන එයටම ලුණු සහ කහ කුඩු ටිකක් එකතු කරගන්නවා.බත මදක් පිසිගෙන එනකොට එයට අර උණුවතුරෙන් තම්බා ගත් පරිප්පු ටිකත් එකතු කරගෙන හොදින් කළවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මද ගින්නේ බත පිසගත්තාම වැඩේ හරි.

පිසගත්ත බත පරිස්සමින් පීරිසියකට දාගෙන ඒකට අර කපාගත්ත කොත්තමල්ලි කොළ ටිකයි ළූණූ කොළ ටිකයි ලස්සනට දා ගන්න ඕනේ.
මස් කරියක් එක්ක වගේම වෙජිටේරියන් කෙනෙක් නම් මිරිස් හොදි ටිකක් එක්ක මිරිසට උයාගත් බිත්තර කරි එකක් එක්ක මේ බත හරිම රසවත්. මේ කිව්ව ද්‍රව්‍ය වල ප්‍රමාණයන් තුන් දෙනෙකුට හොදටෝම ප්‍රමණවත්...





0 comments:

Post a Comment

Copyright © 2016 Cool Science All Right Reserved