කාළෙකින් දුටුවෙමි වැස්ස
කාළෙකට පස්සේ හොද වැස්සක් වහිනවා. වැස්ස දකිද්දිත් හිතට සතුටුයි. අව් රශ්මියෙන් පීඩා විදපු ඇස් වලට සැබෑම සිසිලසක් ලැබුනා කිව්වොත් හරි. අහසේ දෙයියෝ නෑ කියලා රැප් අයියලා කෑ ගැහුවට කාට කාටත් පහු ගිය ටිකේ වැහි දෙයියෝ නම් මතක් වුණා. පෑයිල්ලත් එක්ක වැස්ස නැති වීම ගැන බොහෝ දෙනා කතා කරා. මැති ඇමතිලත් විවිධ අදහස් වැසි නැති වීම ගැන පැවසුවා.ඔවුන්ගේ යම් යම් අදහස් පහුගිය දවස් වල සියුම් උපහාස රසයක් සැමට ලබා දුන්නා. ඒ අතරේ අපේ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයිනුත් විවිධ මත ඉදිරිපත් කරා. ඒ අතරේ මුහුණු පොතෙත විවිධ අදහස් පළවුණා. කොහොම උනත් අද කාළෙකට පස්සේ වැස්සේ. හිතට දැනුන සතුට කියන්න බෑ. මිදුලේ තිබුන වේලීලා ගිය තණකොළ ටිකටත් අලුත් පණක් ඇවිත්. මන් හිතන්නේ මේ වැස්සෙන් වැඩිපුරම සතුටු වෙන්න ඇත්තේ ගස් වැල්. ඉරු දෙවියන්ගේ චන්ඩිකම් නිසා මැලවිලා වෙලිලා ගිහින් හිටිය ගස් වැල් වලට වැහි දෙවියන්ගෙන් සාදාරණේ ඉටු වෙලා. දුඹුරු පාට වෙලා තිබුන ගස් අතු කොළ අපහු හරිත වර්ණ ගැන් විලා. හෙට පාරට බැස්සාම මේ වෙනස හොදින්ම දැනේවී. ඒ වගේම පහුගිය ටිකේ පාවී පාවී හිටිය දුහිවිලි අoශු ආපහු එක තැන් වෙලා ඉදී හෙට උදේට. බක් මහ ලන් වෙද්දිම ඉඩෝර සමය අවසන් වීම බක් මහේ පින වන්නටත් පුළුවන්. කොහොම වුනත් මාස කිහිපයක් පුරා වේලි වේලි හිටිය ගොඩක් අයට මේ ලැබුනු වැස්ස ජීවිතේ දැකපු වටිනාම වැස්ස වෙන්න ඇති කියලයි හිතෙන්නේ.. ඒ වගේම වැස්ස එනකම් වැඩිපුරම වුවමනාවෙන් බලන් හිටියෙත් මේ වකවානුවෙයි. අවට ඉන්න සතා සිව්පාවටත් බොහොම සතුටු ඇති.සීතළ සුළo රැළි
ගත වෙලා ගෙන
අව් රැල්ලේ උණුසුම
නැති වීලා යාගෙන
ගුරු පැහැය මකමින
හරිත බව රජ කරන
ගහ කොළත් සිනහෙනවා
දුටුවාම මහ වැස්ස
වැහිපොදය බිම වැටෙන
රාවයත් අද මෙමට
කන්කළුය සිත්කළුය
කවදාක නැතිලෙසින
පඩු පැහැය පැතිරිච්ච
දිරාගිය වස්ත්‍ර ටික
ගලවාලා පරිසරය
තෙතබරිත වෙලා අද
ලස්සනය බලන්නට
වෙනදාට නැතිලෙසින
හරිත පැහැ බබළනවා
පරිසරය හැමතැනම
ඉරි තැලී වේලි ගිය
උණුසුමෙන් දැවී ගිය
මහ පොළව දිය බොනවා
ඉවසුමක් නැති ලෙසක
ගුරු පැහැති දිය දහරා
ගලා යන ඉක්මනට
උරා බොන තුරුලතා
තරගයක් වගේ අද
පණ ලැබුනු මල් හෙට
විකසිතව හිනහෙන
සැටි බලන්නට මට
ඉවසුමක් නැත්තේය...!
0 comments:
Post a Comment